තරු වළල්ල

කුජ දෝෂ - මිථ්‍යාව

සමාජය කොතෙක් දියුණු වුවත්, පැරැුණි පෙම් පත වෙනුවට ෆේස් බුක් වැනි නවීන සබ`දතා ගොඩ න`ගා ගැනීමේ ක‍්‍රමවේද බිහි වුවත් ලාංකේය සමාජය තුළ වයස් සීමාවන් පසු වෙද්දීත් විවාහයක් කර ගත නොහැකිව පසුතැවෙන බොහෝ පිරිසක් වෙති. මෙම අවිවාහක පිරිස අතර වැඩි පිරිස වනුයේ තරුණියන්ය. ලාංකේය සමාජ සංදර්භය තුළ තවමත් විවාහය උදෙසා පොරොන්දම් ගැළපීම මේ අවිවාහක පෝලිම දික් ගැස්සීමට හේතුවක් බවට පත් වෙයි. එයට හේතුව වනුයේ මේ විවාහ නොවන අයගේ කේන්ද්‍ර තුළ 90%ක් පමණම ”කුජ දෝෂ” නැතහොත් ”මංගල දෝෂය” පිහිටා තිබීමයි. භෞම දෝෂ, අන්ගාරක දෝෂ ලෙස ද මෙය හැ`දින්වේ.
කුජ දෝෂ නැතහොත් මංගල දෝෂ පවතින්නෝ විවාහයක් ස`දහා සුදුසුකම් නොලද්දෝය යන මතය ලාංකේය ජ්‍යොතිෂ්‍යවේදීන් තුළ දැක ගත හැකි වෙයි. කුජ දෝෂ සහිත ජන්මියකුට ඒහා සමානව ගැළපෙන කේන්ද්‍රයක් සොයා ගත යුතු වෙයි.
මංගල දෝෂය යනු කුමක් ද? එහි ප‍්‍රායෝගික සත්‍යතාවයක් පවතී ද යන්න පිළිබ`ද වෛදික ජ්‍යොතිෂ සිද්ධාන්තයන් අනුව අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.
කුජ යනු වෛදික ජ්‍යොතිෂ්‍යයේ ස`දහන් වන පරිදි පෘතුවියේ පුත‍්‍රයාය. ”කු” යන්නෙන් පොළොව යන්නත් ”ජ” යන්නෙන් උපන් යන අර්ථයත් ලැබෙයි. දේව මණ්ඩලයේ සෙන්පතියා ලෙසින් සැළකෙන මුහුණු සයක් සහිත කාර්තිකෙයිය නැතහොත් කතරගම දෙවියන් කුජ ග‍්‍රහයාගේ පාලන දේවතාවා වෙයි. ඒ අනුව ග‍්‍රහ මණ්ඩලයේ සෙන්පතියා ලෙසින් සැලකෙන්නේ ද කුජ ග‍්‍රහයාය. සටන්කාමීත්වය, ශක්තිය, බලය, වීරත්වය, එඩිතරබව, දැඩි විනය ආදී දක්ෂ සෙන්පතියකු තුළ ඇති සියලූම ගති ලක්ෂණයන් කුජ ග‍්‍රහයා තුළින් ද දැක ගත හැකි වෙයි. කුජ යනු දැඩි උෂ්ණාධික ග‍්‍රහයෙකි.
කුජ දෝෂ යනුවෙන් වෛදික ජ්‍යොතිෂ්‍යයේ හැ`දින්වෙන්නේ කුජ ග‍්‍රහයා ජන්ම කේන්ද්‍රයේ 2, 4, 7, 8 හා 12 වැනි භාවයන් තුළ තැන්පත් වීමයි. ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීහු ජන්ම කේන්ද්‍රයේ ඉහත ස්ථානවල කුජ තැන්පත්ව සිටිනවා දුටු සැණින් එම ජන්මියා විවාහයක් සිදු නොවන පුද්ගලයකුය යන මානසිකත්වය ගොඩන`ගනු ලබයි.
කුජ විවාහයට බාධා ඇති කරනු ලබන්නේ කෙළෙසද යන්න අපි පැහැදිලි කර ගැනීමට උත්සහ දරමු. විවාහය යනු ආදරණීය හැ`ගීමකි. නීති රීතිවලින් සීමා කළ නොහැකි
හැ`ගීමකි. ආදරය තුළ ඇත්තේ සිසිල් වූ තෙත් බවකි. මෙවන් වූ හැ`ගීම් කුජ වැනි අග්නියෙන් පිරුණු යම් රටාවකට හුරු කෙරුණු අයකුට ඇති වන්නේ නැත. ආදරය කිරීමට හමුදා නීතිය සුදුසු නැත.
