තරු වළල්ල

නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්

කලියුගය යනු මිනිසාගේ ක‍්‍රියාවන්ගේම ප‍්‍රතිඵල මතින් සමාජය දුෂණය වී එම දුෂණයෙන්ම මිනිසා විනාශ වී යන යුගයක් බව පුරාණ ග‍්‍රන්ථවල ලියැ වී ඇත.

පැරැන්නෝ ඈත අතීතයේදී පැවසූ දෙය කලියුගයේ වසර පන්දහසක් ගෙවී යද්දීම සිදුවෙමින් පවතින බව අවට සමාජය දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කරුණකි. ලොව පුරා වේගයෙන් පැතිර යන ලෙඩ රෝග හරහා දවසකට මිය යන ප‍්‍රමාණය ගිණිය නොහැකි තරම්ය. සරල රෝගයන්ගේ සිට සංකීර්ණ රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳින මිනිසුන්ගෙන් ලෝකයේ සෑම රෝහලක්ම පිරී ගොස් අවසානය.

පැරැුණි සමාජයේ නොපැවති රෝගවලින් එක්වරම සමාජය වෙළා ගැනීමට හේතු වූයේ පරිසර දුෂණය පමණක්ම නොවේ. සාම්ප‍්‍රදායික දැනුම පිළිබඳ පැවැති විශ්වාසයන්ගෙන් මිනිසා ඈත්වීම ප‍්‍රබල ලෙසම බලපෑවේය.

ජ්‍යොතිෂ්‍ය ලෙස හඳුන්වන්නේද සාම්ප‍්‍රදායික දැනුම පිරි විෂයකි. ජ්‍යොතිෂ්‍ය හරහා ඉතා සාර්ථක ලෙස මිනිසුන් උපතේ සිට මරණයට පත්වන මොහොත දක්වා රෝගී ගතිවලින් පීඩා විඳින්නේ කෙළෙසද යන්න අවබෝධ කර ගත හැකි වෙයි. මෙහිදී අපි උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව වැනි සරල රෝගී තත්ත්වයන් පසෙක තබා තරමක් සංකීර්ණ රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතු සාධක වන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරමු.

කර්ම ඵල ජ්‍යොතිෂ්‍යට අනුව රෝගයක් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ පෙර කර්මයන්ය. එනම් යම් පුද්ගලයකු දිගු කාලයක් තිස්සේ යම් රෝගයකට ලක් වී පීඩා විඳියි නම් රෝගයට පිළියම් යෙදීමෙන්ම එයින් මිදීමට උත්සහ දැරීමට වඩා තම කර්මයට පිළියම් යෙදීම හරහා වඩා වේගවත්ව

රෝගයෙන් මිදීමට අවස්ථාව උදාවන බව පෙනී යයි. උදාහරණයක් ලෙස සලකා බලතහොත් යම් පුද්ගලයකුට පෙර ආත්මයේ මවගේ නිවස අහිමි කර මහමඟට ඇද දැමීම හේතුවෙන් තම පූර්ව ආත්මීය මවගෙන් ඇතිවන සාපයක් ඇතැයි සිතන්න. එවිට සිදුවනුයේ අදාළ සාප හරහා දඬුවම් ක‍්‍රියාත්මක වන කාල සීමාවලදී එම පුද්ගලයාගේ හෘද රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳීමට සිදුවීමයි. මෙහිදී රෝහල්ගත වීම මෙන්ම රෝගී ගති වෙනුවෙන් තම ධනය විශාල ලෙස වැය කිරීමටද හේතු ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

පෙර ආත්මයේදී මවුපියන්ට, පූජක පක්ෂයට පහරදීම් හේතුවෙන් තම කේන්දරයේ පළමු භාවය සාපවලට මැදිවීම හරහා තම ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස බිඳවැටෙන අතර ඒ හරහාම නිරන්තරව වැළඳෙන රෝග (වෛරස් ආසාදන) හරහා පීඩා විඳීමට සිදුවෙයි. මෙම තත්ත්වය පවතින විට පෙර ආත්මයේදී දේව හෝ බුදු පිළිම කඩා දැමීමක් හරහා ඇතිවන දේව බාධාවක් මෙයට සම්බන්ධ වුවහොත් බොහෝවිට ශරීරය පුරා පැතිරී යන පිළිකා හෝ රුධිරය හා පටක හරහා ව්‍යාප්ත වන රෝගී ගතිවලින් පීඩා විඳීමට සිදුවෙයි.

මෙයටම සමාන ශුභ තත්ත්වයක් වනුයේ ශනි ග‍්‍රහයා කේන්දර සටහනේ පළමු භාවයේ තැන්පත් වීමයි. වෛදික ජ්‍යොතිෂ්‍ය සාම්ප‍්‍රදායන්ට අනුව ශනි පළමු භාවයට පැමිණි විට මරණයට පත්වීම නැතහොත් බලයක් රහිත වීම සිදුවේ.

