තරු වළල්ල

මුල් ගල යටින් තැබු නැන්දම්මාගේ තෑග්ග

මව්වරුන්ගෙන් දරුවන් විදින පිඩාවන් වල නොපෙනෙන පැතිකඩක් පිලිබදව ලියු ලිපියෙන් පසු බොහෝ පිරිසක් තම අත්දැකීම් පිලිබදව පෞද්ගලිකව පණිවිඩ යොමු කර තිබුණා….

ඒ හැම එකක්ම දුක් කදුලූ පිරි අවසානයක් සහිතයි….

ඒ දේවල් කියෙව්වම මේ සිදුවීමේම තවත් පැතිකඩයක් ලිවිය යුතයි කියා මට හිතුණා…

මෙය මගේ අත්දැකීමක් තුළින් මම පැහැදිලි කරන්නම්…..

පසුගිය කාලයේ දිනක එක් කාන්තාවක් තම පවුල තුළ ඇතිවුන යම් ගැටලූකාරී තත්වයක් සම්භන්ධයෙන් නිමිත්තක් බලන්නට තම දරුවා සමග ආශ‍්‍රමයට පැමිණියා….

නිමිත්ත තුළින් මා ප‍්‍රධාන වශයෙන්ම දුටුවේ ඇගේ පවුලේ ආර්ථිකය පවුලේ සම්පත් මෙන්ම ජවය බිදදැමීම උදෙසා ක‍්‍රීයාත්මක වන හදිහුනියම් තත්වයක් ඇති බවය….

මා භාවනාව තුළින් එහි ආරම්භය සොයා ගියා.

මට දුටුවා අලූතින් පස් කපපු තැනක නව නිවසක් හදන්නට ගෙපල් කපන්නට සුදානම් වන මොහොතක්…

ආශමයට පැමිණි කාන්තාවගේ තරුණ අවධිය බව මා තේරුම් ගත්තා..

ඒ අවස්ථාවේ ඇගේ පවුලේ අය එ අසල සිටියා…

දෙපාර්ශවයෙන් කෙනෙතුගේ දෙමාපියන් යැයි සිතිය හැකි දෙදෙනෙකුත් ඒ අසල සිටියා….

නැකතට මුල්ගල තබා ටික වෙලාවකින් ඔසරිය ඇද සිටි මව යැයි සිතිය හැකි කෙනා යම් තඹ තහඩු කැබැල්ලක් බැදෙමින් තිබු ෆවුඬේෂන් එක ඇතුලට දමනු මා දුටුවා….

අවුරුදු 16 කලින් අලූතින් ගෙයක් හැදුවද ?

ඔව් අපි ගේ හදන්න පටන් ගත්තේ 2001 දී…

මුල් ගල තබන වෙලාවේ එතන හිටිය ඔසරිය අදින කෙනා කවුද ?

ඒ මගේ නැන්දම්මා…..

නැන්දම්මා තමුන් එක්ක තරහද ?

නැහැ….

කාරණය තරම්ක් සංකිර්ණය.. නැන්දම්මා හුනියමක් කල බව මා දුටුවත් එය කියන්නට පෙර එයට පාදක වන හේතුව සොයා ගත යුතුය…

තමන්ගේ විවාහය සිදුවන්නේ ආදර සබදතාවයකින් නේද?

ඔව්…

තමන් ඒ කාලේ පිවිච්චිකල නිල් පාට කාර් එක කාගේද ?

මගේ…

මගේ තාත්තා කසාදෙට කලින් මට අරන් දුන්න එකක්…

තමන් ඔය වාහනේ එළවගෙන යනවට නැන්දම්මා කැමතිද ?

නෑ..

ඒ අය ගමේනේ.. ගැණු ගැණු විදියට ඉන්න ඔනේ කියලා එයා ටිකක් තරහයි. හැබැයි මට මුණට කියලා නැහැ…

ලස්සනට මල් වවලා තිබ්බ ගෙයක උරුමය සම්භන්දයෙන් ගැටලූවක් වුණා නේද ?

ඔව්… ඒ ගේ උරුම වෙන්න තිබුනේ මගේ මහත්තයට එත් අම්මා ඒක නංගිට දුන්නා.

එතකොට තමුන් ගේ හදන ඉඩම….

මම ලෝන් එකක් දාලා ඉඩම අරගෙන ගේ හදන්න පටන් ගත්තේ…..

