තරු වළල්ල

දරු ඵල දුරු කරන ගුරුගේ අසුබ ඵල

වැඩිවියට පත්වන තරුණියක් තුළ ඇති නැවුම් බලාපොරොත්තු සමුදායකි. ඇය තුළ ඇති බලාපොරොත්තු අතර විවාහය, සාර්ථක පවුල් ජීවිතයක්ද ප‍්‍රධාන තැනක් ගනු ලබයි. ඒ සියල්ල අබිබවන බලාපොරොත්තුවක්  ඕනෑම තරුණියක් සතුව ඇත. ඒ මවක වීමේ සුබ සිහිනයයි.

පැරණි සමාජයේ ගැහැනු දරුවාට ‘අම්මා පැටියා’ යන නම භාවිත වීමටද ගැහැනුන් සතු මේ උරුමය හේතු සාධක විය. ගැහැනු දරුවකු වීම යනු ‘මවක් වීම’ යන තත්ත්වයට පුහුණුවන්නියක ලෙස එදා සැලකූහ.

ගැහැනු දරුවකුට කායික ලක්‍ෂණ භාරගනු මවක වීමට අවැසි පරිවර්තනයත් සමඟම ‘අම්මා පැටියා’ අම්මා කෙනකු බවට පත්විය. පැරණි සමාජයේ ඉතා අඩු වයසින් විවාහ වීම හා දරුවන් ලැබීම සිදුවූයේ එවැවිනි.

වර්තමාන සමාජයේදී අඩු වයසින් සිදුවන විවාහ හා අඩු වයසින් දරුවන් ලබන පවුල් බොහෝවිට බිඳවැටෙන බව දැකගත හැකි වුවත්, පැරණි සමාජයේ එවැනි තත්ත්වයක් උදාවූයේ නැත. එසේ වීමට හේතු වූයේ එදා හා අද තරුණිය තුළ පවතින අරමුණුවල විෂමතාවයි.

වර්තමානයේ විවාහ දිවියට එළඹෙන බොහෝ පවුල් තුළ දැකගත හැකි ගැටලූවක් වනුයේ දරුවන් නොමැති වීමයි. මේ හේතුවෙන් බිඳවැටෙන ජීවිත ප‍්‍රමාණය බොහෝය. දරුවකු ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් රෝහල්, දේවාල, පන්සල් ආදියේ සිදුකරන විවිධ කටයුතු උදෙසා ඔවුහු ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කරති. මේ තත්ත්වය මත දරුවකු නොමැති වීම හැනියකගේ
අභාග්‍යයක් ලෙස සලකන තරමටම දරුවා ගැහැනියකගේ උරුමයක් සේ සලකන්නේ මෑතක සිට නොවේ. එය අතීතයේ සිටම පැවත එන්නකි.

දරුවන් නොලැබීම, නැතහොත් දරුඵල අහිමි වීම උදෙසා බලපාන ග‍්‍රහ පිහිටීමද දැකගත හැකිය. වෛදික ජ්‍යොතිෂ්‍යය තුළ ‘පුත‍්‍රකාරක’ නැතහොත් දරුවන් රැුගෙන එන්නා ලෙස සැලකෙනුයේ ගුරුය. එසේම ‘පුත‍්‍ර ස්ථානය’ ලෙස හැඳින්වෙන්නේ පස්වැන්නයි. පුත‍්‍රකාරකයා හෝ පුතු ස්ථානය දුබල වීම තුළින් දරුඵල පිළිබඳ ගැටලූ මතුවීම මෙන්ම දරුවන්ගෙන් බලාපොරොත්තු වන සතුට සැනසීමද අහිමිවෙයි.

