තරු වළල්ල

අපිත් එක්ක සද නොබලන පාතිමා

සුර්යයා නව ගමනකට මුල පුරමින් මීන රාශිය පසුකර රාශි වලයේ ආරම්භක රාශිය ලෙසින් සැලකෙන මේෂයට පිවිසීම හෙළ සුර්ය සංක‍්‍රාංතිය ලෙසින් හදුන්වති.

මෙය හෙළ සුර්ය මංගල්‍යය ලෙසින් සලකනු මිස සිංහල හින්දු අලූත් අවුරුද්ධ කියා නම් පට බැදීම නොගැලපෙන්නකි.

එයට හේතුවක් ඇත . ග‍්‍රහ තරු රටා අනුව රට කරවු අපේ පැරුන්නෝ සුර්යයා අපේ ඉපැරණිම රාජධානිය වු මන්නාරමට නැතහොත් සුර්යයාගේ පුත‍්‍රයා ලෙසින් සැලකෙන මනුගේ රාජධානියට මුදුන් වන දිනය මුල් කර ගනිමින් උත්සව පවත්වන්නට වුහ.

මෙදිනට ඉන්දියාවට හිරු මුදුන් වන්නේ නැත . එසේම හින්දු ක‍්‍රමවේදයේ නව අවුරුදු සැමරිමක් පිලිබදව සදහන්ව ඇත්තේද නැත .

මෙය හෙළ සුර්ය මංගල්‍යය බවට පත්වන්නේ එ නිසාය.

හෙළ නැතක් කලාවේ පදනම චන්ද්‍රයා මුල්කර ගනිමින් ක‍්‍රීයාත්මක වීම තුළම හෙළ සුර්ය මංගල්‍යයේ පලමු චාරිත‍්‍රය බවට පත්වන්නේ නව සද බැලීමයි.

එනම්  නව චන්ද්‍ර වර්ෂය උදාවීමයි.

හින්දුන්ට අනුව නව සද උදාවන්නේ ජනවාරි මාසයේදීය. තෛපෙන්ගල් දා නව සද බලන්නේ එබැවිනි.

මුසල්මානුවන්ට අනුව නව සද උදාවන්නේ ජුලි මාසයේදීය. රාමසාන්දා නව සද බලන්නේ එබැවිනි.

මෙහිදි තෙරුම් ගත යුතු එක් දෙයක් ඇත . එනම් සෑම සම්ප‍්‍රධායක් තුළම නව සද බැලීම සිදුවන බවය.

අපේ‍්‍රල් අපි නව සද බලද්දී හින්දුන් නව සද බලන්නේ නැත . අවුරුදු උදාවේ පලමු චාරිත‍්‍රයම ඔහුන්ට අදාල නැත .

එසේ බලන කල මෙය සිංහල හින්දු අලූත් අවුරුද්ධ වන්නේ කෙසේද?

අතිතයේ දේශපාලනමය අවශ්‍යතා මතින් සිදුකෙරුණු මෙම නම් තැබිම කොහෙත්ම ප‍්‍රායෝගික නොවන්නේ හිංදු සිංහල ලෙසින් ගැලපිමේ ක‍්‍රමයක් නොමැති වීමය.

හිංදු යනු ආගමික පදනමකි. සිංහල යනු ජාතිකත්ව පදනමකි. මෙය බද්ධ කෙරිය යුතුනම් බද්ධ විය යුත්තේ හිංදු බෞද්ධ හෝ සිංහල දමිළ ලෙසිනි.

එය එසේ නොවුයේ මෙය ප‍්‍රායෝගික කරුණක් නොවන නිසාය. මෙය වත්මන් සර්ව ආගමික පුට්ටුව බදුම විහිලූවකි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x