තරුවළල්ල

තරු සතරින් රජකම් කල හෙල අර්ථක්‍රමය

දේශපාලකයා හා ජ්‍යොතිෂ්‍ය යනු එකිනෙකට බැඳී පවතින දම්වැලකි.

අද වනවිට දේශපාලන පොරපිටිය තුළ ස්ථාවර වන්නටත් ස්ථාවර වූ අය තම බලය රඳා පවත්වා ගන්නටත් ග‍්‍රහ තරුවල බලයේ පිහිට පතති.  බිම් මට්ටමේ දේශපාලකයාගේ සිට මහරජු දක්වාම විවිධ අයුරින් මෙම බලය උපයෝගි කරගනිති. ලාංකේය දේශපාලනය තුළ හුදෙකලාව එක් එක් දේශපාලකයා ප‍්‍රයෝජනයට ගත් ජ්‍යොතිෂ්‍යය, ජ්‍යොතිෂ්‍යයේ සැබෑ ස්වරූපය වූ රටක් පාලනය කළ හැකි හෙළ අර්ථ ක‍්‍රමය ලෙසින් මා පෙන්වාදීමත් සමගම රටේ පාලනයටත් ග‍්‍රහ තරුවල බලය උපයෝගි කරගන්නා බව හොඳින්ම දිස්වෙමින් පවතී.

එයට ඇති හොඳම සාක්ෂිය තරු වළල්ල ජ්‍යොතිෂ්‍ය ලිපි තුළ පළවූ දේශපාලන අනාවැකිවල සත්‍යතාව හේතුවෙන්ම එම දේශපාලන කැළැඹිලි තත්ත්වයන් සමතයකට පත්කිරීම හෝ සම්පූර්ණව පවතින දේශපාලනික තත්ත්වය වෙනස් කරලීම වෙනුවෙන් කළයුතු ශාන්තිකර්මයන් පක්ෂ විපක්ෂවල මැදිහත්වීමෙන් කි‍්‍රයාවට නැගීමයි.

ග‍්‍රහ යනු ග‍්‍රහණය කර ගැනීමයි. ග‍්‍රහයාට ග‍්‍රහණය කරගැනීමේ පරාසයක් නැත. පුද්ගලයාද පුද්ගල කණ්ඩායමක්, දේශපාලන සංවිධානයක් හෝ සමස්ත රටක් ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව ග‍්‍රහයා සතුවෙයි. මෙය හෙළ අර්ථ ක‍්‍රමයේ පදනමයි. එය අවබෝධ කරගන්නේ නම් ඒ ඒ මොහොත තුළ දේශපාලන පොර පිටිය තුළ බලවත් වන, දුබල වන හා ගැටලූ මතුවන තැන් අවබෝධ කරගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.  මේ තාක් කල් දේශපාලනික මෙන්ම සමාජයීය වශයෙන් නිශ්චිත අනාවැකි ඉදිරිපත් කරන්නට හැකිවූයේ ඒ හරහාය.

ලාංකේය දේශපාලනයේ ඉදිරි ගමන හා වත්මන් තත්ත්වය පිළිබඳ කතාකිරීමේදී ඡන්දය පැවැත්වෙන මොහොත තුළදී ජයග‍්‍රහණය හිමිවනුයේ  ජනතා අපේක්ෂාවමද යන්න බොහෝදෙනාට ඇති ප‍්‍රශ්නයකි. ගමේ ගොඬේ භාෂාවෙන් පවසන්නේ නම් ඡුන්දයෙන් පසු ආණ්ඩුවට ඡන්දය දීපු අයෙක් නැති තරම්ය.

එසේ නම් මෙතැන ඇත්තේ හෙළ අර්ථ ක‍්‍රමයේ ග‍්‍රහණය කරගැනීමේ බලයයි. මෙම ග‍්‍රහණය කරගැනීමේ ක‍්‍රමවේදය තුළ ජ්‍යොතිෂ්‍යය යනු එක් අංශයක් පමණි. එය අංග හතරකින් යුතු වූ සැඟවී ගිය ක‍්‍රමවේදයකි. පැරැන්නෝ එය තරු සතර ලෙසින් හැඳින්වූහ.

හෙළ ඉතිහාසය තුළ වසර දස දහසක් තිස්සේම පූර්ණ ලෙසින් හෙළ අර්ථ ක‍්‍රමය වූ තරු සතර උපයෝගි කොට ගත් පාලකයෝ ලෝකය පමණක් නොව විශ්වයම ජය ගත්තෝය.

බුදු උපතින් පෙරට නොගොස් මේ පිළිබඳ විමසන්නේ නම් බෝසත් සිරිත තුළ පූර්ණක නම් යක් සෙන්පතියකු බරණැස රජෙකු දු කෙළියෙන් පරදවන්නට හෙළ නැකත් ක‍්‍රමය උපයෝගි කර ගත් ආකාරය සඳහන් වෙන්නේ මෙසේය.

