තරු වළල්ල

පේ‍්‍රමය වෙනුවෙන් මැරෙන්න එපා. මරන්න...

වසර කිහිපයකට කලින් රුවුල වවාගෙන බොහෝ කලකිරුණු සිතින් තරුණයෙක් ආශ‍්‍රමයට පැමිණියා.

මා ඔහුව දුටුවේ ජිවිතය එපාවුණු කෙනෙක් ලෙසයි.

ඇත්තටම ඔහුට ජිවිතය එපාවෙලා.

සමාජය තුළ බොහොම සාමාන්‍ය සිදුවීමක් එයට හේතුවෙලා තිබ්බා.

තමන් වසර ගණනක් තිස්සේ ආදරය කරපු ආදරවන්තිය තමන්ව දාලා ගිහින්…

හැබැයි එහි ශෝචණිය බවකුත් තියෙනවා.

ඒ ගැහැණු දරුවා මේ තරුණයව දාලා යන්න හේතුව ලෙස කියන්නේ මේ තරුණයට හොද ආදායමක් තියෙන රුකියාවක් තව ම නැති කම…. ඒ තරුණයා උගත් දරුවෙක් හැබැයි ඒ වෙන විටි ඔහු රුකියාව ඇරඹුවා පමණයි….

ඔහු තම අදාරය අහිමි වීමත් සමගම සියදිවි නසා ගන්න හිතලා.. කොහොම හරි ඒ සිතුවිලි අතරින්ම ආශ‍්‍රමය මතක් වෙලා….

ඉතිං ඔහු පැමිණියා…

ඒ ආදරය දිනා ගන්නනද ? තමන්ව දිනා ගන්නද ? කියන අරමුණකින් තොරව…

මම ඔහුට මාර්ගයක් පෙන්නුවා.. ඒ දෙකම නොවන…

ඒ තම විදවීමට හේතුවන කර්මය නිමාකර ගන්න මාර්ගය……..

ඔහු ඒ මාර්ගය හොදින් ඇල්ලූවා…

ඒ ඇල්ලීම තුළ ඔහු මුලින්ම අත්වින්දේ තමන්ව දමා ගිය ආදරවන්තියගේ පිඩාකාරී මතකය දුරස්වීම….

මට මේ ලිපිය ලියන්න හිතුන හේතු දෙකක් තියෙනවා.

පලමු වැන්න ඒ දරුවගේ විවාහය තව ටික දිනකින් සිදුවෙනවා. ඒ ආශ‍්‍රමයෙන්ම ලබාගත් නැකත් වලට… ඒ නැකත් එලඹෙනකන් වසර දෙකකට ආසන්න කාලයක් ඔහුට බලා ඉන්න සිදුවුණා… සුභ නැකතක් කියන්නේ එයට… හැබැයි ඔහු විවාහ වෙන්නේ දාලාගිය තරුණියනම් නොවෙයි… තමනගේ සැබෑම උරුමක්කාරිව.. ඒ විශ්වය විසින් රුගෙන ආ කෙනාව… දැන් ඔහු ඉතා ඉහල වැටුපක් වගේම සතුටින් කලහැකි රුකියාවක් කරගෙන යනවා…

විවාහය ලැස්ති වෙද්දී අපුරු සිදුවීමක් සිදුවෙනවා…. මෙය ලියන්න හේතුවන දෙවන සිදුවීම තමයි… අතහැර ගිය තරුණිය ඔහුව යළි හොයාගෙන ඇවිත් විවාහ වෙන්න කැමතියි කියලා කියනවා…. එත් ඔහු පැකිලීමකින් තොරව එය ප‍්‍රතික්‍ෂේප කරනවා. විවාහ ගිවිසගත් තරුණිය ඇයට වඩා සියදහසක් සුදුසු නිසාම…

පසුගිය දිනක ඔහු ආශ‍්‍රමයට කථාකරනවා තවත් සුභ ආරංචියක් කියන්න… දුරකථනය උත්තර දෙන්නේ ආශ‍්‍රමයේ අම්මා……
අම්මේ මට අපේ ආයතනයේ මව් ශාඛාවේ වැඩට රට යන්න අවස්ථාවක් ලැබුණා… විවාහයට නිවාඩු දෙනවා… විවාහයෙන් පසු දෙන්නටම යන්න පුලූවන්….

එදා ජිවිතය අතහැර යන්නට සිතු ඔහු අදවන විට කර්මය පමණක් නොව ජිවිතයද ජයගෙන ඇත . හොදින් තේරුම් ගන්න.
සොබාදහමේ දොරටු හැරෙන්නේ පරාජයෙන් පසු බව… අපට හුරුකරලා තියෙන්නේ ඇතිවීම පවත්වාගෙනයෑම හා විනාශය කියන පිලිවෙලයි…

නමුත් එය වැරදියි.. අලූතින් අරඹන්නනම් පවතින දෙය විනාශ විය යුතුයි. සැබෑ වෛදිකය අවබෝධ කර ගත්විට තේරෙනවා..
විනාශය ඇතිවීම හා පවත්වාගෙන යෑම තමයි විශ්ව නියමය කියලා…

පසුකාලීනනව ශිව නැතහොත් විනාශකරන්නා මහදෙවියන් වුණෙ අන්න ඒ නිසයි… පේ‍්‍රමය පසුගිය කාලේ බොහෝ ජිවිත කොච්චි වලට බිලි කරන අයුරු අපි දුටුවා. හොදින් මතක තියා ගන්න.

අහිමිවීමෙන් බිදවැටීමෙන් පසු මැරෙන්න එපා මරාදාන්න…

තමන්ගේම විදවීමට හේතුවන කර්මය…

එය අලූත් උපතක් වේවි ජිවිතයට….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x