තරු වළල්ල

කොට උඩ නොයන රුකියාවකට 10 පනින්න

සෑම සමාජ ක‍්‍රමයක් තුළදීම මිනිසා තම යැපීම උදෙසා කුමක් හෝ කාර්යයක නියැළුණි. ගල් ආයුධයෙන් සතෙකු මරාගන්නට හුරුවූ මිනිසා ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වෙද්දී සතුන් හඹාගොස් මරා කෑම වෙනුවට සතුන් ඇතිකර ඔවුන්ගෙන් යැපීමටත් ඉන්පසුව භවබෝග වගාකර ඒවායින් යැපෙන්නටත් හුරුවිය.

ගල් යුගයෙන් එෙඬ්ර යුගයටත් එෙඬ්ර යුගයෙන් ගොවි යුගයටත් ඉන් පසුව ඉලෙක්ට්‍රොනික යුගයටත් මිනිසා පරිවර්තනය වීමේදී ඒ ඒ යුගයට සාපේක්ෂව මිනිසාගේ භෞතික තත්ත්වයන් වෙනස් වුවද පොදු මිනිස් අවශ්‍යතාවන්ගේ වෙනස්වීමක් සිදුවූයේ නැත. යැපුම් ගොවිතැන හරහා තම මූලික අවශ්‍යතා සපුරාගත් මිනිසා දියුණු ඉලෙක්ට්‍රොනික යුගයේදී සුවපහසු කාමරයක් තුළ සිට කරන රැුකියාවක් හරහා ගනු ලබන වැටුපකින් තම මූලික අවශ්‍යතා ඉටුකර ගනිමින් සිටියි.

සමස්තයක් ලෙස ගත් කල මෙහි සමාන අසමානතා පැවතිය හැකිය. එහෙත් ජ්‍යොතිෂ්‍යට අනුව නම් මේ කාර්යය එකම තැනකින් විග‍්‍රහ කළ හැකිවේ. එනම් ක‍්‍රියාව, රැුකියාව, වෘත්තිය ආදී සියල්ල එකට කැටි කළ කර්මය යනු මෙයයි. කේන්දරයේ දසවැනි භාවය නැතහොත් කර්මස්ථානය තුළින් ජන්මියකුගේ ඉහත සඳහන් කළ සියල්ල ගැන කතා කළ හැකිවෙයි.

රැුකියාව වෘත්තීය ගැන කතා කිරීමේදී එම භාවය කර්මස්ථානය ලෙස හැඳින්වීමට ප‍්‍රධාන හේතුවක් ඇත. අප ආත්මීයව ගෙනෙනු ලබන විඳවීම් හා ඉදිරි ආත්මයට ගෙනයනු ලබන විඳවීම් බොහෝවිට නිර්මාණය වීම සිදුවනුයේ මෙම භාවය හරහාය.

එනම් සියලූ හොඳ සහ නරක නිර්මාණය වන්නේ අපේ ක‍්‍රියාවන් හරහාම වන බැවින් එම භාවය අපේ පෙර කර්මයන්ට දඬුවම් දීමටද නිශ්චිත කාර්යයක් ඉටුකරනු ලබයි.

මෙම ලිපිය තුළ ප‍්‍රධාන වශයෙන් කතා කිරීමට උත්සහ දරනුයේ රැකියාව වෘත්තීය හා තම කර්මය පිළිබඳය. කේන්දර සටහනේ දසවැන්නෙන් තම රැකියාව මෙන්ම කර්මය ගැන කතා කිරීමට ප‍්‍රධානම හේතුව වනුයේ මේෂ ලග්න විශ්ව කේන්දරයේ දසවැන්න මකරය වීමයි. මකර රාශියේ අධිපතියා වනුයේ ශනි නැතහොත් සෙනසුරුය. ග‍්‍රහ දේශපාලනයට අනුව බලන කල ශනිගෙන් නියෝජනය වන්නේ කම්කරුවාය. එනම් වැඩ කරන්නාය. ජීවත්වීම උදෙසා නිරන්තරව වෙහෙසවෙන්නාය.

