තරු වළල්ල

ගඩාෆි මහාපාරේ මරාදැමුවේ ඇයි ?

බටහිර ධනේෂ්වරයට මෙල්ල කළ නොහැකි වූ ප‍්‍රධාන චරිත තුනක් තෙල් පොළොවෙන් මතුවිය.

ඔවුහු නිර්දය ලෙස බටහිර පාලකයන්ව හෙළා දකින්නට වූහ. ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර ධනේෂ්වර ගැති රටවල සබඳතාවලින් මිදී තම පොළොවෙන් ලැබුණු තෙල්වලින් ඔවුහු තම අණසක පතුරන්නට වූහ.

මෙය ධනේෂ්වරයන්ට ඉවසාගත නොහැකි කාරණයක් විය.

ඊට ප‍්‍රධානතම හේතුව වූයේ ඔවුන්ට තෙල් සම්පත ඩැහැගැනීමට මෙම නායකයන් තිදෙනා බාධාවක් වීමය. අද වන විට ඉන් දෙදෙනකු මරා දැමීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ධනේෂ්වරයන්ට හැකි වී ඇත. ඒ ඉරාකයේ පාලකයා වූ සදාම් හුසේන් හා ලිබියාවේ පාලකයා වූ කර්නල් ගඩාෆිය. තවමත් ඉතිරිව ඇත්තේ ඉරාන නායක අහමඞ් නිජාඞ් පමණි.

සදාම් හුසේන් හා ගඩාෆි විනාශ කර දැමීමට බටහිර ධනේෂ්වරයට තිබූ ප‍්‍රබලම සාධකය වූයේ මෙම දෙදෙනාම බලයට පත්වූයේ හමුදා කුමන්ත‍්‍රණ හරහා වීමයි. මේ හරහා දශක ගණනාවක් එරට ජනයා පීඩා විඳි බව ඔවුහු මතුකර පෙන්වන්නට උත්සහාගත්හ. එහි අවසානය වූයේ රට තුළ අවුලන ලද ගිනිදැල් මතින් බටහිර කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරවීමය.

1942 වසරේ දී ලිබියාවේ ‘සර්ට්’ නම් නගරයේ දී උපත ලබන මුවම්මර් ගඩාෆි අධ්‍යාපනයට වඩා ප‍්‍රායෝගිකත්වයට බර වූ දරුවෙකි. පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟම ලිබියානු හමුදාවට එක්වන ඔහු එකල පැවැති රාජ්‍ය පාලනය දැඩි ලෙස හෙළා දුටුවේය.

මෙයට වඩාත්ම හේතුවන්නේ එකල රට පාලනය කළ ඉද්ද්‍රීස් රජු බි‍්‍රතාන්‍ය රූකඩයක් වීමයි. 1969 සැප්තැම්බර් පළමු වැනි දා එවකට වයස විසිහතක් වූ ගඩෆි රාජාණ්ඩු පාලනය පෙරළා දැමීමට හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කළේ කිසිදු ලේ සෙලවීමකින් තොරවය.

සිකුරු මහ දශාවේ සිකුරු අතුරු දශාව ගත කරමින් සිටි ගඩාෆිගේ කේන්ද්‍රය තුළ සිකුරු යෝගකාරකයා වෙමින් ඔහුගේ ජයග‍්‍රහණය උදෙසා අඩු වයසින් මෙහෙයවනු ලබයි. ගඩාෆිගේ කේන්ද්‍රය තුළ පවතින අතිප‍්‍රබල යෝගයක් වන උභයචර යෝගය බුධ ගුරු හා ශුක‍්‍ර මුල්වී මේ අවස්ථාවේදී ක‍්‍රියාත්මක වෙමින් පවතියි. උභයචර යෝගය යනු පවතින තත්ත්වයන් තමාට අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීම හරහා රජ වීමකි. ඒ හරහා තමාට අවශ්‍ය සතුට සැපත ගොඩනඟා ගනියි. මෙම යෝගයට සුරයන්ගේ ගුරුවරයා වූ ගුරුත් අසුරයන්ගේ ගුරුවරයා වූ ශුක‍්‍රත් මුල් වීම හරහා ඉතා සියුම් සැලසුමකට බුධගෙන් නියෝජනය වන තම අනුගාමිකයන් මෙහෙයවීමට ගඩාෆිට හැකිවෙයි. රජය පෙරළන කුමන්ත‍්‍රණය තුළ කිසිදු ලේ හැළීමක් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුනොවන්නේ එබැවිනි.

