තරු වළල්ල

කේන්දරය ඇත්තටම වැඩක් ඇති දෙයක් ද?


පසුගිය දිනක තරුණ දරුවෙක් ප‍්‍රශ්ණයක් අහලා තිබ්බා. මම ඔහුට එයට සරල උත්තරයක් දුන්නත් බොහෝ තරුණ දරුවන්ට මේ ප‍්‍රශ්ණය තියෙන නිසා පොදුවේ පිලිතුරක් දිය යුතුයි කියලා මට හිතුණා…

කේන්දරය කියන්නේ ඇත්තටම වැදගත් දෙයක්ද ?

කේන්දර සටහන කියලා කියන්නේ යම් දරුවෙකු උපදින විට උදාවෙමින් පවතින අහස් සිතියමයි. එය සරල හැදින්වීමක් විතරයි. මෙයට වඩා ගැඹුරු විග‍්‍රහයක් අවශ්‍යයි.

කේන්දරය කියන්නේ අපි භවයෙන් භවයට රුගෙන යන සිත මෙන්ම ඒ සිත හා බැදී තියෙන කර්මයේ සැලස්මක් කිව්වොත් එය වඩා නිවැරදියි.

ඒ කියන්නේ මතුපිටින් දකින කොටු දොලහවත් ඒ තුළ ලියවී ඇති ග‍්‍රහයෝ නම දෙනාවත් නොවෙයි.

ටිකක් හිතන්න අපි බිත්තියක සවිකරලා තියෙන ස්විචයක් ක‍්‍රීයාත්මක කරනවා. ඒ සමගම නිවස මැද්දේ තියෙන බල්බයක් දැල්වෙනවා. මෙය පේනදේ විතරයි. එයට යටින් නොපෙනෙන සංකීරණ සැලස්මක් පවතින බව අපි දන්නවා. විදුලිය වයර් ප‍්‍රධාන පුවරුව වගේ විශාල සැලැස්මක් බිත්ති තුළ පවතිනවා. මෙය නිර්මාණය කරන්න පුල්වන් විදුලි කාර්මිකයෙක්ට විතරයි. එත් බල්බය දල්වන්න ඔන කෙනෙක්ට පුලූවන්……

කේන්දරය හා ජ්‍යොතිෂය කියන්නෙත් එ සමානම දෙයක්…..

සාමාන්‍ය ජ්‍යොතිෂවේදියා කරන්නේ විදුලි බුබුල දැල්වීම හා සමාන දෙයක්.. ස්විචයක් තියෙනවා බල්බයක් තියෙනවා ස්විචය දැම්මම බල්බය පත්තු වෙනවා. හැබැයි ස්විචය දැම්මත් බල්බය පත්තු නොවේනම්…. එහි අභ්‍යන්තර පරිපථය පිලිසකර කලයුතු වෙනවා.

මොකද්ද කේන්දරයක අභ්‍යන්තර පරිපථය කියා කියන්නේ…

එහි තත්වයන් කිහිපයක් තියෙනවා…

මතුපිටින් දකින කේන්දරය තුළ සැගවු කේන්දර එකසිය හැටක් පවතින බව කිවහොත් ඔබ පුදුම වනු ඇත . නමුත් සත්‍ය එයයි. ගැටලූවට අදාල කේන්දරය ලිහා ගැනීම තුළින් පමණයි ජ්‍යොතිෂවේදියාට නිසි අයුරින් ජන්මියාගේ ජයග‍්‍රහණය උදෙසා මාර්ගය පෙන්වා දිය හැකි වනුයේ. එහෙත් මතුපිටින් දකින කොටු දොලසෙන් ඔබ්බට යන ජ්‍යොතිෂවේදියෙකු දකින්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකින් පමණයි.

ගැඹුරුම කාරණය වනුයේ උත්පත්ති කේන්දරය නිර්මාණය වීම උදෙසා බලපෑම් ඇතිකල පෙර භවයේ කර්මයන් හදුනා ගැනීමයි. කේන්දරයේ කොටු දොලසින් පුද්ගලයාගේ ජිවිතය කොටස් දොලසකට බෙදා දක්වනු ලබනවා. ග‍්‍රහයන් විසින් කරන්නේ එම බොදීම තුළට අවශ්‍ය ජවය හා ඉන්දන අඩු වැඞී කිරීමයි.

