තරු වළල්ල

සියදිවි නසා ගන්න හිතනෙවද ? එහෙනම් කියවලා බලන්න


KANCHANA GEETHA MANAMENDRA·TUESDAY, JULY 25, 2017·

ලාංකේය සමාජ සන්දර්භය තුළ මරාගෙන මැරීම මෙන්ම සියදිවිනසාගැනීම ද අපට සාමාන්‍ය සිදුවීමක් තරමටම ඉතා සමීපය.

තමන්ගේ ජීවිතය තමන් අතින්ම විනාශ කරගැනීම මේ අවස්ථා දෙකෙහිදීම සිදු වූවත්, මරාගෙන මැරෙන්නෝ වීරයන් බවට පත්වෙද්දී සියදිවි නසාගන්නෝ බිය ගුල්ලන් ප‍්‍රශ්නවලින් පලායන්නන් බවට පත්වෙති.

අරමුණ කුමක් වුවත් අවසන් සිදුවීම එකකැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. එසේනම් එක් අයෙක් විරයෙක් වෙද්දී අනිකා ජිවිතය පලා ගිය අයෙක් ලෙස නම් කෙරෙන්නේ කුමක් නිසාද යැයි ඔබ සිතුවාද ?

එහි වෙනස්ම වු තත්වයක්ද ඇත .

වෛදික සම්ප‍්‍රධායට අනුව කර්මාණුරූපිව මිනිසෙකුගේ මරණයෙන් පසුවදා කි‍්‍රයාත්මක වන විවිධ යෝග පැවැතී. මෙය ඔබට එතරම් හෙදින් තේරුම් යන්නටනම් උදහරණයක් අවශ්‍ය වනු ඇත .

ඈත අතීතයේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අප පොළෝ තලයේ ඉපදී ජීවත් වී මියගියද වීරයන්, හොරුන් හෝ බියගුල්ලන් යැයි අප කතා කරන්නේ ඉතා සීමිත පිරිසක් පිළිබඳය. එසේම ජීවත්වන කාලයේ කිසිදු ජනපි‍්‍රයත්වයකට පත් නොවූ චරිත මරණයෙන් පසු ජනපි‍්‍රයත්වයට පත් වන්නේ මෙවන් යෝග හරහාය. මෙසේ මරණයෙන් පසු බහුතරයක් අමතක වෙද්දී සිමිත පිරිසක් පිරිසක් ගැන ආවර්ජනය කරන්නේ මරණින් පසුද ඔහුනට බලපාන කර්මාණුරූපි ක‍්‍රීයාත්මක වීමයි.

සියදිවි නසාගැනීමක් සිදුවීමට හේතු වන ජ්‍යොතිෂ්‍යයමය පදනම අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

සියදිවි නසා ගැනීම යනු ක්ෂණික සිදුවීමකි. කේන්දරය තුළ ක්ෂණික කම්පන ඇති කිරීමට සමත් භාවය වන්නේ අට වැන්නයි. එසේ නම් යම් ජන්මියකු ක්ෂණිකව සිදු කරගන්නා සියදිවි නසාගැනීමක් හෝ ඒ වෙනුවෙන් දරන උත්සහයකදී එම ජන්මියා ගත කරනු ලබන මහ දශාව හෝ අතුරු දශාව අට වැන්න සම`ග සබඳතාවයක් පැවැතිය යුතුය. එහිදී අටවැන්න සම`ග සම්බන්ධ ග‍්‍රහයාගේ ස්වභාවයෙන් මරණය සිදුවෙයි. භාවය විසින් ස්ථානය නියෝජනය කරන බැවින් හා අට වැන්නාධිපතිට අදාළ පරිසරයක් තුළ ජන්මියා සියදිවි නසාගැනීමට පොලඹවනු ලබයි.

සියදිව නසාගැනීමක් උදෙසා ජන්මියා තුළ පෙලඹවීමක් ඇතිකිරීමට බලපාන තත්ත්වයන් කිහිපයක් වෙයි.

එහි ප‍්‍රධාන කාරණය වනුයේ පූර්ව ආත්මීය සාපයන්ය. යම් ආත්මයකදී සිදු කරනු ලබන යම් කි‍්‍රයාවක් උදෙසා යම් පුද්ගලයකුගෙන් එල්ල වන සාපයක දඬුවමක් හරහා ජන්මියකුගේ ජීවිතය නිමවීම හෝ ඒ හරහා විඳවීම සිදු විය හැකි වෙයි.

සියදිවි නසා ගැනීමක් උදෙසා යමෙක්ව පොළඹවනු ලබන තත්වයන් කිහිපයකි.

දැඩි දේව බාධාවන් හරහාද ජන්මියාව ක්ෂණිකව කම්පනයන් උදෙසා පොළඹවනු ලබයි.

දුෂ්ට පාපයන් හරහා ද ජන්මියකු තුළ සියදිවි නසාගැනීම් උදෙසා පෙළඹවීමක් ඇති කරනු ලබයි.

පිසාච බාධක හරහා ද ජන්මියෙක් තුළ මෙවන් තත්ත්වයන් ඇති කරනු ලබයි.

පෙර ආත්මයේ කල ක‍්‍රීයාවම යලිත් එලෙසම සිදු කිරීම එහි තවත් අවස්ථාවකි.

