තරු වළල්ල

කේන්දරය ඇත්තටම වැඩක් ඇති දෙයක් ද? 2 වන පැහැදිලි කිරීම


පලමු ලිපියෙන් මම පෙන්වලා දුන්නා කේන්දරයක් උපයෝගී කරගෙන පුද්ගලයෙකුට තම ජිවිතය හැඩගස්වා ගැනීමටත් ජිවිතයේ පසුබෑම් හදුනාගෙන එවායින් මිදෙන්නට උපකාර ලබාගැනීමත් කලහැකි ආකාරය පිලිබදව….

කේන්දරයක් එතනින් එහාට වැදගත් වන අවස්ථා ගණනාවක් පිලිබදව අද ලිපියෙන් පෙන්වා දෙන්නට උත්සහ කරනවා. එහෙත් මේ අවස්ථාවල වැදගත්කම සමාජයට දැනෙන්නේ නෑ.

පලමු කාරණය තමයි දරුවෙකුට නමක් තැබීමේදි කේන්දරය ඉතා වැදගත් කාර්යයක් ඉෂ්ඨ කරනු ලබනවා.

ලංකාවේ දැනට හැමෝම කරන්නේ දරුවෙක් ඉපදුනාම දරුවගේ උපන් නැකත අනුව ලග්නය අනුව දිනය අනුව ජ්‍යොතිෂවේදියෙකු විසින් ලබා දෙන අකුරු කිහිපය තුළින් තමන් කැමති නමක් යෙදීමයි. නමුත් එය හරිම දෙය නොවෙයි.

නමක් යෙදීමේදි කේන්දරයේ ග‍්‍රහයන්ට පැවරුණු කර්මය ක‍්‍රියාත්මක කරවීම කියන කරුණට මුලික අවධානය යොමු කල යුතුයි. ඒ වගේම ඒ දරුවගේ සුභ යෝග ක‍්‍රීයාත්මක වීම පිලිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. නැකත මුල් කොට නමක් තැබු වීට විශ්වයෙන් එන සුභ වගේම අසුභත් ඒ වේගයෙන්ම දරුවා තුළට එනවා. කේන්දරය තුළින් තෝරා ගත යුතුයි කර්මාණුරූපිව සුභ පමණක් රුගෙන එමේ වගකීම පැවරී ඇති ස්ථානය…

නම පබැදිය යුත්තේ එය මුල් කොට ගනිමිනුයි. සරලව කිව්වට මෙය සරල නැහැ. ඉතා සංකිර්ණ කාර්යයක්.

දෙවන කරුණ වන්නේ ජිවිතයේ විවිධ වැදගත් අවස්ථා වලදි ඒ ඒ ජන්මියා මුල්කොට ගනිමින් ගොඩනගනු ලබන සුභ නැකත් උදෙසා කෙන්දරය ඉතා වැදගත් කාර්ය්‍ය භාරයක් ඉටුකරනු ලබනවා.

මෙය උදාහරණයකින් තේරුම් ගැනීම ඉතා වැදගත් යමේක්ට නිවසක් නිවසක් ඉදිකිරීම උදෙසා නැකතක් සාදාගැනීමට අවශ්‍යනම් ඒ සදහා ජ්‍යොතිෂවේදියෙක් ලගට ගියවිට අද ලංකාවේ නැකතක් ලබා දෙන ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ග‍්‍රහස්පුට පොතේ වර්ෂයටම අදාලව ලබාදී ඇති නැකතකින් එකක් ලබාදීම. හැබැයි එය තමන්ට ගැලපෙන්නත් පුලූවන් නොගැලපෙන්නත් පුලූවන්. එය තමයි බහුලව නැකත් දෙන ක‍්‍රමය. දෙවැන්න තමයි හරි ක‍්‍රමවේදය අදාල පුද්ගලයගේ ලග්නයට චන්ද්‍රයාගේ පිහිටීමට නිවසට අදාල භාවයට කර්මානුරූපිව නිවාස උරුමයන්ට පිඩා ගෙනෙන ග‍්‍රහයන්ට ගැලපෙන ආකාරයෙන් හා බාධා නොවන ස්ථානයන් මගහැර ඔහුට සුභම මොහොතේ පාපයන් දුරුකල මොහොතක් හදුනා ගැනීම. නැකත කියන්නේ පාප දුරුකල මොහොත කියන එකයි.

විවාහ නැකත් සෑදිමේදි කේන්දරය කියන එක අනිවාර්ය සාදකයක් එයට හේතුව එක් දිනක් තුළ නැකත් 16 ක් දෙදෙනාටම ගැලපෙන ලෙස ගොඩනැගීම කියන්නේ ඉතා සංකීර්ණ දෙයක් එය ඉතා සියුම්ව කේන්දරයේ ග‍්‍රහ පිහිටීම් සමග ගැලපිය යුතුයි.
නැකතක් හැදුවම එයට අදාල කේක්දර සටහනකුත් තියෙනවා. තමන්ගේ ලගනයෙන් වගේම චන්ද්‍රයා ඉන්න තැනින් 6 8 12 ට අදාල රාශි එම නැගතට අදාල කේන්දරයේ ලග්නය වෙන්න බෑ. එතකොට ලග්න 6 අතහරින්න වෙනවා. දෙන්නෙක්ට අදාලව මේ නිතිය සංසන්දනය කරන විට ලග්න 12 හම අත අරින්න වෙනවා. කේන්දරයේ වැදගත් කම මතුවෙන්නේ මෙන්න මේ නොගැලපීම තේරුම් ගන්න.