උදාහරණයක් ලෙස හිතමු. ලග්නාධිපති නැත්තම් ලග්නයේ අධිපතියා අටවෙනි කොටුවේ හෝ දොලහේ ඉන්නවනම් ඔහුගේ සාර්ථකත්වයට බොහෝ බාධා නිර්මාණය වීම සිදුවෙනවා. ඒ කියන්නේ 8/12 වගේ කොටු වලින් ලැබෙන ඉන්දන වෙන්නේ හානිවීම් අහිමිවීම් වගේ තත්වයන් … එවිට වෙන්නේ තම ජවය ගිලිහී යෑම…

මේ අයුරින් ග‍්‍රහයන් තැම්පත් වීමට හේතු නැත්තම් පෙර කර්මය හදුනා ගැනීමෙන් පසු ඒ ඒ කොටු වලින් ලැබෙන ඉන්දන සුභ කර ගැනීමේ වැඩපිලිවෙලක් අරඹිය හැකිවනවා. මෙය සරලව තේරුම් ගන්නත් පුලූවන් තමන්ගේ මෝටර් සයිකලයට තෙල් ගසන කෙනා දන්නවා මේ ෂෙඞ් එකේ හොරට ගහන්නේ මේකේ ඞීසල් කවලන් හරියටම තෙල් ගහන්නේ මෙතන කියලා…. අන්න ඒ අයුරින් නිවැරදි දෑනීම තුළින් වැරදි ඉන්දන වෙනුවට සුභ ඉන්දන සපයා ගත හැකි වෙනවා.

මෙය කරන්නට පුලූවන් කේන්දරය තුළින් කරන නිසි හදුනා ගැනීමෙන් පමණයි.

කේන්දරය සුක්ෂම කිරීම හරහා සටහන් 160 අතරින් නියමිත සටහන තෝරා ගැනීමේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ කර්මය ක‍්‍රීයාත්මක වන නිවැරදි අවස්ථාව හදුනා ගැනීමටය.

යමෙක් පෙර ආත්මයේදි තම දෙමාපියන්ව පිඩාවට පත්කර ඒ උදෙසා දඩුවමක් සහිතව මේ ආත්මයට පැමිණියේයැයි සිතන්න. අපට හුරු කර ඇත්තේ අප දෙමාපියන් වු විට එම කර්මය අපේ දරුවන්ගෙන් එයට දඩුවම ලබන බවය. කල කල දේ ඵල ඵල දේ…. යනුවෙන් පැවසුවේද එයයි. නමුත් එය වැරදි අර්ථ කථනයකි. කර්මය ක‍්‍රීයාත්මක වනුයේ විශ්වය විසින් දඩුවම උපරිමාකාරයෙන් ක‍්‍රීයාත්මක කල හැකි මොහොත හා ස්වාභාවය තුළය. එය රුකියාව තුළින් විවාහය තුළින් හෝ දරුවන් තුළින් ඇතිකරනු ලබන විදවීමක් ලෙසින් ක‍්‍රීයාත්මක විය හැකිය.

කේන්දරයේ මේ සුක්‍ෂම කිරීම් තුළින් නියත ලෙස පුර්ව කර්මය උදෙසා ක‍්‍රීයාත්මක වන දඩුවම හා දඩුවම ක‍්‍රීයාත්මක වන මොහොත අවබෝධ කර ගත හැකි වෙයි.

නමුත් සාමාන්‍ය ජ්‍යොතිශය තුළ කර්මානුරූපි විදවීම පිලිබදව සොයාබැලීමක් සිදුවන්නේ නැත . එහිදි සිදුවන්නේ ගත වන මහදසා අතුරු දසා මෙන්ම ගෝචරයෙන් ග‍්‍රහයන් ගමන් කරනා ආකාරය තුළ ක‍්‍රීයාත්මක වන පොදු තත්වයන් හදුනා ගැනීමයි. මෙහි පවතින ප‍්‍රධාන ගැටලූ කිහිපයක් වෙයි.

ලංකාවේ බහුල ලෙස භාවිත වන දශා ක‍්‍රමය වන්නේ විංශෝත්තරි දශාවයි. මෙම දශාව හරහා ජන්මියකුගේ ඒ මොහොතේ පවතින තත්ත්වය පමණක් පෙන්නුම් කරනු ලබයි. සත්‍ය ලෙස ඒ මොහොත තුළ ජන්මියා විඳින්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීමට සෑම ජන්මියෙකුටම එකම වු දශාවක් පමණ්ක් යොදා ගැනීම ප‍්‍රායෝගික නැත .

විංශෝත්තරි මහා දශාව වූ කලි නක්ෂත‍්‍ර මූලික දශාවකි. මෙම විංශෝත්තරි දශාව මිනිසෙකුගේ පුර්ණ ආයුෂ අවුරුදු 120 යැයි සිතා පෙලගස්වා ඇත . ඒ අනුව දශා නවයක් මෙම වයස් සීමාව තුළට ගොනු කරනු ලබයි. රවි මහා දශාව වර්ෂ 6 චන්ද්‍ර මහා දශාව වර්ෂ 10 කුජ මහා දශාව වර්ෂ 7 රාහු මහා දශාව වර්ෂ 18 ගුරු මහා දශාව වර්ෂ 16
ශනි මහා දශාව වර්ෂ 19 බුධ මශා දශාව වර්ෂ 17 කේතු මහා දශාව වර්ෂ 7 ශුක‍්‍ර මහා දශාව වර්ෂ 20 ආදී ලෙසින් දශා සියල්ලේම එකතුව වසර 120කි.