ශනි මිනිසා ශරීරය පාලනය කිරීමත් පළමු භාවයෙන් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමත් හේතුවෙන් කල් පවතින දැඩි රෝගී ගති හරහා ව්‍යාප්ත වන රෝගයන්ගෙන් පීඩා විඳීමට සිදුවෙයි. මෙවන් ග‍්‍රහයෙකු වක‍්‍ර වූ අවස්ථාවකදී තත්ත්වය ඉතා දරුණු වන අතර ප‍්‍රබල අනතුරක් හරහා මතුවන රෝගී තත්ත්වයක් හරහා නිරන්තරව පීඩා විඳීමට සිදුවෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යයේදී කේන්දර සටහනේ ප‍්‍රධාන ස්ථාන තුනක් හරහා රෝග ගැන කතා කළ හැකි වෙයි. ඒවා නම් හයවැනි භාවය, අටවැනි භාවය හා එකළොස්වැනි භාවයයි. හයවැනි භාවය තුළින් මෙම ආත්මයේදී ජන්මියාගේ ක‍්‍රියාවන් හරහාම වර්ධනය කරගනු ලබන රෝගී ගති පිළිබඳ කතා කරනු ලබයි. බොහෝවිට මෙම රෝග වෙනත් අයගේ පෙළඹවීම හරහා ඇති වන තත්ත්වයන්ය. උදාහරණයක් ලෙස සලකතොත් මධ්‍යසාරවලට හුරුවීම හරහා පසුකාලයේ ඇතිවන රෝගී ගති මේ භාවය හරහා ක‍්‍රියාත්මක වෙයි. මෙම භාවයන් හරහා ක‍්‍රියාත්මක වන රෝග ප‍්‍රධාන තත්ත්වයන් දෙකකට යටත් වෙයි.

1. ආගන්තුක දෘෂ්ටි

2. ආගන්තුක අදෘෂ්ටි

ආගන්තුක දෘෂ්ටි යනු යම් සිදුවීමක් මත මෙය ඇති වේ යැයි යන්න අවබෝධ කර ගත හැකි රෝගයන්ය. ඒවා සඳහා ඉතා ඉක්මන්ම පිළියම් යෙදිය හැකි වෙයි. ආගන්තුක අදෘෂ්ටි යනු රෝග මූලයන් සොයාගත නොහැකි තත්ත්වයන්ය. හදිහූනියම්, ඇස්වහ කටවහ (දෘෂ්ටි බාධා) හරහා මෙම රෝග හට ගනු ලැබේ.

අටවැනි භාවය හරහා නිජ දෝෂ ක‍්‍රියාත්මක වීම හරහා වර්ධනය වන රෝග ඇති වෙයි. නිජ දෝෂ යනු පෙර ආත්මයේදී සිදු කළ ප‍්‍රබල පාප කර්මයන්ය. මෙම භාවයේ බලපෑම හරහා මතුවන රෝග නිදන්ගත රෝග ලෙස සැලකේ. දියවැඩියාව, හතිය, ලාදුරු වැනි තත්ත්වයන් හා පරම්පරාවෙන් එන රෝග බොහොමයක් මේ ගණයට වැටෙයි. මේ තුළත් නිජ දෘෂ්ටි හා නිජ අදෘෂ්ටි යනුවෙන් කොටස් 2ක් පවතින අතර ශාරීරිකව ඇතිවන දෝෂ නිජ දෘෂ්ටි ලෙසත් මානසික තලයේ ක‍්‍රියාත්මක වන දෝෂ නිජ අදෘෂ්ටි ලෙසත් හඳුනාගත හැකිය.

ජීවිතයේ බිඳවැටීමට හේතුවන්නා වූ ප‍්‍රබල රෝගී තත්ත්ව අටවැනි භාවය හරහා නිර්මාණය කරනු ලබන අතර පූර්ව ආත්මීය සාප සමග මෙය සම්බන්ධ වූ විට එම රෝග ඉතා බැරුම් බවට පත්වීම සිදුවෙයි.

එකොළොස් වැනි භාවය හරහා ආගන්තුක අදෘෂ්ටි රෝග තත්ත්වයන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. යම් ආත්මයකින් නික්මයෑමෙන් පසු යළි උපදින පළමු මිනිස් ආත්මයේදීම දඬුවම් ලැබිය යුතුයැයි විශ්වය විසින් තීරණය කරනු ලබන කර්මයන් මතින් හටගන්නා රෝග මේ හරහා ක‍්‍රියාත්මක වනු ලැබේ. මෙම රෝග කිසිදු වෛද්‍යවරයකුට හසුනොවන අතර ජ්‍යොතිෂ්‍යවේදීන්ද ඒ සම්බන්ධව ශාන්තිකර්ම ලබාදීමේදී තරමක චංචලතාවකට මැදිවෙයි. මෙහිදී ආකාශ කියවීම භාවිත නොකර ගැඹුරට සොයන ජ්‍යොතිෂවේදියා තුළත් ක‍්‍රියාත්මක වනුයේ වැරැුදි ශාන්තිකර්මයන්ය.