වෛදික ජ්‍යොතිෂ්‍ය සම්ප‍්‍රදායන් තුළ දී කුජ දෝෂ හරහා විවාහයක් සිදු නොවේය යන මතයේ පිහිටා කටයුතු නොකරයි. කුජ තැන්පත් වන ස්ථානය අනුව ආදර විවාහ සබ`දතා තුළ විවිධාකාරයේ ගැටලූ වර්ධනය වෙයි.
කුජ 2 වැනි භාවයේ තැන්පත් වීමෙන් රළු කතා බහ, පරුෂ වචන ආදී වචන මුල් කර ගනිමින් සබ`දතා බි`ද වැටෙයි.
කුජ 4 වැනි භාවයේ තැන්පත් වීම හරහා නිරන්තරවම ආවේගශීලී මනසකින් කටයුතු කිරීමට පෙළඹෙයි. මෙය හරහා සබ`දතාවලදී අන් අය අභිබවා යෑමට උත්සහ දැරීම හරහා සබ`දතා බි`ද වැටෙයි.
කුජ 7 වැනි භාවයේ තැන්පත් වීම හරහා තම ශරීරය තුළ අධික ශක්තියක් හා අධික කාම ආශාවක්් ක‍්‍රියාත්මක වෙයි. මෙය ලිංගික නොගැලපීම්වලට හේතු වෙයි. එසේ ම වෙනත් සබ`දතා ඇති වීමට ද හේතුවක් වෙයි.
කුජ අට වැන්නේ තැන්පත් වීම හරහා කලත‍්‍රයා (සහකරු හෝ සහකාරිය* තමාට පෙර මිය යාම සිදුවන බව ස`දහන් වෙයි.
කුජ දොළොස් වැන්නේ තැන්පත් වීම හරහා තම ධනය විනාශ වී යෑම, දැඩි සතුරු කරදරවලට ලක්වීම සිදුවන අතර එම`ගින් සබ`දතාවලට බාධා ඇති වෙයි.
ඉහතින් දැක් වූ කුජ දෝෂයන් දුරු වන ග‍්‍රහ පිහිටීම් ද කේන්ද්‍රයේ දැක ගත හැකි වෙයි. කුජ ග‍්‍රහයා තමන්ගේම රාශිය වන මේෂයේ තැන්පත්ව රවි, ගුරු හා චන්ද්‍ර සම`ග සබ`දතා පැවැත්වීම. දෙවැන්න මිථුනය හෝ කන්‍යාව වී එහි කුජ තැන්පත් වීම, හතරවැන්න මේෂය වී එහි කුජ තැන්පත් වීම, හත්වැන්න මකරය වී එහි කුජ තැන්පත් වීම, අටවැන්න මීනය වී එහි කුජ තැන්පත් වීම, දොළොස්වැන්න වෘෂභය හෝ තුලාව වී එහි කුජ තැන්පත් වීම, කුම්භ ලග්නය වී කුජ 4 හෝ 8 තැන්පත් වීම, කුජ සම`ග ගුරු හෝ චන්ද්‍ර සංයෝග වීම හා දෘෂ්ටියට ලක්වීම, කුජ සම`ග රවි, බුද්ධ, ශනි හෝ රාහු සංයෝග වීම හෝ දෘෂ්ටියට ලක් වීම, වේ නම් මෙම කුජ දෝෂයන් බි`ද වැටෙයි. එහෙත් මෙම තත්ත්වයන් පිළිබ`ද සිංහල ජ්‍යොතිෂ්‍ය සම්ප‍්‍රදාය අවධානයට ලක් නොකර 2, 4, 7, 8, 12 යන භාවයන්වල කුජ තැන්පත් වූ පමණින් කුජ දෝෂ හරහා විවාහය බි`ද වැටේය යන මිථ්‍යා මතය ඇති කරනු ලබයි. වෛදික ජ්‍යොතිෂ්‍යයට අනුව මෙය සත්‍යතාවයෙන් තොර වූ මතයකි.