සිංහල භාෂාව තුළදී කර්මය හා ක‍්‍රියාව යනු සමාන පද වුවත් කර්මඵල ජ්‍යොතිෂ්‍ය තුළදී කර්මය ලෙස අදහස් වන්නේ පෙර භවයන්හිදී කරන ලද ක‍්‍රියාවන් මත මේ ආත්මයේ ඇතිවන තත්ත්වයන්ය. වෛදික හා කර්මඵල ජ්‍යොතිෂ්‍ය සම්ප‍්‍රදායන් තුළ ශනි පූර්ව ආත්මීය කර්ම උදෙසා එළිපිට දඬුවම් දෙන්නා ලෙස හැඳින්වීම හරහාම දසවැනි භාවය කර්ම ස්ථානය ලෙසද හඳුන්වනු ලබයි. මේ හේතුවෙන් අප මූලිකව තේරුම් ගත යුතු වනුයේ තම හැකියාවන් හෝ ක‍්‍රියාවන් තුළින් අප නොදැනුවත්වම පූර්ව ආත්මීය කර්ම උදෙසා දඬුවම් විඳින බවය.

අනෙක් කාරණය වනුයේ සෑම ජීවියෙකුම භවයෙන් භවයට ගමන් කරන බැවින් බොහෝවිට සෑම භවයකදීම ඔහුගේ ක‍්‍රියාවන්හි සමාන තත්ත්වයක් දැකගත හැකි වෙයි. එබැවින් ජ්‍යොතිෂ්‍ය තුළ පෙන්වා දෙන්නේ පෙර ආත්මයේදී කළ රැකියාවම මේ ආත්මයේදී තෝරාගතහොත් ඒ මඟින් ඉතා දියුණු මට්ටමකට ගමන් කළ හැකි බවයි. එයට හේතු වනුයේ පෙර ආත්මයේදී තම ක‍්‍රියාව නතර කළ තැනින් මේ ආත්මයේදී ආරම්භ කිරීමයි.

එය උදාහරණයක් ඇසුරින් තේරුම්ගතහොත් කලින් ආත්මයේදී කුඩා පෙට්ටි කඩයක් පටන් ගන්නා පුද්ගලයකු ක‍්‍රමක‍්‍රමයෙන් තම ජීවිත කාලය තුළ එය සාමාන්‍ය කඩයක් දක්වා වර්ධනය කරගනියි. ඉන්පසු ඔහු මිය ගොස් ඊළඟ මිනිස් භවයේ ඉපිද යළි කඩයක් ආරම්භ කළහොත් ඔහු කඩය පටන් ගන්නේ පෙර ආත්මයේ කඩය නතර කළ මට්ටමෙනි. එහිදී මේ ආත්මයේදී තම කඩය කෙමෙන් කෙමෙන් වර්ධනය කර සුපිරි වෙළෙඳසලක් මට්ටමට ගෙන ආ විට ඔහු මේ භවයෙන් නික්ම වෙනත් මිනිස් භවයක උපත ලබයි. ඔහු පෙර භවයේදී තමන් කළ කාර්යය හොඳින් අවබෝධ කරගෙන කඩයක් දැමීමට තීරණය කළහොත් ඔහු එක්වරම පටන් ගන්නේ සුපිරි වෙළෙඳසලකිනි. ඒ අනුව තමන්ට උරුම කාර්යය තුළ නියැළීමෙන් ඒ තුළින් ඉදිරියට යෑමේ අවස්ථාව උදාවෙයි.

තමන්ට භවයෙන් උරුම වූ රැුකියාව බැලීමේ ක‍්‍රම කිහිපයක්ම පවතී. කර්මඵල ජ්‍යොතිෂ්‍යයේදී එය පෙර භවය ඇසුරින් තීරණය කරනු ලබන අතර සාමාන්‍ය ජ්‍යෙතිෂ්‍යයේදී කේන්දරයේ දහවැනි භවයේ තැම්පත්වන ග‍්‍රහයා අනුව අවබෝධ කරගත හැකි වෙයි. ජන්මියකුගේ කේන්දරයේ දහවැනි භවයේ රවි තැන්පත් නම් රජයේ රැකියාවක යෙදීමේ අවස්ථාව උදාවේ. දේශපාලන මෙන්ම රාජ්‍ය ගරුබුහුමන් ලැබීමේ අවස්ථාවද උදාවෙයි. ඉක්මනින් නිමාවන වැඩ තෝරාගත යුතුය. නායකත්වය ගෙන කටයුතු කරයි.