ගුරු නැතහොත් පුත‍්‍රකාරකයා දුර්වල වියහැකි ප‍්‍රධානම ක‍්‍රම තුනක් පවතියි. එම කාරණා තුනටම හේතුවනුයේ තමන්ගේ පෙර ආත්මයේ ක‍්‍රියාකලාපයේ ඇති ගැටලූකාරී තත්ත්වයකි. මෙහි පළමුවැන්න වනුයේ පෙර ආත්මයේදී උගත් ගුණවත් පුද්ගලයකු වෙතින් ඇතිවන ‘බ‍්‍රහ්මණ සාපයයි’. දෙවැන්න වනුයේ ගුරු තම බාධක ග‍්‍රහයා බවට පත්වීමයි. ගුරු නැතහොත් විශ්වයේ ගුරුවරයා තමාගේ බාධාව බවට පත්වීමට පෙර ආත්මයේදී තම ධර්මතාවන් නැතහොත් තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් බිඳවැටීම බොහෝදුරට හේතුවෙයි. තුන්වන කරුණ වනුයේ ශිව දෙවියන් වෙතින් ඇතිවන දේව බාධාවයි. මෙහිදී තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ අදහසින් දෙවියන් අදහන අතර අවශ්‍යතාව ඉටුවූ පසු එය අතරමඟ නවතාදැමීම හරහා ඇතිවන දේව බාධාව ප‍්‍රබල ලෙස තම දරුවන් කෙරෙහි බලපෑම් ඇතකරනු ලබයි.

කේන්ද්‍රයක් හරහා දරුවන් ලැබීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක්කේ සප්තාංශ චක‍්‍රය විග‍්‍රහ කිරීමෙනි. මෙම චක‍්‍රය හරහා තමන්ට දරුවන් ලැබෙයිද නැතිද යන්න මෙන්ම ලැබෙන දරුවාගේ ස්ත‍්‍රී-පුරුෂභාවයද අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙයි. මෙහිදී මවගේ කේන්ද්‍රය ඇසුරින් ගොඩනංවා ගන්නා සප්තාංශ චක‍්‍රයේ ලග්නයෙන් පස්වැන්න ප‍්‍රථම දරුවා නියෝජනය කරයි. එහිදී පස්වැන්නේ අධිපතියා බලවත්ව සිටී නම් දරුවකු ලැබීම සිදුවෙයි. මෙහිදී රාහු සහ කේතු දරුඵල නැතිකිරීම උදෙසා ප‍්‍රබල ලෙසම මැදිහත් වෙයි. ප‍්‍රථම දරුවා පිළිබඳ පස්වැන්නෙන් අවබෝධ කරගත හැකි අතර, එතැන් පටන් තුනෙන් තුන ඉදිරියට ගණනය කිරීමෙන් අනෙකුත් දරුවන් පිළිබඳ අවබෝධ කරගත හැකිවෙයි. මෙම ගණනය කිරීමේදී රාහු, කේතු අතරමැද පිහිටන ස්ථානයෙන් තමන්ට ලැබෙන දරුවන් සංඛ්‍යාව නතර වෙයි. යම් හෙයකින් ලග්නයෙන් පස්වැන්න හෝ ඒ අතරතුර රාහු පිහිටා තිබුණහොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගබ්සා වීම සිදුවන අතර ගැබ්ගැනීම සිදුනොවෙයි.

කේතු එකත්-පහත් අතර සිටි විට එක් දරුවකු ලබාදීම සිදුකරයි. එහෙත් ඉන්පසු දරුවන් ලැබීම සිදුනොවෙයි. මෙහිදී දෙවැනි දරුවා ලබාදෙන තාවය ප‍්‍රබල ලෙස ශක්තිමත් වූවොත් පමණක් දෙවැනි දරුවකු ලැබීම සිදුවෙයි. සප්තාංශ චක‍්‍රයේ පස්වැනි භාවයේ රවි තැන්පත්ව සිටින විටදී අනිවාර්යයෙන්ම දරුවන් ලැබීම සිදුවෙයි. එහෙත් ලග්නගතව හෝ ත‍්‍රිකෝණගතව ශුක‍්‍ර, ශනි, බුධ යන ග‍්‍රහයන් පිහිටීම හරහා අනිවාර්යයෙන්ම දරුවන් නොලැබී යයි.

එසේම දරුවන් ලැබීම හෝ නොලැබීම උදෙසා තම කර්ම ශක්තිය ප‍්‍රබල ලෙසම බලපානු ලබන අතර, පූර්ව සාපයන්ද හේතුවෙයි. මෙහිදී ශාන්තිකර්ම හෝ ඖෂධවලට වඩා තම කර්මය දුරුකර ගැනීම උදෙසා සිදුකරනු ලබන ප‍්‍රතිකර්ම හරහා සාර්ථක ලෙස දරුඵල ලබාගත හැකිවෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close