තරු වළල්ල

ජේසුස් වහන්සේට උපන් දින තුනක්

බර උසුලන්නාවූත්, වෙහෙස වන්නාවූත් සියල්ලනි, මා වෙත එන්න, මා ඔබලාට සහනය උදාකර දෙමි”යි දෙව් පියාණන් වහන්සේ ප‍්‍රකාශ කළහ.

ශුෂ්ක කාන්තාරයේ වැලි තලාවේ කර්කෂ වූ මිනිසුන්ගේ ජීවිතවලට සහනය රැුගෙන, අදින් වසර දෙදහස් එකොළහකට පෙර පුර අටවක තිථිය ලත් සඳුදා දිනක මධ්‍යම රාත‍්‍රී දොළහට ආසන්න කාලයක දී බෙත්ලෙහෙමේ ගවහලක ජේසු සමිඳාණන් මෙලොව එළිය දුටුවේ ය.

මෙම කාලය වන විට මිසර අධිරාජ්‍යය ව්‍යාප්තව පැවැතුණු අතර, ඊශ‍්‍රායලය එහි යටත් විජිතයක් ලෙස හෙරෝද් නම් ප‍්‍රාදේශීය පාලකයා යටතේ පාලනය වෙමින් පැවැතුණි. හෙරෝද් වූකලී දැඩි පාලකයකු විය. නිරන්තරව තම මතයේ ම එල්බගෙන කටයුතු කරමින් දැඩි පාලනයක් ගෙන ගියේ ය.

ජේසු සමිඳාණන්ගේ උපත සිදුවන්නේ මේ කාලය තුළදී ය.

ජේසුස් වහන්සේගේ උපත සිදු වූ දිනය සම්බන්ධයෙන් මත කිහිපයක් ම පවතී. පල්ලිය මුල්කර ගනිමින් සිදු කෙරුණු යටත්විජිතවාදය තුළින් ජේසු සමිඳාගේ උත්පත්තිය සිදු වූ දිනය දෙසැම්බර් 25 වැනි දා යැයි ලෝකය පුරා මතයක් ව්‍යාප්ත කරලීය.

එහෙත් එදින ජේසු උපත සිදුවිය නොහැකි බවට තර්ක කරන පිරිසක් ද සිටිති.

ගතානුගතික සාම්ප‍්‍රදායික දේව චින්තනය තුළින් මිදී දේව උත්පත්තිය පිළිබඳ තොරතුරු සොයා යන විට දැකගත හැකි ප‍්‍රධාන තර්ක දෙකක් පවතී. ඉන් පළමු වැන්න වනුයේ අප පිළිගන්නා දෙසැම්බර් 25 උත්පත්තිය සිදුවීය යන්නයි.

අනෙක් දිනය වනුයේ ක‍්‍රිස්තු වර්ෂ හයේ අපේ‍්‍රල් 17 වැනි සෙනසුරාදා පෙරවරු එකොළහට මෙම උපත සිදුවිය යුතු බවයි.

මෙහි දී ජේසුස් වහන්සේගේ උත්පත්තියෙන් අට දිනක් ගත වන විට ජුදා චාරිත‍්‍ර තුළ සිදුකෙරුණු චර්ම ෙඡ්දනයට මුහුණදීමට ද ඔහුට සිදු විය. ඒ අනුව ජුදා සම්ප‍්‍රදාය යනු වර්තමාන ඉස්ලාමීය දහමේ මුල්කාලීන පසුබිම බව තහවුරු වෙයි.

මරියා මවුතුමියට උපන් දෙවියන්ගේ දරුවාට පියකු සොයාගතයුතු වන්නේ මේ ජුදා සම්ප‍්‍රදායට අනුව සැමියකු නැතිව දරුවකු කුසට ඒම ගල් ගසා මරා දැමීමට තරම් වරදක් වූ බැවිනි.

ඔගස්ටස් සීසර්ගේ යටත් විජිත තුළ සෑම වසරකට ම වරක් ජන සංගණනයක් පැවැත්වුණු අතර මෙම ජන සංගණනය උදෙසා ජේසුගේ පියා වූ ජෝසප්ගේ මවුපියන් සිටි නගරය වෙත ගමන් කිරීමට සිදුවිය. මරියාට දරුඋපත සිදුවන්නේ මේ ගමන අතරතුර කාලය තුළදී ය.

මෙහි දී මතුවන ප‍්‍රධාන තර්කය ඉතිහාසය තුළ රෝම අධිරාජ්‍යය තුළ සිදුකෙරුණු ජන සංගණනයන් දෙසැම්බර් මාසය තුළ සිදු වී නොතිබීමයි. එලෙස දෙසැම්බරය තුළ ජන සංගණනයක් පැවැතියේ නැතිනම් සංගණනයක් උදෙසා මරියා හා ජෝසප් තම උපන් ගම්වලට යෑම පිළිගත හැක්කක් නොවෙයි.

මෑත කාලීන යුගය වන තෙක් ම රෝම අධිරාජ්‍යයේ යටත් විජිතවල අපේ‍්‍රල් මාසය මුල්කර ගනිමින් ජන සංගණනයන් පැවැති බවට සාධක පවතියි. එසේම දෙසැම්බරය යනු අධික ශීත කාලයකි. මැදපෙරදිග ආශ‍්‍රිතව දෙසැම්බරයේ පවතින අධික ශීතල හේතුකොටගෙන ජන සංගණනයක් පැවැත්වේ යැයි ප‍්‍රායෝගිකව ද සිතිය නොහැකි ය.

