තරු වළල්ල

ජොර්ජියානු කැලැන්ඩරයෙන් බිදදැමු සොබාදහමේ ජිවනය


හිරු සඳුට මැදි ව ගොඩනැඟුණු තරු රටා අතර ලියැවුණු ජීවිත දිනෙන් දින අතීතයට එක් වෙමින් පවතී. මා මෙලෙස පැවසුවේ ගැඹුරු කරුණක් සිත්හි තඹාගෙනය විශ්ව පිය ගුණය හා මව් ගුණය පිලිබද න්‍යාය පිලිබදව නොදන්නවා විය හැකිය.

ඉංග‍්‍රීසියෙන් ෆා මා එනර්ජි යනුවෙන් අර්ථකථනය කරන්නේ මෙයයි. මෙය යුරෝපයට අලුත් නිය්‍යායයක් වුවත් අපට එය වසර 9000 සකටත් වඩා පැරණි ක‍්‍රමවේදයකි.

ඉංග‍්‍රීසි ක‍්‍රමයට අනුව අපට උරුම කල ජොර්ජියානු කැලැන්ඩරයේ දින ගෙවීයෑම අප කාලය ගේවීම ලෙස අර්ථ කථනය කරති. එය කොලයකට හිර කල කාලයක් මිස සොබා දහමේ කාලය යැයි කිව නොහැකිය. පැය විසිහතරකට ගොනු කල කාලයයි.

සොබාදහමේ කාලය යනු හෙළ කාල ගණනය කිරීමේ පැය හැටේ ක‍්‍රමවේදයයි.

ඉංග‍්‍රීසි ක‍්‍රමය හා සිංහල ක‍්‍රමය කියා දෙකක් පැවැතිය හැකිද?

අප හෙළ රාජ්‍යය මුල් කර ගනිමින් ගොඩ නැඟුණු නක්ෂස්ත‍්‍රය තුළ පදනම වූයේ සූර්යයා හා චන්ද‍්‍රයාය.

වසරක් ගෙවීම යනු මේෂ රාශියෙන් ගමන් අරඹන සූර්යයා රාශිවලය හරහා ගමන් කර මීන රාශියට පැමිණීම ලෙසින් පැරැුන්ණෝ සැලකූහ.

කෘෂිකාර්මික පදනමක් තුළ ජ්‍යොතිෂ්‍ය තුළ ඍතු පහක් ගොඩනැෙඟන්නේ එබැවිනි.

සරත්, සිසිර, ගිම්හාන හා වසන්ත යන හතරට අමතරව වර්ෂා ඍතුවක් ද පැවැතුණි.

දින ගණනකට සීමා නොවී චන්ද‍්‍ර නියමයට අනුව මාස ක‍්‍රමයක් බිඑිකරන්නට හේතුවනුයේ පෘතුවියේ පැවැත්ම චන්ද‍්‍රනියමය හා බැදී පවතින බව පැරුන්නෝ අවබෝධ කොටගෙන සිටි නිසාය.

එහෙත් අපේ දේ වළ පල්ලට දමා සුද්දන්ගේ දේ දෝතින් වැළඳගත් කළු සුද්දෝ බලහත්කාරයෙන් අපේ කර මතට ඔවුනගේ ජෝර්ජියානු කැලැන්ඩරයක් දැමීය. මේ තුළින් අපේ මුතුන්මිත්තන්ගේ හිරු සඳු මුල් කරගත් ජීවිත දර්ශනය බිඳ වැටුණි.

සූර්ය වර්ෂයක් තුළ චන්ද්‍ර මාස දොළහක් පවතියි. චන්ද්‍ර මාස ක‍්‍රමය බිහිකිරීම තුළ මිනිසුන් පරිසරය සමඟ සහජීවනයෙන් ගත කිරීමේ සංකල්පය භාවිත කළ බව පෙනීයයි. වඩදිය බාදිය සංකල්ප, සඳුගේ පුර අව ස්වභාවයන් මෙන් ම කාන්තාවන්ගේ සිදුවන ඔසප් චක‍්‍රයද ගොඩනැෙඟනුයේ මේ චන්ද්‍ර මාස ක‍්‍රමය මුල් කරගනිමිනි.

පිය ගුණයෙන් අග්නි ශක්තිය නිවේදනය වු අතර මව් ගුණයෙන් ජල ගුණය නිවේදනය කෙරුණු. මෙහිදි සැගවු කරුණක්ද ඇත . ජිවය දෙන්නනේ චන්ද‍්‍ර නම් මව් ගුණය තුළිණි. සරලව කිවහොත් ජිවය ලබා දෙනුයේ සුර්යයා නොව චන්ද‍්‍රයාය යන්නය.

එවන් පසුබිමක අප ඉර හඳ අමතක කර කොළයක මුද්‍රණය කළ කැලැන්ඩරයක් අපේ කරගැනීම හරහා අපට සිදුවූයේ කුමක් ද? අප ඇරැඹුමක් පැවැත්මක් නැති ජාතියක් බවට පත්වීමද?

දීක්ෂා ගුරු
වෛදික ජ්‍යොතිෂවේදී
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x