එහි චන්ද්‍ර තැම්පත් නම් මනස වෙහෙසවා සිදුකරන රැුකියාවල යෙදීමේ අවස්ථාව උදාවෙයි. වරප‍්‍රසාද මෙන්ම කීර්තියද හිමිවෙයි. ආහාර නිෂ්පාදනය (නිර්මාංශ*, ‘මවක් දරුවන් පෝෂණය කරන්නාක් මෙන්’ සමාජය පෝෂණය කරන වෘත්තීන් සුදුසුය.

අධ්‍යාපන ආයතන එහිලා විශේෂ වේ. දහවැනි භාවයේ කුජ තැන්පත් නම් හමුදා, පොලීසි, වෛද්‍ය අංශ මෙන්ම නීතිය සම්බන්ධ රැුකියා සෑම දෙයක්ම ඉතා ක‍්‍රමාණුකූලව සහ නීතිමය රාමුන් තුළ සිදුවන රැුකියාවන් තෝරාගත යුතුය. වෙහෙසවී වැඩ කළ හැකිය. බුධ තැන්පත් නම්, බොහෝවිට ලේඛන කලාව, ජනසන්නිවේදන ඉගැන්වීම්, පොත්පත් ප‍්‍රකාශන කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදාවෙයි. හැදෑරීම් හරහා සමාජය අලූත් කරන දැනුම ඉදිරිපත් කිරීම හරහා ප‍්‍රබල දියුණුවක් ලබාගත හැකිය.

ගුරු තැන්පත් නම් අන් අයට උපදෙස් දෙමින් ඔවුන් යහපත් මාර්ගවල ගෙන යෑමට උත්සහ දැරීම හරහා දියුණු විය හැකිය. ශාස්ත‍්‍රීය කටයුතු මෙන්ම සමාජ සංවර්ධනයද මොවුන් අතින් සිදුවෙයි. වෙහෙසවී කරන කටයුතු මෙම ජන්මීන්ට නොගැළපෙන අතර උපදෙස් දීම පමණක් කළ යුතු වෙයි.

සිකුරු තැන්පත් නම් බොහෝවිට නව නිර්මාණාත්මක අංශයන් මෙන්ම කලාවට සම්බන්ධ රැුකියා අංශ සුදුසු වෙයි. පරිසරය සොබාදහම ආශ‍්‍රිත රැකියා හරහා වර්ධනය විය හැකිය. සෑම දෙයක් පිළිබඳවම සොයාබලමින් කටයුතු කිරීමට අවස්ථාව උදාවන අතර ඕනෑම සමාජ පංතියක් සමග වැඩකිරීමේ හැකියාව පවතී. මහජන සම්බන්ධතා නිලධාරින්, දේශපාලන අංශ, දහවැන්නේ සිකුරු තැන්පත් ජන්මීන්ට සුදුසු වෙයි. දහවැන්නේ ශනි තැන්පත් නම් කාගේ යටතේ හෝ වැටුපක් ලබන රැුකියාවක යෙදීමට සිදුවෙයි. එසේම ඉලක්කවලට කටයුතු කළ නොහැකි බැවින් ළඟ ළඟ නිම නොවන දීර්ඝ කාලයක් එක දිගට කළ හැකි කටයුතුවල යෙදිය යුතුවෙයි.

රාහු තැන්පත් නම් එක තැනක නොසිට තැනින් තැනට ගමන් කරමින් කළ යුතු ජංගම රැකියා සුදුසු වෙයි. අලෙවි නියෝජිතයන් බොහෝවිට මෙම ගණයට ගතහැකි වෙයි. එසේම රසායනික ද්‍රව්‍ය අලෙවිය, මධ්‍යසාර අලෙවිය වඩා සුදුසුය. පරිගණක අංශ කෙරෙහි රාහු තැන්පත් වීම හරහා උනන්දුව ඇතිවේ.