සුර හෝ අසුර ගුරුවරු ලේ හැළීම උදෙසා අවස්ථාව උදාකරන්නේ නැත. මකර ලග්නයෙන් උපත ලැබූ ගඩාෆිගේ ලග්නාධිපති වන ශනි මිත‍්‍ර රාශියක් වන වෘෂභයේ නැතහොත් පස්වන භාවයේ තැන්පත්ව සිටියි. පස්වැන්න යනු හැකියාවන්ය. තම ජීවිතය ගෙනයෑමට අවශ්‍ය ශක්තිය තම හැකියාවන් තුළින්ම ගොඩනඟා ගැනීමට ඔහු උත්සහ දරන්නේ එබැවිනි. රවි පස්වැන්න තුළ සිටින අතර රවි පාලක පංතියත් ශනි කම්කරුවන් නියෝජනය කරයි.

එසේම වෛදික ජ්‍යොතිෂ්‍යයන්ට අනුව ශනි යනු රවිගේ පුත‍්‍රයාය. තම පුත‍්‍රයාට අවශ්‍ය බලය රවි විසින් නිරන්තරයෙන්ම ලබාදෙයි. හමුදා සොල්දාදුවකු නැතහොත් රජුගෙන් වැටුප් ලබන කම්කරුවකු එක මොහොතකින් පාලකයකු නැතහොත් රජකු බවට පත්වන්නේ එබැවිනි.

කර්නල් ගඩාෆි යනු දැඩි ලෙස තම ස්ථාවරයේම සිටි පුද්ගලයෙකි. එයට බලපෑ හේතු දෙකක් වෙයි. ඔහුගේ ආත්ම කාරකයා රවිය. එවිට රවි විසින් ඔහු තුළ ඇති කරනු ලබන්නේ දැඩි මාන්නයයි. අනෙක් කාරණය වන්නේ ලග්නය තුළ පිහිටා ඇති මාන්දි නම් උපග‍්‍රහයාය. මාන්දි ලග්න ගත වීම හරහා ජන්මියා තුළ අධික මාන්නය, අධික කෝපය මෙන්ම අ¥රදර්ශී භාවය ඇති කරනු ලබයි. ගඩාෆිගේ පාලන කාලය තුළ දුරදිග නොබලා ගත් වැරැුදි තීරණයන් පවතින බව ලොවම දන්නා කරුණකි.

එහි එක් අවස්ථාවක් වූයේ 1986 දී ‘‘බර්ලින් ඩිස්කෝ’ නම් මෙහෙයුම හරහා ඇමෙරිකන් හමුදා භටයන් තිදෙනකු මරා දැමීමයි. එය දැඩි ලෙසින් මුළු ලොවටම ප‍්‍රදර්ශනය වූ අවස්ථාවක් වූයේ යුරෝපීය සාමාන්‍ය වැසියන් දෙසිය හැත්තෑවක් ගමන් ගත් ගුවන් යානයක් පුපුරුවා හැරි ලොකර්බි ප‍්‍රහාරයයි. මේ සියල්ල හරහා ඔහු පෙන්නන්නට උත්සහ කළේ තම බටහිර විරෝධී මානසිකත්වයයි.

ගඩාෆිගේ කේන්ද්‍රයේ සියලූ ග‍්‍රහයන් වම් පසට බරවී සිටියි. මේ හරහා ඔහු වේගවත් මෙන්ම ජීවිතය පරිවර්තනයකට ලක්කරන පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිවෙයි. රටකට බලපාන්නේ පාලකයාගේ කේන්ද්‍රයේ ස්වභාවයයි යන්න සනාථ කරමින් උතුරු අප‍්‍රිකානු රටක් වූ ලිබියාව දිළිඳු බවේ සිට ලොව ධනවත්ම රාජ්‍යයන් අතරට ගෙන එන්නට ඔහුට හැකියාව ලැබුණි. මෙයට බලපෑ අනෙක් ප‍්‍රධානම හේතුව වූයේ ඔහුගේ කේන්ද්‍රය තුළ ඇති ප‍්‍රබල කාල සර්ප දෝෂයයි. කාල සර්ප දෝෂයක් ඇති පුද්ගලයාගේ ජීවිතය අතිවේගවත් වන අතර විනාශයට ද හේතුවන්නේ එයයි.

ගඩාෆි යනු කිසිවකු කෙසේ ප‍්‍රකාශ කළ ද යුගයේ අවශ්‍යතාවයට විශ්වය විසින් නිර්මාණය කරන ලද පුද්ගලයකු බව සිතිය හැකිය. එයට හේතු වනුයේ ඔහුගේ කේන්ද්‍රය තුළින් පූර්ව ආත්මීය සාපයන් එකක් හෝ දැකගත නොහැකිවීමයි.