‘පූර්ණක නම් යකු ජයගෙන එදිනේ තෙදබල පෑ සිංහල දඬු මර නේ’

එසේම නැකතට පොළොවේ  ඉරක් ඇඳ ගංගා හරවන්නට සමත් ක‍්‍රම ඇති තරු සතරේ ප‍්‍රයෝජන ලැබ ගජබාවන් මුහුදු දෙබෑ කළ බව දන්නේ ශාස්ත‍්‍රය දන්නා අය පමණි. එසේම තවත් උදාහරණ  ඕනෑතරම් ඉතිහාසය තුළ ඇත. රාජසිංහ රජු පරංගින් හා  කළ සටනේදී කොළඹ කොටුව ගිනි තැබුවේ තරු සතරේම සැඟවුණු යෝගිනි නම් ක‍්‍රමවේදය හරහාය.

තරු සතර නැතහොත් හෙළ අර්ථ ක‍්‍රමය විපක්ෂයත් තම දේශපාලන වැඩපිළිවෙළට සමගාමීව පිළිගත යුතුව ඇත. එය පුද්ගල කේන්ද්‍රීය නැතහොත් මන්ත‍්‍රීවරු තනන වැඩපිළිවෙළක් නොව  පක්ෂයක් ලෙස රට නගන්නට හෙළ අර්ථ ක‍්‍රමය උපයෝගි කරගත යුතුව ඇත.

මේ තත්ත්වය තුළ ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ බලය ගොඩනැගෙන ආකාරය පිළිබඳද අවධානය යොමුකළ යුතුව ඇත.
ලාංකේය දේශපාලන හැසිරීම පිළිබඳ අවබෝධ කරගැනීම උදෙසා ප‍්‍රධාන කේන්දර සටහන් තුනක් උපයෝගි කරගත හැකිවෙයි. ඉන් පළමු  වැන්න වනුයේ ලංකාවේ පැරැුණිතම කේන්දර සටහන වන හෙළ රාජ්‍යයේ කේන්දර සටහනයි. තුලා ලග්න මෙම කේන්දර සටහනේ ලග්නය තුළම රාජ්‍ය පාක්ෂිකත්වය නියෝජනය කරන චන්ද්‍රයා හා රාජ්‍යත්වයට විරුද්ධ වෙන්නන් නියෝජනය කරන ශනි තැම්පත්ව සිටියි. ශනි තුලා ලග්නයට යෝගකාරක වීම තුළම පක්ෂයට වඩා විපක්ෂය බලවත් වීම තුළ හෙළ රාජ්‍යය විනාශ වී යෑම සිදුවෙයි. එම කේන්දරයේ බාධක ග‍්‍රහයා වන්නේ රජු නැතහොත් රවිය. හෙළ රාජ්‍ය විනාශ වී යෑමට හේතුවන්නේද රජුට (රවි  රා – සූර්ය වංශය) එරෙහිව නැගෙන විපක්ෂ බලයයි.

ඉන්පසුව සිංහලයේ කේන්දරය නැතහොත් විජය තම බල කඳවුර ගොඩනැගීමත් සමග නිර්මාණය වන සිංහලයේ කේන්දරය නැතහොත් කටක ලග්න කේන්දරයේ විපක්ෂය නියෝජනය කරන හතර වැනි භාවයේ අධිපතියා සිකුරු වීමත් සිකුරු අට වැන්නේ තැම්පත් වීමත් හරහා සිදුවනුයේ විපක්ෂය නැතහොත් පාලක පක්ෂයට විරුද්ධ වන්නන්ට අදෘශ්‍යමාන දෝෂ හරහා විනාශ වී යෑමත් තම සියලූ දෑ අතහැර දැමීමට සිදුවීමත්ය. වර්තමාන කුම්භ ලග්න කේන්දරය නිර්මාණය වන තෙක්ම රාජ්‍ය පාලනයට විරුද්ධ වන්නන්ට සිදුවූයේ එයයි.

වර්තමාන කුම්භ ලග්න ලංකා කේන්දරයේද විපක්ෂය නියෝජනය කරනුයේ සිකුරුය. සිකුරු කුම්භ ලග්න භාවය තුළම රැුඳී සිටියි. එනම්  වර්තමානයේදී ලාංකේය දේශපාලනය තුළ විපක්ෂය රටේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් ඇතිකළ හැකි පිරිසක් බවට පත්ව සිටීමයි. එහෙත් සිංහලයේ කේන්දරය හා නිදහසින් පසු ගොඩනැගෙන කේන්දරය තුළ සිකුරු බාධක ග‍්‍රහයා බවට පත්වී සිටීම හරහා තේරුම්ගත හැකි සරලම කාරණය වනුයේ පාලක පක්ෂයට විරුද්ධ පිරිස හැකි සෑමවිටම රට පාවාදීමට කටයුතු කරන බවය.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close