කේතු තැන්පත් වීමෙන් ඉතා සූක්‍ෂ්ම හැදෑරීම්, තොරතුරු රැුස් කිරීම්, බුද්ධි අංශ, පරිගණක අංශ ආදිය හරහා ඉදිරියට යාහැකි වේ.

කර්මඵල ජ්‍යොතිෂ්‍යය තුළ මෙයට වඩා ඉතා සාර්ථක ක‍්‍රමවේදයක් භාවිත කරනු ලබයි. ඒ සඳහා දශාංශ චක‍්‍රය නම් ක‍්‍රමවේදයක් භාවිත කරනු ලබයි. මේ හරහා සිදුවනුයේ පෙර භවයේ තමා කළ රැකියාවේ ස්වභාවය අවබෝධ කරගැනීමයි. එම ස්වභාවයට අයත් රැුකියාවක මේ ආත්මයේ යෙදීමෙන් ඉතා වේගවත්ව ඉහළට ගමන් ගමන් කළ හැකි වෙයි.

දශාංශ චක‍්‍රයේ දේවතා අම්ස දහයක් ඔස්සේ තම රැුකියාවේ දිශානතිය තීරණය කරනු ලබයි. එහිදී ඉන්ද්‍ර, අග්නි, යම, නෙරිති, වරුණ, වායු, කුබේර, ඊසාන, බ‍්‍රහ්ම හා අනන්ත ලෙස දෙවිවරු දහයක් විසින් මිනිසාගේ රැුකියාවන් පාලනය කරනු ලබයි. ඉන්ද්‍ර විසින් සියලූ කාර්යයන්ට බලය සපයයි. අග්නි විසින් දැනට පවතින දෙයක් නව අයුරින් සමාජ ගතකිරීමට අවස්ථාව සලසයි. යම විසින් ධර්මතා රකිමින් නීතිය ක‍්‍රියාත්මක කරනු ලබයි.

නෙරිති විසින් සම්මතයට පටහැනි දේ සිදුකරන අතර පාතාල නායකයන් වැන්නන් බිහි කරයි. වරුණ විසින් සාගරය ආශ‍්‍රිත හෝ සාගරයෙන් එහා රැුකියා අවස්ථා නිර්මාණය කිරීම සිදුකරයි. වායු විසින් සිදු කරනුයේ සමාජ සංවර්ධනය උදෙසා තමා තුළ පෙළඹවීමක් ඇති කිරීමයි. කුබේර යනු මුදල් පාලනය කරන බැංකු වැනි ස්ථානවල රැුකියා සඳහා ජන්මියාට බලය දෙන ශක්තියයි. ඊසාන යනු ආගමානුකූල බව හරහා සමාජය යහමඟ යැවීමට බලය සැපයීමයි. බ‍්‍රහ්ම විසින් පර්යේෂණ, ගවේෂණ ආදී දිගින් දිගට සිදුකරන හැදෑරීම්වලට ජවය ලබාදීම සිදුකරයි. අනන්ත විසින් නව නිර්මාණ නව දැනුම් මෙන්ම නව සිතුවිලි නිර්මාණය කිරීමට අවස්ථාව උදාකරනු ලබයි.

දරුවකුගේ අධ්‍යාපනය ඉලක්ක විය යුත්තේද තම රැුකියාව නැතහොත් කර්මයේ දිශානතිය අනුවය. එසේ වුවහොත් අධ්‍යාපනය තුළින් මෙන්ම හැකියාවන් මුදල් බවට පත්කර ගැනීමටද ජන්මියාට කිසිදු අපහසුතාවක් ඇති නොවේ. වර්තමානයේදී රැකියාවන් හරහා ප‍්‍රතිඵල නොලැබීමට ප‍්‍රධාන හේතුව වන්නේද තමාට සුදුසු

රැකියාව අවබෝධ කරනොගෙන තමන්ට හිතෙන හිතෙන රැකියාවල යෙදීමය. විශ්ව නියමයට අනුව ස්ථාවර වීමට නම් නියත ලෙසම භවයන් හරහා හුරුවූ රැකියාවේම යෙදිය යුතු වෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close