රෝගී ගති උදෙසා රාහු හා කේතුගේ බලපෑම දැඩි ලෙස බලපානු ලබන අතර යම් රෝගී තත්ත්වයක් ක‍්‍රියාත්මක වීමේදී එයට රාහු හා කේතු සම්බන්ධ වන ආකාරය මත එම රෝගවල ප‍්‍රබල බව තීරණය වෙයි. රාහුගෙන් පෙර ආත්මයේදී දැනුවත්ව අන් අයට සිදුකරන ලද වැරැුදි හරහා ක‍්‍රියාත්මක වන රෝග හා කේතු සම්බන්ධ වීමෙන් අත්වැරැුදීම් හරහා මතුවන රෝග අවබෝධ කරගත හැකිවෙයි.

පෙර ආත්මයේ සාප හා බාධක ග‍්‍රහයා සම්බන්ධ වීම තුළින් ප‍්‍රබල රෝගී ගති වර්ධනය වීම සිදුවෙයි.  බරපතළ හෘද රෝග,  ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග,  අක්මාව හා ඉන ප‍්‍රදේශය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග,  යටි බඩ ප‍්‍රදේශයේ ගැටලූ හා ප‍්‍රජනන පද්ධතිය, ලිංගික අවයව සම්බන්ධයෙන් ව්‍යාප්ත වන රෝග ආදී ලෙසින් අවබෝධ කරගත හැකිවෙයි.

ගුලික හා මාන්දි යන උපග‍්‍රහයන්ද නිශ්චිත රෝගී ගති ඇතිකරන ග‍්‍රහයන් දෙදෙනෙකි. හිස ආශ‍්‍රිත රෝග, ආමාශගත රෝග මෙන්ම දෙපා සම්බන්ධ රෝග වර්ධනයට මෙම ග‍්‍රහයන් දැඩිලෙස බලපෑම් ඇතිකරයි.

වෛදික හා කර්ම ඵල ජ්‍යොතිෂ්‍ය තුළදී යම් ජන්මියකුගේ රෝගී තත්ත්වයන් අවබෝධ කරගැනීම උදෙසා පූර්ව ආත්මීයව ඔහු මත ක‍්‍රියාත්මක වන සාප හා බාධා අවබෝධ කරගනු ලැබේ. ඉන් පසුව පෙර කර්මයන් ඉවත්කරලීම හෝ අඩුකරලීම උදෙසා ප‍්‍රබල භාවනා ක‍්‍රමවේදවලට ජන්මියාව හුරුකිරීම කළ යුතුය. ඒ අතරතුර අදාළ ග‍්‍රහයාගේ ස්වභාවය මත කළයුතු යාතුකර්මද පවතී. යම් රෝගයක් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ගුරු ග‍්‍රහයා නම් මල් ගඟකට දැමීම, සිකුරු ග‍්‍රහයා නම් විසිතුරු බඩු දන්දීම, බුධ සම්බන්ධ වුවහොත් පොත්පත් ඉගෙනගන්නා ළමුන්ට දීම, චන්ද්‍රයා නම් ජලය පූජා කිරීම සිදු කිරීම හරහා රෝග පාලනය කරගත හැකිවෙයි.

වෛදික සම්ප‍්‍රදාය තුළදී රෝග පාලනයට මන්ත‍්‍ර භාවිත කිරීම බොහෝ සේ සිදුවෙයි. එහිදී තම උපන් දවසට අදාළ දින අධිපතියා නැමදීමෙන් එම දිනය තුළ රෝගීභාවයට පත්වීම පාලනය කරගත හැකිවෙයි.

මේෂ ලග්න හිමියන් සූර්ය නමස්කාරය කිරීමේදී තරමක් විමසිලිමත් විය යුතුය. එයට හේතු වනුයේ පස්වැන්නාධිපති වන රවි නමැදීම හරහා යම් දෝෂ තත්ත්වයක් මතු විය හැකි බැවින් එම දෝෂ තත්ත්වයන්හි ස්වභාවය අවබෝධයෙන් යුතු වීම වඩා වැදගත් වේ.

රෝග වර්ධනය වන කාල සීමාවල වෘත සමාදන් වීම හරහාද බොහෝ රෝගී ගති පාලනය කරගැනීමේ අවස්ථාව උදාවෙයි. කර්මය යනු වෙනස් කරගත නොහැකි දෙයක් නොවන අතර දැනුවත්භාවය හා කැපවීම මත ස්ථිරව වෙනස් කරගත හැකි වෙයි.

මේ හරහා කාලයක් තිස්සේ දුක් විඳින රෝගාබාධවලින් මිදෙන්නට අවස්ථාව උදාකරගත හැකි වෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close