එසේ නම් ඔහු සිදුකළේ තම ජනතාව ජයග‍්‍රහණය කරා ගෙන යෑම විය යුතුය. ඔහුගේ කේන්ද්‍රය තුළ කුජ හත් වැන්නේ මරණකාරකව සිටියි. තම නිවස මෙන්ම සිතේ සතුට, සැනසුම නිවේදනය කරන හතර වැන්නත් තම ආදායම හා ලාභයන් පෙන්වනු ලබන එකොළොස් වැන්නාධිපති ලෙස කුජ මරණකාරක වීම හරහා ගඩාෆි නිරන්තරව සිතෙන් පීඩා විඳි බව අවබෝධ කරගත හැකි වෙයි. ඔහු තම නිවස තුළින් ලැබූ සැනසීමක් නොමැතිවිය යුතුයි.

ගඩාෆිගේ පළමු විවාහය වූ ෆයිතා අල් නුරිගේ විවාහය පළමු දරුවා ඉපිද මාස හයකින් පමණ නිමවෙයි. එයට හේතුවනුයේ ජ්‍යොතිෂ්‍යයේ සාමාන්‍ය සිද්ධාන්තයකි. පුත‍්‍රකාරක ගුරු සතුරු භාවයේ තැන්පත්ව සිටියි. හය වැන්න යනු පළමු විවාහයට මරණය ගෙන දෙන ස්ථානයකි. ගුරු මිථුනයට සතුරු වීම හරහා දරුවකු ලැබීමෙන් පසු විවාහය බිඳ වැටීමට හේතු ඇතිවෙයි. මෙම දික්කසාදයට බොහෝ විට මුල් වන්නට ඇත්තේ ෆයිතා විය හැකිය. ගඩාෆිගේ දෙවැනි විවාහය වූ සායිෆා හා සබඳතාව මිය යනතුරුම පැවැතුණි. මෙම විවාහය තුළින් ගඩාෆිට දරුවන් හත් දෙනකු ලැබෙයි. මේ සඳහා ද මුල් වන්නේ බුධ, ගුරු හා ශුක‍්‍ර මුල්වී ඇති කරගනු ලබන හරි නම් යෝගයයි. හරි යෝගය හරහා තම පරපුර වෙනුවෙන් කැපවන පින්වත් දරුවන් ලැබීමේ භාග්‍ය පියකුට හිමිවෙයි. කෙසේ වෙතත් විවාහ සබඳතාව යහපත් බව නවවැන්නේ ඇති උප පදය හා ආරූඪ ලග්නයෙන් තේරුම්ගත හැකි වුවත් දෙදෙනාගේ විවාහයේ අභ්‍යන්තර සබඳතා යහපත් නොවිය යුතුය. විවාහයේ ලිංගික සබඳතා වියළා දමන කුජ විවාහ රාශියේම තැන්පත්ව සිටීම තුළින් එය තේරුම්ගත හැකි වෙයි.

2009 වසරේ අග භාගය කර්නල් ගඩාෆිගේ ජීවිතයට රාහු මහා දශාව එළඹියේය. කාල සර්ප යෝගයේ අවසානය නැතහොත් විනාශය ගෙනෙන කාලය එළඹීයේය. කාල සර්ප දෝෂය විසින්ම ජීවිතයට වේගය ගෙනාව ද ඒ තුළින්ම විනාශය ගෙනෙන්නට විය. කුමන්ත‍්‍රණකරුවන් රහස් සැලසුම් මෙන්ම බුද්ධි අංශ ද රාහු විසින් නියෝජනය කරනු ලබයි. ගඩාෆිගේ මරණය ජනතා පිබිදීමකට වඩා ඇමෙරිකානු බුද්ධි අංශ කුමන්ත‍්‍රණයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

‘‘කාල සර්ප දෝෂය ලැබූ කල මහ රජකු වුවද හිඟන්නකු ලෙස මහ පාරේ මියයන්නේය’’ යන ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තය සනාථ කරමින් රාහු මහ දශාවේ රාහු අතුරු දශාවක දී ලිබියාව ගොඩනැඟූ කර්නල් ගඩාෆි මහ මඟක බෝක්කුවක් යට සැඟවී සිටිය දී මරා දැමුණි. මරණය පෙන්වනු ලබන ශුල චක‍්‍රය තුළ එක් ශුලයක රාහු සිටියි. ඔහුගේ මරණයට අවස්ථාව එළඹී ඇති බව විශ්වය විසින්ම පෙන්වා දෙයි.

කාල චක‍්‍රයේ මරණ අංශය තුළ රවි හා ශනි තැන්පත්ය. තමාට බලය සැපයූ රවි හා ශනි ඒ මොහොතේ මරණයට පත්වන බව පෙන්වා දෙන්නේ බලය අහිමි වීමෙනි. කාල චක‍්‍රය විසින්ම කාල සර්ප දෝෂය ක‍්‍රියාත්මක කරනු ලබන දුර්ගා දේවියගේ දේව සාපය මෙන්ම විනාශ කර දැමීමට දේව අනුමැතිය ද පවතින බව හොඳින්ම අවබෝධ කරගත හැකිය

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close