මෙය කෙන්දරයක් නැතිව කරන්නට බැහැ. නැකතක් හදලා දෙන්න පුලූවන් හැබැයි එහි කර්මාණුරූපි පාප දුරුකිරීම කියන කාරණය ඇත්තේ නැහැ.

තුන්වනුව කේන්දරයක් වැදගත්වෙන්නේ තමන්ගේ ජිවිතයේ දිශානතිය නිසිලෙස හදුනා ගන්න.

ඒ කියන්නේ දරුවෙක්ට උගන්නන්න ඔනේ මොනවද එයා අනාගතේ ඇත්තටම දක්ෂයෙක් වෙන්නේ මොන පාරේ අරන් ගියොත්ද කියන එක තේරුම් ගන්න. මම දන්න තරමින් කේන්දරයේ රුකියාවට අදාල භාවය මුල් කරගනිමින් ගොඩනගනු ලබන වෙනම කේන්ද්‍ර සටහනක් තුළින් පමණයි මෙය හදුනා ගත හැකි වෙනුයේ…

එසේ හදුනා ගැනීමෙන් ජිවිතය පොඩි කාලේ ඉදන්ම නිසි සැලැස්මකට හදා ගන්න පුලූවන්…

මගේම අත්දැකීමක් තියෙනවා මේකට මම කලිනුත් කියලා තියෙනවා මම එය ඉවෙන් හෝ හදුනා ගත්ත නිසයි අද මම මේ තැන ඉන්නේ… මම ඒ ගැන සතුටුයි… හැබැයි ටිකක් හිතන්න වෙන වෙන මාර්ග වල ජිවිතේන් තුනෙන් දෙකක්ම ගිහින් අවසානයේ මේ මාර්ගයට ආවනම්… එය අපරාදයක්.

මෙය පහසුවෙන්ම කල හැක්කේ කේන්දරෙන් විතරයි…

විවාහය ජිවිතයේ තීරණාත්මක තැනක් විවාහයේ ගැලපීම උදෙසෙ පොරොන්දම් ගැලපීම සිදුකරන්නෙත් කෙන්දර වලින්මයි. මම එය එතරම් විශේෂකොට සලකන්නේ නෑ. නමුත් දෙදෙනාගේ පුද්ගල ගැලපීම කියන එකනම් හොදින්ම ගැලපිය යුතුයි. එය හදුනා ගන්න පුල්වන් වෙන්නේත් කේන්දරයෙන්ම විතරයි.

කේන්දරය ඇත්තටම වැදගත්ද ?

මෙය තීරණය කරන්න වෙන්නේ තමන්ටමයි.

කේන්දරයක් නැතිවුණා කියලා මනුස්සයෙක් මැරෙන්නේ නෑ. ඔහුත් ජිවත් වෙනවා.. හැබැයි රත්කල යකඩයක් ඇල්ලූවම අතපිච්චෙනවා කියලා ඔහු තේරුම් ගන්නේ අත්දැකීමෙන්මයි. හැබැයි කලින් එය කියලා දුන්නොත් ඔහු නොඅල්ලා ඉන්නවා. වෙනස තියෙන්නේ එතනයි.

නුතන වාදී චින්තනය බුදු හිමියන්ගේ එක් කියමනක් සමගනම් බොහෝ එකගයි. එය විවිධ ලෙස වරනගනවා. නක්ෂත‍්‍රය යනු තීරෂ්චීන විද්‍යාවකි. නැකත් ග‍්‍රහ තරු තකන මෝඩයා වැඩ අතපසු කර ගනිති.

ඔහුනට නොතේරුණු කරුණු දෙකක් ඇත . පලමු වැන්න නක්ෂත‍්‍රය ප‍්‍රයේජනයක් නොමැත්තේ නිර්වාණ මාර්ගයටය. භෞතික මාර්ගයට නොවේ…. අනික රොකට්ටුවක් හදට යවන්නටද නැකත් බලති. ඒ පෘතුවි කක්ෂය හා චන්ද්‍ර කක්ෂය දෙක සමපාත වන මොහොත හදුනා ගැනීම උදෙසායි. ඔහුන් බලන්නේද ගැලපෙන මොහොතයි . බාධා ඇති නොවන සුභ මොහොතයි. එසේනම් නුතනවාදියාට කියන්නට අදට ගැලපෙන කථාවක්ද ඇත . නැකත් තකන විද්‍යාඥයා රොකට් නොයවනු ඇත යනු එයයි.

මෙය හොදින් තේරුම් ගන්න.

දකින දෙයට වඩා හැමදෙයක් තුළම ගැඹුරක් තියෙනවා. ගැඹුර දන්න අය හා නොදන්න අය කියන කොට්ඨාෂ දෙකක් ඉන්නවා . පිලිගැනීම හා නොපිලිගැනීම තීරණය වෙන්නේ ඒ මතයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x