කුජ හරහා විවාහය ප‍්‍රමාද නොවන අතර ඒ ස`දහා බලපානුයේ තම පූර්ව කර්මයන්ය. එසේම පොරොන්දම් ගැලපීමෙන් බලාපොරොත්තු වන ලෙස සර්ව සම්පූර්ණ ගැලපීම් සහිත දෙදෙනකු එකතු වන්නේ ද නැත. පොරොන්දම් ගැලපීම හෝ කේන්දර බැලීම යනු තම ජීවිතයේ පවතින අඩුපාඩු අවබෝධ කරගෙන ඒවා වෙනස් කරලීම උදෙසා යම් වැඩපිළිවෙළක් ඇරඹීමයි. අප දකින ලෙස විවාහයේ දී කුජගේ බලපෑම හරහා විවාහයට අවශ්‍ය තෙත් බව වියලී යන අතර ඒ නිසා ලිංගික සබ`දතා දුරස් වෙයි. මේ හරහා ජන්මීන් බ‍්‍රහ්මචාරීව ගත කිරීමට යොමු කරවයි. එනම් තම ලිංගික ආශාවන් සතපවා ගත නොහැකිවීමයි.
කෙසේ වෙතත් කුජගේ තැන්පත් වීම අනුව ඇති වන විවිධ ගැටලූ හරහා සබ`දතා බි`ද වැටීමෙන් විවාහය ප‍්‍රමාද වීම සිදු වීම සාමාන්‍ය කරුණකි. තම ආවේග, ඉවසීම නොමැතිකම මත ද විවාහය අවුල් වෙයි. අධ්‍යාපනය බි`ද වැටීම මෙන්ම දරු ඵල සම්බන්ධ ගැටලූ ද කුජ දෝෂ හරහා මතු වෙයි. කුජ දෝෂවලට ගැලපෙන කේන්ද්‍ර සොයා ගත නොහැකිව වයස්ගත වන තෙක් විවාහ නොවී සිටීම වෙනුවට ඒ වෙනුවෙන් කළ හැකි වෛදික ශාන්ති කර්ම බොහෝ ප‍්‍රමාණයක් පවතියි. මේ හරහා විවාහය තමා වෙත ගෙන්වා ගැනීම මෙන්ම විවාහයට කුජගේ බලපෑම් අඩු කර ගැනීම ද කළ හැකියි.
මංගල දෝෂය දුරු කර ගැනීමට භාවිත කළ හැකි ප‍්‍රබලම ශාන්ති කර්මය වනුයේ හනුමාන් දෙවියන් උදෙසා සිදු කරන පූජාවන්ය. (පසුගිය සතියක මෙම ශාන්ති කර්මය පළ කෙරිණි* අ`ගහරුවාදා දිනවල හනුමාන් කෝවිලකට ගොස් දෙවියන් වැ`ද එළ`ගි තෙල් පහනක් දල්වා රස කැවිලි හා සින්¥ර් දන් දෙන්න. නිරන්තරව ” ඕම් ශ්රීම් හනුමන්තාය නමඃ” ද යන මන්ත‍්‍රය භාවිත කරන්න. යකඩ උපයෝගී කර ගනිමින් තියුණු භාණ්ඩ නිපදවන මිනිසුන්ට රතු රෙදි දන් දෙන්න. මෙම ක‍්‍රමයෙන් ”තමාට කුජ ග‍්‍රහයාගෙන් යම් බාධාවක් සිදු වෙයිද එය දුරු වේවා” යන
හැ`ගීම සිත තුළ ඇති විය යුතු වෙයි.
මේ සියල්ලටම වඩා වැදගත් වනුයේ කුජගෙන් තමා තුළ මතුවන අශුභ තත්ත්වය දැන ගෙන එය දුරු කර ගැනීමයි. උදාහරණයක් ලෙස සිතුවහොත් ආවේග පාලනය කර ගනී නම් ගැටලූ ඇති වන්නේ නැත. එසේම කේන්ද්‍ර සියල්ල ගලපා විවාහයක් සිදු කර ගත්ත ද තමාට ලැබෙනුයේ තම කර්මය ක‍්‍රියාත්මක වීමට ගැලපෙන සැමියකු හෝ බිරි`දකි. පොරොන්දම් ගැලපුව ද නොගැලපුව ද එහි වෙනසක් සිදු නොවෙයි. හො`දින් පොරොන්දම් ගලපා විවාහ වූවන් දික්කසාද වන්නේත් විවාහ අසාර්ථක වන්නේත් එබැවිනි. කුජ දෝෂය යනු බිය විය යුත්තක් හෝ විවාහය විහින්ම ප‍්‍රමාද කර ගත යුත්තක් ද නොවේ. අවශ්‍ය වනුයේ නිසි කැපවීමක් හා වැඩපිළිවෙළක් හරහා තම කර්මය වෙනස් කර ගැනීමය.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close