තරු වළල්ල

දරුවෙක්ට ජිවිතේ දිනන මග පෙන්වන්නේ කොහොමද ?....


දරුවෙක්ට කොහොමද ජිවිතේ දිනන මග පෙන්වන්නේ කියලා මගෙන් තරුණයෙක් ප‍්‍රශ්ණයක් අහලා තිබුණා. මම හිතනවා තරුණයන්ට වඩා දෙමාපියන්ටයි මේ ප‍්‍රශ්ණයට මා දුන් උත්තරය වැදගත් වෙන්නේ….

ප‍්‍රශ්ණය නොවෙයි පිලිතුර හොදින් ඔලුවට ගන්න……

ඔය ප‍්‍රශ්නෙට උත්තර තුනක් තියෙනවා.

1. අපේ දෙමාපියන් කරන යම් සාර්ථක කාර්යයක් තියෙනවනම් දරුවන්ගේ ජානවලින්ම ඒ දේට සමත් වනවා… එසේ දරුවෙක් එම මාර්ගයම තමන්ගේ මාර්ගය ලෙස යොදා ගන්නවනම් ඒ දරුවා ජිවිතය අරඹන්නේ මුල ඉදන් නොවෙයි….

මැද ඉදන් එවිට ඒ දරුවා දෙමාපියන්ගේ ජිවිත අභිබවා ඉදිරියට යන්න සමත් වෙනවා.

2. තමන්ට උරුමව ඇති අංශය කුමක්ද යන්න සරලව කේන්දරය තුලින් තෝරගෙන එ උදෙසා අවශ්‍ය ශක්‍යතාවන් ගොඩනගා ගැනීම.

මෙහිදි ගැඹුරු වෛදික ක‍්‍රමවේද වගේම සරලව කේන්දරයේ 10 වැන්නේ තැම්පත් ග‍්‍රහයාගේ ස්වාභාවයට ගැලපෙන කාර්යයන් තෝරා ගැනීමත් යම් මට්ටමකට සුදුසුයි.

රවි – රජයේ හෝ දේශපාලනික
චන්ද‍්‍ර – දරුවන් සම්භන්ධ අංශ හා ආහාරපාන වලට සම්භණන්ද අංශ
කුජ – නිතිය පරිගණක තත්වපාලන වැනි අංශ
බුද – ඉගැන්වීම් හැදැරිම් පර්යේෂණ වැනි අංශ
ගුරු – උපදේශණය සැලසුම් හා දැණූම අලෙවි කිරීම
සිකුරු – වෙලදාම් ප‍්‍රදාරණ උත්සව සම්පාදනය වැනි කටයුතු
ශනි – වැටුපක් ලබන රුකියාවක්
රාහු – සියුම් ගුප්ත රහස් රසායනික මත්ද‍්‍රව්‍ය මෙන්ම ඇවිදීම මුල්කරගත් රුකියා
කේතු – ගුප්ත රහස් එක් ස්ථානයක අදුරු පරිසරයන් තුළ සිදුකරන කටයුතු මෙන්ම රහස් පරික්ෂණ කටයුතුද මෙයට අයත්ය
මෙය සරල විග‍්‍රහයකි………

3. මෙය තරමක් සංකීර්ණ දෙයක්…. බොහෝ කේන්දර තුළ රාජයෝග තියෙනවා. හැබැයි එවා කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. ක‍්‍රීයාත්මක කරවා ගත යුතුයි.

මම උදාහරණයක් කියන්නම්…..

මගේ පුතා රජයේ පාසලකට ගියේ.. ඔහුට ඉගෙන ගන්න පුලුවන් නමුත් කිසිම උනන්දුවක් නෑ. මම ඔහුගේ කේන්දරය තුළින් ඔහුගේ රාජයෝග ක‍්‍රීයාත්මක වීම් අධ්‍යනය කරා ඔහුට එවා ක‍්‍රීයාත්මක වෙන්න නම් මව් භාෂාව නොවන භාෂා කිහිපයක ප‍්‍රවීණත්වයක් ලැබිය යුතුයි.

මම ඉක්මණින් ඔහුව රජයේ පාසලින් ඉවත් කර වෙනත් භාෂා උගන්වන පාසලකට ඇතුල් කරා.

පුදුමය කුමක්ද දන්නවද?

ඉංග‍්‍රීසි හෝඩිය පිලිවෙලට කියන්න දන්නේ නැතිව පාසලට ඇතුල් කරපු දරුවා පැය 42 ගතවෙද්දී චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාවෙන් කථා කරනවා. තවම මාස කිහිපයයි. ඔහු පාසලේ උදෑසන රැුස්වීම සමහර දිනවලට මෙහෙයවනවා. ඉංග‍්‍රීසියෙන්…..

මා මේ තිරණය නොගත්තනම් ඔහු තවමත් අකුරු ඇහිදිමින් සිටිවි.

මෙය බොහෝ සංකීර්ණ කාර්යයක්….

රාජයෝග බොහෝ විට පාප යෝග වෙනවා. මෙය තේරුම් ගෙන දරුවන්ට මාර්ගය පෙන්වා දෙනවානම් ඔහුන් බොහෝ දුර යනවා….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x