තරු වළල්ල

දෙවියන් ලෙසින් ගුරුන් පිදීම

දෙවියන් කෙරෙහි ද ගුරුවරයා කෙරෙහි ද ඇති භක්තිය හා විශ්වාසය තුළින් වෙනස් කළ හැකි දේ බොහෝය. මා හැම විටම කියාදෙන පාඩම එයයි.

යුදබිමේදී මනසින් දුර්වල වූ අර්ජුන ඉදිරියේ කලි යුගයේ පහළ වූ මහා ගුරුවරයා වු ක්‍රිෂ්ණ දෙවියන් කියූ පාඨයක් මගේ මනසට නැගෙයි.

” භක්ති සේවනයෙන් පමණක්ම මා වැලද ගන්නා වු බැතිමතුන් සියලු භෞතිකයන් දිනා ගනු ලබයි ” .

මා මෙය කිව යුතු කතාවක් නොවේ යැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මා මෙය කිව යුතු කතාවකි. මේ කතාව තුළින් කියන්නට මා උත්සාහ දරන්නේ දෙවියන් හා ගුරුවරයා කෙරෙහි ඇති නොවෙනස් වූ භක්තිය විසින් සියල්ල වෙනස් කරන බව යළි යළිත් අවධාරණය කිරීම ය.

පසුගිය දිනක විදෙස්ගත දරුවෙකු මට පණිවිඩයක් යොමු කර තිබුණි.

” ආයුබෝවන් ගුරුතුමනි ,ඔබතුමාගෙ බැංකු ගිණුම් අංකය මට දෙනවද…. මා මාගේ රැකියාව සම්බන්ධයෙන් බාරයක් උනා මට ඒක ඉශ්ඨ කරන්න ඕනේ…

කුමක්ද භාරය ?

රැකියාව හම්බ උනාම ඒ පඩියකින් ඔබතුමාට ගුරු පඩුරු පූජා කරනව කියල මෙහෙ සල්ලි වලින් 500ක වටිනාකමකට රුපියල් වලින්

ඇයි එහෙම බාර වුණේ ?

දන්නෙ නෑ ගුරුතුමනි , මට හිතට ආවා… භාර වුනා…. අනික ඔබතුමා මට පිළියමක් දුන්නා… ඒකට මම කොහොමත් ගුරුපඩුරු පූජා කල යුතුයි කියල මට හිතුනා අනේ ගුරුතුමනි, ඒ පඩුරු බාර ගන්න…නැත්නම් මට පවු සිද්දවෙයි……

කොරෝන එන්න කලින්ම ලෝකයේ බොහෝ රටවල ලොකු ආර්ථික පසුබෑමක් ඇති වුණා කියන එක අලුත් කතාවක් නෙවෙයි. මේ ඒ අතරතුර කාලයේදී රැකියාව අහිමි වූ විදෙස්ගත දරුවෙකු වෙනුවෙන් මම පුංචි පිළියමක් දුන්නා . ඔහුගේ රැකියාව අහිමි බව මම දැනගත්තේ අහම්බෙන්…

මම ඔහුට කිව්වේ දෙවියන් විශ්වාස කරලා මේ පිලියම කරන්න කියලා. ඔහු පිලියම කරලා බාර වෙලා තියෙන්නේ අමුතුම දෙයක්…

අපි සාමාන්‍යයෙන් බාර වෙන්නේ දෙවියන්ට නේ….

ඔහුගේ හදවත ඒ ඒ වෙලාවෙ දෙවියන් තරමටම ගුරුවරයා ඉදල තියෙනවා…

ඔහු ගුරුවරයා වෙනුවෙන් භාරයක් වෙලා….

කොහොමහරි ඔහු බලාපොරොත්තු වෙච්ච රැකියාවම ඉතා සුබ ආකාරයෙන් ඔහු කරා ලැබිලා…..

ඉතිං ඒක තමයි විශ්වාසය……

ඒ විශ්වාසයට විශ්වය බෝහෝ වැසුනු දොරගුළු අරින්නට හැකියි.

මෙතනදි ම මම තවත් දෙයක් මතක් කළ යුතුයි. සමහර දරුවෝ පුංචි පුංචි කාරණා නිසා දෙවියන් පිළිබඳ වත් ගුරුවරයා පිළිබඳ වත් ඇති විශ්වාසය බිඳ ගන්නවා. අන්න එවන් අවස්ථාවන්වලදී කොතරම් උත්සාහ කරත් තමන්ගේ ජීවිතේ වැසුනු දොරටු ඇරගන්න බැරි වෙනවා.

ඔබ ඔබේ හදවතට තට්ටු කරලා බලන්න. මම මේ කියපු කාරණාව ඔබටම නිර්වචනය කර ගන්න ලැබේවි.

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x