බැබිලෝනියානු ජ්‍යොතිෂ්‍ය විද්‍යාව මෙම කාලය වන විට ඉතා දියුණු මට්ටමක පැවැති අතර, මෙහි දී බෙත්ලෙහෙම් තාරකාව ලෙස ඔවුන් ගණනය කරන්නට ඇත්තේ බෙත්ලෙහෙම් අහසේ මේෂ රාශිය මුල්කර ගනිමින් ශනි හා බ‍්‍රහස්පති යන ග‍්‍රහයන් දෙදෙනා එක්ව ගොඩනඟන සංයෝගය විය යුතුය.

මේ ආකාරයෙන්ම ක‍්‍රිස්තු වර්ෂ 945 දී, 1264 දී, 1572 දී හා ක‍්‍රිස්තු වර්ෂ 1872 දී මෙම ග‍්‍රහ සංයෝගය සිදුවුණි.

මෙම සංසිද්ධිය හරහා රාත‍්‍රී අහසේ බ‍්‍රහස්පති තාරකාව වඩා දීප්තිමත් ව දිස්වීම සිදුවන බව නක්ෂත‍්‍රවේදීහු ගණනය කරන්නට ඇත. වර්තමානයේ සිදුවන චන්ද්‍රග‍්‍රහණ, සුර්යග‍්‍රහණ අධ්‍යයනය කිරීමට විද්‍යාඥයෝ එය හොඳින් දිස්වන ස්ථාන කරා ගමන්කරන්නා සේ එකල ද ජ්‍යොතිෂ්‍ය පිළිබඳ දැනුම සහිත රජවරු තිදෙනකු බෙත්ලෙහෙමට පැමිණෙන්නට ඇත.

මෙය වඩාත් සනාථ වනුයේ ඔවුන් අලූත උපන් ළදරුවාට දුන් තෑගි ඔවුන් දැකගැනීමට දැඩි උනන්දුවකින් පැමිණි ”රජුන්ගේත් රජු” ලෙස ඔවුන් සැලකූ අලූත උපන් බිළිඳකුට ප‍්‍රමාණවත් නොවීමයි. රන්, සුවඳ හා ලාටු ඔවුන් අත තිබූ දෑවලින් අහඹු ලෙස දුන් දෑ ලෙස සිතිය හැකිය.

දෙසැම්බර් මාසය තුළ එකල අහසේ සිදු වූ ප‍්‍රබල වෙනසක් පිළිබඳ සඳහනක් දැකගන්නට නැත. මෙවන් පසුබිමක් තුළ දැනට ජේසු සමිඳාගේ උපත පිළිබඳ ගැටලූවක් පැවැතිය යුතුය.

අනෙක් කාරණාව ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත මුල්කරගනිමින් වර්තමානයේ භාවිතයට ගැනෙන කැලැන්ඩරය (ක‍්‍රි.ව.* නිර්මාණය වන්නේ ජේසුගේ උත්පත්තියෙන් වසර තුන්සියයකට හාරසියයකට පසුවය. එවන් පරිසරයක දී අනුමාන වර්ෂයක් සහ නව වසරක උදාවට ආසන්න මොහොතක් මේ සඳහා උපයෝගි කරගත්තා වන්නට ඇත.

මෙම දිනය සැමැරීමට නැතහොත් තම ශාස්තෘවරයා හා සම්බන්ධකිරීමට හේතු වූ තවත් සිදුවීමක් ද පවතී. ජේසුතුමාගේ උත්පත්තිය සිදුවන වකවානුව තුළ දී එදා නසරතය, බෙත්ලෙහෙම ආදී වර්තමාන ඊශ‍්‍රායලය තුළ ‘පාස්කු’ නමින් උත්සවයක් පැවැතියේ ය. එහි අර්ථය ‘පසුකර යෑම’ යන්නයි.

රෝමානු පාලනයට එරෙහිව ඔවුනගේ සීමාවට කඩාවැදී, මිසර (රෝමානුවන්* සොල්දාදුවන් මරා දැමීම මේ උත්සවය හරහා සැමරිණි. එයත් ජනතා පිබිදීමකි. පසුකාලීනව මෙම පිබිදීම ජේසුස් වහන්සේගේ පිබිදීමක් ලෙස මිනිසුන් විග‍්‍රහකරන්නට විය. එය අප රටේ ගජබා රජුගේ වීරත්වය පෙන්වීමට ඇරැුඹි ඇසළ පෙරහර, දළදා පෙරහර බවට පරිවර්තනය වීම හා සමානය.

මෙම උත්පත්ති දිනයද ප‍්‍රතික්ෂේප කරන ජ්‍යොතිෂ්‍ය විශාරදයකු වන සූර්ය සිද්ධාන්තය ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කළ ද ජෝන් බට්ලර් පියතුමා පවසන පරිදි ක‍්‍රිස්තු උපත සිදුවිය යුත්තේ සැප්තැම්බර් 19 වැනිදාය. එයට හේතු ලෙසින් ඔහු පවසන්නේ දෙසැම්බර් මාසය තුළදී බැටළුවන් රාත‍්‍රී කාලයේ තණ බුදීම සිදුනොකරන අතර සැප්තැම්බර් මාසය තුළදී සූර්යයා බැසීම ප‍්‍රමාද වීම තුළ බැටළුවන් රාත‍්‍රී කාලයේද තණ බුදීම සිදුවන බවය.

කිතුනු භක්තිකයන් අතර ඇති වූ මුල් බෙදීම්වලට මෙය ද හේතුවක් වී ඇත. සත්‍ය ලෙස ජේසු බිළිඳාගේ උපත සැමරිය යුත්තේ දෙසැම්බරයේ ද අපේ‍්‍රල් මාසයේ ද යන්න ප‍්‍රබල ගැටලූවක් ව ඇත.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close