තරුවළල්ල

කර්මය වෙනස් කිරීමෙන් හිමිවු ව්‍යාපාර අයිතිය

වසර කිහිපයකට කලින් මුදල් අතේ තියාගෙන ඉඩමක් මිලදී ගන්න හොයාගන්න බැරුව ආශ්‍රමයට පැමිණි අලුත විවාහ වූ යුවළක් ගැන සිදුවීමක් ලිව්වා මතක ඇති..

මේ සිදුවීමත් ඔවුන්ටම සම්බන්ධයක්…. ඉතිං ඒ පවුලේ එකම පිරිමි දරුවා වුණු ඒ තරුණයාට එදා තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි , තමන් තම පව්ලේ ව්‍යාපාරයට දායක වෙලා කටයුතු කළත් නිසි ඇගයීමක් නොමැතිකම. එපමණක්ම නොවේ. ඔහු විවාහ වෙලා හිටිය කියලා ඔහුට වගකීමක් භාර දීල තිබුණෙ නැහැ.

සියලු ව්‍යාපාර වල තීරණ ගැනීමේ අයිතිය තිබුණේ තාත්තට… මේ නිසාම නිරන්තරව මෙම යුවළ හා තාත්තා ගැටුනා. මොහුන් මහ ගෙදරින් යන්න පවා තීරණය කරන්නේ මෙන්න මේ නිසයි…

කොහොම හරි මේ අතරතුර මේ යුවළ තමන්ගේ පූර්ව ආත්මීය කර්මයන් වලට පිළියම් යොදන්න පටන් ගන්නවා. ඒ තරුණයාට තිබුණෙ කලින් ආත්මයෙන් එන පීතෘ සාපයක්… ඒ කියන්නේ කලින් ආත්මේ තාත්තට නොසැලකීම හා ඒ හා සම්බන්ධ කරුණු කාරණාවන් මත පෙර ආත්මයේ  තාත්තගේන් ඇතිවු සාපයක්….

මෙතෙක් නිරන්තරව නිරන්තරව තාත්තත් එක්ක ගැටුණු ඒ යුවල තමන් පෙර ආත්ම කරපු වරද තේරුම් ගැනීමත් සමගම තම පියා සමග යහපත් ආකාරයෙන් ගනුදෙනු කළ යුතු බව අවබෝධ කරගන්නවා. ඔහුන් ක්‍රියාවෙන්ම එය ක්‍රියාත්මක කරනවා.

ඔවුන් ඔවුන්ටම කියලා ඉඩමක් මිලදී ගන්නේ මේ සිදුවීම් සමගමයි. මේ අතරතුර පියා යහපත් තීරණයක් ගන්නවා. මහා ගෙය අදාළ තරුණයට ලියා දෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඔවුන්ගේ නව ඉඩමේ අලුත් නිවාසයක් ගොඩනඟන්න… එය ඉතා විශාල ඇස්තමේන්තුවක්…

හැබැයි ආශ්‍රමයේ අම්මගේ ඊළඟ උපදේශය වුනේ දැන් ඔයගොල්ලොන්ට ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා දරුවෙක් හදන්න කියන එකයි. ඔවුන් ඒක පිළිගත්තා.

ඒ අතරතුර ඔවුන්ට හැකි වුණා තවත් ඉඩමක් මිලදී ගන්න. එහි තවත් ව්‍යාපාරයක් පටන් ගන්න..

මං මේක ලියන්න හිතුවේ කොරෝනා අතරතුරම තවත් සුබවාදී පණිවිඩයක් ආශ්‍රමයට ලැබුනා.

” අම්මෙ තාත්තා ඔක්කොම ව්‍යාපාර වල එකම පසු අයිතිකාරයා විදියට මගේ නම යොදලා . අන්තිම කැමති පත්‍රය මට ගෙනත් දුන්නා ”

මේ සිදුවීම් අතර තුර මට කියන්නට ඕනේ බොහොම සරල එක කාරණාවක්.,,..

තාත්තා නෙමෙයි වෙනස් වුනේ ඔවුන්… තාත්තා හිටියා වගේමයි…

කර්මයට පිළියම් යෙදීම කියලා කියන්නේ වැඩපිළිවෙළක්….. මිසක් මැජික් එකක් නෙමෙයි…. හැබැයි ඉන් ජීවිතය දිනන්න පුළුවන්…

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

4.7 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x