ලෝක ප‍්‍රකට සරාගි නිරූපිකාවක් වූ මැරලින් මොන්රෝ සියදිවි නසාගත්තේ අධික ලෙස බෙහෙත් පෙති පානය කිරීමෙනි. ඒ මහල් නිවසක ඇගේ නිදන කාමරය තුළය. ඇගේ පෙර කර්මය විග‍්‍රහකර බැලීමේදි පෙර ආත්මයෙන් රුගෙන ආ බ‍්‍රාහ්මණ සාපයක් දැකගත හැකිවෙයි. එයට හේතු වී ඇත්තේ පෙර ආත්මයේදී යම් උගත් ගුණවත් පුද්ගලයකුගේ හැකියාවන්, ධනය මෙන්ම වෘත්තියට ආශාවෙන් ඔහුට ආදරය කර ඒ තුළ වෛරී සහගතව සැලකීමයි. මේ හරහා ඇය මේ ආත්මයේදී කොතරම් සම්පත් උපයාගත්තද ඇය බලාපොරොත්තු වන ආදරය දයාව ඇයට නොලැබීයයි.

මෙම බ‍්‍රාහ්මණ සාපය උදෙසා දඬුවම කි‍්‍රයාත්මක වීම සිදුවනුයේ ගුරු මහා දශාව තුළදීය. ඇයගේ මරණය සිදු වූ දින එනම් 1962 අගෝස්තු 5 වැනිදා තත්කාල කේන්ද්‍රය තුළ කුජ අටවැන්නේ ගමන් කරමින් සිටියි. අප පෙර පෙන්වා දුන් පරිදි ගුරු මහ දශාවේ කුජ අතුරු දශාව ගත කරමින් සිටින ඇයගේ කුජ තත්කාලයේ අටවැන්න සම`ග සබඳතා දක්වන මොහොතක මෙම සියදිවි නසාගැනීමට කර්මය විසින් පොළඹවනු ලබයි.

තත්කාල කේන්ද්‍රයේ අටවැන්න වෘෂභයයි. එහි අධිපතියා සිකුරුය. මෙයින් තම නිදන කාමරය හා ඇඳ නිවේදනය කරනු ලබයි. කුජ විසින් රුධිරය මෙන්ම ඖෂධ නියෝජනය කරනු ලබයි.

මේ අනුව තම පෙර සාපයට දඬුවම් ලෙස හිතට ඇති වන ක්ෂණික කම්පනයක් හරහා තම නිදන කාමරය තුළදීම ජන්මියා බෙහෙත් පෙති පානය කර සියදිවිනසා ගැනීමට උත්සහ ගනු ලබයි. බෙහෙත් පානය හරහා සිදු වනුයේ තම රුධිරය විෂ වීමයි.
සියදිවි නසාගැනීමක් උදෙසා කර්මය හේතු වන්නා සේම චන්ද්‍රයාගේ බලපෑම ද ප‍්‍රබල ලෙසම හේතු වෙයි. මක්නිසාද යත් චන්ද්‍රයා තම සිත මනස පාලනය කිරීමයි. සිත ගැටලූකාරී තත්ත්වයක හෝ වංචල ස්වභාවයක පවතී නම් ඒ මොහොතේ චන්ද්‍රයාගේ පිහිටීමේ ගැටලූවක් පැවැතිය යුතුවෙයි.

මානසික සන්තාපය, සිතේ චංචල භාවය වර්ධනය වීම උදෙසා සර්ප දෝෂද ප‍්‍රධාන හේතුවක් ලෙස දක්වාලිය හැකිවෙයි. සර්ප දෝෂ හරහා විෂ නිවේදනය වන අතර ශාරීරිකව මෙන්ම මානසිකව ද ජන්මියා තුළට ඇතුළුවන විෂ මේ හරහා අවබෝධ කරගත හැකි වෙයි. එවන් අවස්ථාවලදී රාහුගේ සබඳතාවය හරහා ජන්මියා විෂ ශරීරගත කර ගැනීම සිදු කරනු ලබයි. විෂ මත්පැන් ශරීරගත වීම උදෙසා ශනිගේ සබඳතාවය පැවැතිය යුතු අතර කෘමි නාශක හෝ විෂ වර්ග ශරීරගත වීම උදෙසා රාහු ගේ සබඳත්වයක් පැවැතිය යුතු වෙයි.

මරණය යනු සිදුවන ආකාරය කෙසේ වුවත් එය තම කර්මය අනුව සිදු වන්නකි. ජන්මියකුට කොපමණ අවශ්‍යතාවය පැවැතියත් තම මරණය තමන්ට අවශ්‍ය මොහොතේ තමන් වෙත ගෙන්වා ගත නොහැකි වෙයි. එය තීරණය කිරීම විශ්ව ධර්මය විසින්ම සිදු කරන්නකි.

කර්මය පාලනය කිරීම තුලින් මරණයද පාලනය කලහැකි වෙයි. පාලනය කිරීම යනු නොමැරි සිටීම නොව නිසි කල මරණය පැමිණෙන තෙක් නොමැරී සිටීමය.

දීක්ෂා ගුරු
වෛදීක ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close