තරු වළල්ල

විභාගයට තවම සුදානම් නැද්ද ? .....


අධ්‍යාපනය කියන්නේ අද වනවිට තරගයක්…. ඒ තරගයට දරුවා ඇදගෙන යෑම සුදුසුද නැද්ද කියා සේවීම වෙනම කරුණක් …

කොහොම වුණත් ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවගේ විභාගයකට වඩා අම්මලාගේ විභාගයක්…

ඒ වෙනුවෙන් වැඩි පුරම වෙහෙසෙන්නේ අම්මලා….

විභාගය ලංවෙත්ම අම්මලාගේ හදවතේ වේගය වැඩි වෙන්න පටන් ගන්නවා…

දරුවා තාම පාඩම් කරන්නේ නැනේ…..

හැම තිස්සේම සෙල්ලමමනේ….

හැම තිස්සේම කාටුන් බලනවනේ…

ඔය ආදි ප‍්‍රශ්ණ රුසකට දෙමාපියන් මැදි වෙනවා….

හැම දරුවම එක ලෙස ඉගෙනිමට උනන්දු නැහැ. එයට බලපාන කරුණු කාරණා කිහිපයක් තියෙනවා.

පෙනෙන කාරණා වලට වඩා නොපෙනෙන කරුණු ටික පැහැදිලි කරදීම වඩා වැදගත් යැයි මා සිතනවා.

දරුවෙක් තුළ ඇති ඉගෙනීමේ උනන්දුව බිදවැටීමට බලපාන ඇසට නොපෙනෙන ප‍්‍රධාන කරුණු හයක් තියෙනවා.

1. අධ්‍යාපනයට බාධා ඇතිකරන මහා දසා අතුරු දසා ගතවීම.
2. උපතින්ම ඉගෙනීමට බාධාකරන ග‍්‍රහ පිහිටීම් සහිත වීම.
3. පුර්ව කර්මයන් විසින් අධ්‍යායපනය හා ඉගෙනීමේ හැකියාවට බාධා ඇති කිරීම.
4. හිස ආශි‍්‍රත ස්නායු පිඩාවන් හේතුවෙන් මතකය පිලිබද ගැටලූ පැවතීම.
5. හදිහුනියම් හෝ මලගිය දෝස වැනි අදෘශ්‍යමාන දෝස හේතුවෙන් ඉගේනීමට ඇති උනන්දුව බිදවැටීම.
6. නිවසේ දරුවන්ට අදාල දිශාවන් හි වැසිකිලි වැසිකිලි වලවල් පිහිටා තිබීම වැනි දරුවන්ගේ දියුණුවට බාධා ඇති කරනු ලබන වාස්තු දෝෂ.

විභාගයකට මුහුණ දෙන දරුවෙක්ගේ කේන්දරය පරික්‍ෂා කර ඒ දරුවාගේ ග‍්‍රහචාරයේ පවතින සුභ අසුභ අනුව කලයුතු වත් පිලිවෙත් කිරීම අනිවාර්ය කරුණක්.

එසේ කිරිමේදි අධ්‍යාපනයට භාදා ඇතිකරනු ලබන තත්වයන් හදුනාගෙන එයට පිලියම් ලබාදීම ජ්‍යොතිෂවේදියාගේ වගකීමක්.

ඉන්එහා කරුණු දීක්ෂාගුරුවරයෙක් තුළින් පමණක් කරගතහැකි බැවින් එය තරමක් සංකිර්ණ කටයුත්තක්. අධ්‍යාපනයට බාදා ඇති කරන පුර්ව කර්මයන් පවතීනම් එවාට පිලියම් යොදා ගැනීම. අධ්‍යාපනයට ඇතිකරන බලපෑම් තුළින්ම ඒ දරුවාගේ සිතේ සතුට සැනසීම බිදවැටීමත් ඒ දරුවා දෙමාපියන් වෙතින් බලාපොරොත්තුවන සෙනහස බිදවැටීමත් සිදුවන බැවින් ඒ දරුවාගේ පුර්ව කර්මයන් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් කරුණක්….

එම තත්වයන්ට පිලියම් යෙදිමෙන් මුලික තත්වයන් කිහිපයටම විසදුම් ලැබෙනවා.

ඉගෙනිමේ උනන්දුව බිදවැටීමට දරුවන්ගේ විවිධ ආබාධ ප‍්‍රබල ලෙසම හේතු වෙනවා. හිස ඇස් ආශිත ස්නායු බිදවැටීම් නිසා දරුවන්ට ඇතිවන සියුම් වේදනාවන්නිදිමත ස්වාභාවය ආලොකයට අධි සංවේදි වීම නිසි ලෙස නොපෙණිම වැනි තත්වයන් හදුනාගෙන එවාට පිලියම් යෙදීම ඉතා වැදගත් කරුණක්…

ආශ‍්‍රමයට පැමිණි යම් දරුවන්ගේ මෙම බිදවැටීම් වලට හේතු භාවනාවෙන් සොයා යන විට ඒ දරුවන්ට කුඩා කල ඇති වු කම්පණයන් මෙන්ම ගුරුවරු වැඩිහිටියන් ඉගෙනීම් කටයුතු වලදි ඇතිකල කම්පණයන්ද හේතු ලෙස පෙන්වා දුන් අවස්ථා පවතිනවා….

වාස්තු හා අදෘශ්‍යමාන දෝෂ කුඩා දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා දැඩි බලපෑමක් ඇති කරනු ලබනවා.. කුඩා දරුවන් යනු වේගයෙන් අදෘශ්‍යමාන ශක්තීන්ට ග‍්‍රහණය කර ගත හැකි කොටසක් මේ නිසා වැඩිහිටියන්ට වඩා දරුවන් මෙම දෝෂ හරහා පිඩා විදිණු ලබනවා…

නිවසේ ඊසාන දිශාව තුළ වැසිකිලි වැසිකිලි වලවල් කුස්සිය වැනි කිසිදු අසුබ දෙයයක් නොපැවතිය යුතුයි. එසේ පවතින විට දරුවන් බලාපොරොත්තුවන සාර්ථකත්වය ලබා ගන්නේ නැහැ. මේවා නිසිලෙස හදුනාගෙන එවා ඉවත් කිරීම හෝ පිරමීඩ ක‍්‍රමවේද භාවිතයෙන් අසුභ තැන් සුභ කිරීම කල යුතුයි.

දරුවන්ට බලපෑම් කරන් ලබන යම් මලගිය ආත්ම ඇත්නම් එවා හදුනාගෙන ඉවත් කිරීම තුලින් දරුවන් තුළ ඇති මලානික බව ඉවත්වනවා. ඒ හරහා දරුවන් තුළ සුභ ජවයක් ඇති වනවා.

හරි වැඩපිලිවෙලක් තුළ කටයුතු කරනවනම් දරුවාව ජයග‍්‍රහණය කරා රුගෙන යන්න එම කාලය හොදටම ඇති….

ශිෂ්‍යත්වය කියලා කියන්නේ කඩඉමක් කඩඉම් ජයගන්න විශ්වයේ සැගවුණු රහස් කියලා කොටසකුත් තියෙනවා…

හැමෝටම එවා ලබාගන්න බැහැ නමුත් විශ්වය තිරණය කලොත් කඩඉම් ජයගන්න විශ්වයේ සැගවුණු රහස් යම් දරුවෙක්ට දියයුතුයි කියලා එය ලබාදීම දීක්ෂා ගුරුවරයෙක්ගේ වගකීමක්….

එමෙනම් පටන් ගන්න………….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x