ඇය කොළඹ තාලයට හැදි වැඩුණු උගත් විධායකශේණියේ කාන්තාවක් සැමියාගේ මව තම පුතාගේ විවාහයට කැමති වුනත් ඒ තරුණියට කැමති වුනත් ලේලිය වේගවත්ව සියල්ල ජයගෙන යන ගමනට ඇය කැමති වුනේ නෑ…

විශේෂයෙන්ම වාහනය පදවගෙන යනවට ඇය කැමති වුනේ නෑ…

වෙනම හිටිය නිවස නංගිට දීම තුළ ඇය බලාපොරොත්තු වුනේ ලේලියව තම නිවස තුළට රුගෙන ඒමයි. ඒ තුළින් ඇයගේ තටු කඩා දැමීම ඇයගේ අදහස වුණා….

මා මේ සිදුවීම ඇයට කිව්වා….

එහෙත් ඇය මා කියු දේවල් පිලිබද පුර්ව එකගතාවයකින් පිටව නොගිය බව මා දැන සිටියා. එසේ වුවත් මා දුන් පිලියම ඔහුන් විස්වාසයෙන් සිදුකලා….

කාලය ගෙවී ගියා…

පසුගිය දිනක ඔහුන් යලි ආශ‍්‍රමයට පැමිණියා…..

ඒ ඔහුන් පුදුමයට පත්වු සිදුවීමක් පිලිබදව කියා යන්නට….

පිලියම සිදුකර මාස කිහිපයකට පසු පවුලේ හැමෝටම විදෙස් සංචාරයක් යන්නට අවස්ථාව උදාවී තියෙනවා. ඒ අවස්ථාවේ සැමියාගේ මව සහ පියා තම නිවසේ නතර කර ගොස් තියෙනවා. ඒ අවස්ථාවේදි නැන්දම්මා තමා මේ දක්වාම ලේලියට කල වෙනස් කම් මෙන්ම නිවස ගොඩනැගීමේදි කල හුනියම පිලිබදවත් නිවසේ මෙහෙකාරිය සමග පාපොච්චාරණයක් සිදුකරලා…

සංචාරයෙන් පසු මොහුන් පැමිණි සැණින් මෙහෙකාරිය එම සිදුවීම් සියල්ලම මේ අයට කියලා….

මහත්තයෝ මට එදා ඇත්තටම ලොකු ගැටලූවක් තිබ්බා නැන්දම්මා එහෙම දෙයක් කරයිද කියලා… කියපු අනෙක් විස්තර ඇත්ත නිසයි මම පිලියම කලේ නැන්දම්ම තමන් කොඩිවිණයක් කලා කියලා එයාගෙම කටින් අපේ සවන්ට කියලා තිබ්බම මට හිතා ගන්න බැරි වුණා…

දෙවියෝ එයගේ කටින්ම කියවන්න ඇති මම විස්වාස නොකල නිසා…

මම ආවේ ඔබ තුමාට එක කියලා යන්න….

සිදුවීම එයයි.

හැබැයි එය එක් සිදුවීමක් වුණාට මෙවන් සිදුවීම් සැහෙන ප‍්‍රමාණයක අත් දැකීම් මට තියෙනවා. මේ අම්මලා නොහිතන දෙයක් තියෙනවා ලේලි දියුණු වුනොත් තමන්ගේ පුතාත් එය භූක්ති විදිනවා කියන එක.

ලේලි ගෙය හදන්න පටන් ගත්තම එකට හුනියම් කරාම විවාස වෙන්නේ තමන්ගේ පුතාගේ පවුල දියුණුව ෂතුට බව තේරුම් නොගැනීම තමයි මෙහි තියෙන ලොකුම ඛේදවාචකය……..

මේ තවත් එක් පැතිකඩක් විතරයි…..

තවත් ඔන තරම් දේවල් තියෙනවා… අන්තිමට මට කියන්න තියෙන්නේ කලින් කියපු ටිකමයි. තමනුත් දෙමාපියන් වෙනවා. හැබැයි තමන්ගේ ලේලි බෑනා දිහා මෙහෙම බලන්න එපා. තමන් නවත්තපු තැනින් ඒ අයට පටන් ගන්න දෙන්න. මුල ඉදන් නොවෙයි. තමන් නවත්තපු තැන ඉදන් ඒ අය ඇරඹුවොත් ගොඩක් ඉහලට ඒ අය යාවි…..

අපේ දරුවෝ දියුණුයි කියලා සතුටින් මැරෙන්න පුලූවන්….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close