සාමාන්‍ය ජ්‍යොතිෂ්‍ය ක‍්‍රමයේදී එක් එක් ග‍්‍රහයාගේ ක‍්‍රෑර හා සෞම්‍යභාවය මත එකී දශාවේ සුබ අසුබ තීරණය කරනු ලබයි. සෞම්‍ය ග‍්‍රහයන් ලෙස සලකන්නේ ගුරු, සිකුරු, චන්ද්‍ර, බුධ යන ග‍්‍රහයන් වන අතර ක‍්‍රෑර ග‍්‍රහයන් ලෙස කුජ, ශනි, රාහු හා කේතු යන ග‍්‍රහයන් බෙදා දැක්වෙයි. මෙහිදී රවි ක‍්‍රෑරයකු ලෙස නොසලකයි. එයට හේතුවනුයේ රවි ග‍්‍රහ මණ්ඩලයේ රජු හා ජන්මින්ගේ ආත්මකාරකයා වීමයි.
එහෙත් මෙම නිර්වචනය සියයට සියයක් ප‍්‍රායෝගික නැත. වර්ථමාන මිනිසාගේ පුර්ණ ආයුෂ වනුයේ වසර හැත්තෑවකි .එසෙනම් කර්මයේ ක‍්‍රීයාත්මක වීම හදුනාගත යුතු වනුයේ පුර්ණ ආයුෂ වලට සාපේක්‍ෂවය. එසේම ග‍්‍රහයන් විදවීම උදෙසා මැදිහත් වනුයේ එම ග‍්‍රහයාට කර්මය විසින් ලබාදී ඇති ක‍්‍රීයාත්මක වීම තුළ මිස හොද ග‍්‍රහයන් හා නරක ග‍්‍රහයන් යන මුලික බෙදීම තුළ නොවේ.
ශනි මෙන්ම රාහු වැනි අසුභ දශා වලදී ඔනෑතරම් මිනිසුන්ගේ ජිවිත වලට සුභ රුගෙන එන අවස්ථා අප අත්විදිති. එසේම ගුරු සිකුරු වැනි ග‍්‍රහයන්ගේ දසා වලදී මරණය පවා රුගෙන එති. මෙහිදි ක‍්‍රීයාත්මක වනුයේ එම ග‍්‍රහයා විසින් ක‍්‍රීයාත්මක කරනු ලබන විශ්වය විසින් පැවරූ කර්මානුරූපි දඩුවමයි.

මතුපිටින් විග‍්‍රහවන කෙන්දරයකදි නිශ්චිත පලාඵල කිවනොහැක්කේද මේ නිසාය. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු ගුරු මහා දසාව ලබමින් සිටින මොහොතක තම කේන්දරය පරික්‍ෂාකර ගැනීමට ගියහොත් ඔහුගේ සියලූ කාර්යයන් ඉතා හොදින් සාර්ථක වන බව පමණක් නොව ඔහුට පැමිණෙන සියලූ බාධා ජය ගත හැකි බවත් පෙන්වා දෙනු ඇත . එහෙත් වෛදික ක‍්‍රමයේදි මෙම සාම්ප‍්‍රධායික පලාඵල කියන්නේ නැත . එයට හේතුව යම් හෙයකින් මෙම ගුරුට කර්මය ක‍්‍රීයාත්මක කරවීමේ මොහොතක් සම්භන්ධව ඇත්නම් ඔහුගේ ජිවිතය වැඩිම පිඩාවකට පත්වන කාලය මෙය වීමයි.එය මෙලෙස තේරුම් ගත හැකිය පෙර සදහන් කල පරිදි කර්මය නම් බල්බය දැල්වීම උදෙසා ගුරු නම් දසාව තුළ සවිකල ස්විචයක් හා සම වුවකි.

එහිදි මතුපිටින් යන ග‍්‍රහයා හෝ දසාව හදුනා ගැනීම වැදගත්ම කරුණක් නොවේ. කෙන්දරය මතුපිටින් බැලීම යනු එයයි. වෛදික ක‍්‍රමවේදය තුළදි සිදුකෙරෙනුයේ එහි ගැඹුරු ක‍්‍රඹවේදය වු පුර්ව කර්මය හා එය නිශ්චිත ලෙස ක‍්‍රීයාත්මක වන මොහොත අවබෝධ කර ගැනීමයි.

කේන්දරය ඒ උදෙසා අනිවාර්ය වු සාධකයකි. කෙන්දරයක් යමෙකුට නොමැතිනම් හෝ ඔහු කේන්දරය පිලිනොගනීනම් එයට හේතුවක්ද ඇත . විශ්වය විසින් පෙර කර්මයන්ගෙන් මීදීම වුදෙසා ඔහුට මේ භවයේදි ඉඩ ලබා නොදෙන බව ඒ තුළින්ම අවබෝධ කොට ගත හැකිය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close