තරු වළල්ල

ඉඩමේ සැඟවුණු වාසනාව උරගා බැලීම

ලොව කොපමණ රටවල් හා සංවිධාන පැවැතියත් ඇමෙරිකාවට හා ඇමෙරිකාවේ රාජ්‍ය නායකයාට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය නායකයන්ට ද කළ නොහැකි දේ කරන්නට හැකි වෙනත් රාජ්‍ය නායකයෝ ද සිටිති.
මහින්ද රාජපක්ෂ යනු එවන් වූ නායකයෙකි. ලොව බිහිසුණු ම ත‍්‍රස්ත සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය විනාශ කර දමන්නට හැකි වූ නායකයා ද ඔහු ය. ඒ ඔහු බලයට පත්වී වසර 3කට ආසන්න කාලයක් තුළ දී ය. ලොව ජනප‍්‍රියම රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ තේරී පත්වන්නේ ද මෙවන් පසුබිමක් තුළ ය. බරක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති තනතුරට පත්ව වසර තුනකට ආසන්න කාලයකි. ලොව බිහිසුණු ම ත‍්‍රස්තවාදියකු වූ ඔසාමා බින් ලාඞ්න් විනාශ කර දැමීමට ඔහුට හැකි විය. ඔබාමා යනු ලොව බලවත් ම රාජ්‍යයේ නායකයා ය.
ලොව බලවත්ම හා ජනප‍්‍රියම රාජ්‍ය නායකයන් දෙදෙනාගේ කේන්ද්‍ර ඇසුරින් ඔවුනගේ කර්ම ඵලයන් අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.
ගුරු මහ දශාවේ රාහු අතුරු මහ දශාව ගත කරමින් සිටින බරක් ඔබාමාගේ කේන්ද්‍රයේ ගුරු වක‍්‍රව සිටියි. වක‍්‍ර ග‍්‍රහයකු මගින් තමාගේ කලින් ආත්මයේ දී ඉෂ්ට කරගත නොහැකි ව මේ ආත්මයට රැුගෙන ආ කාර්යයන් නිරූපණය කරනු ලබයි. ගුරු විසින් උපදෙස් දීම නැතහොත් උපදෙස් දෙන්නන් නියෝජනය කරනු ලබයි. ජනපතිවරයකුගේ කාර්යය ද උපදෙස් දීමයි. ගුරුට අයත් භාවයන් දෙක වන 3වැන්න වන මීනය තුළින් වික‍්‍රමය
ඇරැුඹීමත් දොළොස්වැන්න වන ධනුව තුළින් හානිය හා විනාශයත් නිවේදනය කරයි. ඇමෙරිකන් ජනපතිවරයාගේ ලග්නය තුළ ශනි මරණාකර වීමේ දෝෂය ගුරු සමඟ ඇති කරගනු ලබන විපරීත රාජ යෝගය හරහා බිඳ වැටෙන අතර ඔහු විසින් විනාශය හා විනාශ කිරීම උදෙසා ලබා දෙන උපදෙස් හරහා ලෝකය සුබවාදී තැනක් බවට පත් වෙයි.
ඔබාමාගේ ආත්මකාරක ග‍්‍රහයා කුජ වන අතර ඒ හරහා සටන්කාමීත්වය වර්ධනය වෙයි. නවාංශකයේ ආත්මකාරකයා සමඟ රවි සිකුරු එක්ව තැන්පත්ව සිටීම හරහා ලොව ප‍්‍රබල දේශපාලනඥයකු බවට පත් වීම ද පෙන්වා දෙනු ලබයි. ලොව ධනවත් ම පුද්ගලයකු බවට පත්විය හැකි ප‍්‍රබල ධන යෝගයක් ද ඔබාමාගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි වෙයි. එසේ ම ගුරුගේ විපරිත රාජයෝගයත් සමඟ ම කි‍්‍රයාත්මක වන මහා යෝගයක් මෙම කේන්ද්‍රය තුළ පවතියි. ඒ හරහා අධි බලයක් ගොඩ නැෙඟයි. මොහුගේ කේන්ද්‍රයේ පියා හා
පිිය උරුමයන්ට අදාළ නව වන භාවයේ අධිපති බුධ හත්වැන්න තුළ මරණයට පත් වන අතර තම බලාපොරාත්තු ඉටු කර ගැනීමට පෙර පියා හා පිය අරුමයන් අහිමි වීම සිදුවෙයි.
මෙම ජන්මියාගේ සමාජ යුතුකම් හා වගකීම් නිරත්නර ව බිඳ වැටෙන අතර තම හැකියාවන් හරහා ලෝකයා බලාපොරොත්තු වන්නා වූ කි‍්‍රයාවන් එලෙසින් ම ඉටු කළ නොහැකි වෙයි. මේ හරහා අවසානයේ ලෝකයෙන් ම අපකීර්තියට පත් වීම ද සිදුවෙයි. 2012 ජූලි මාසය දක්වා ලෝකයේ බොහෝ රටවලට ගිනි තබන්නට බරක් ඔබාමා විසින් උපදෙස් දෙනු ලබයි. ඒ ලොව බලවත් ම නායකයාගේ ස්වභාවයයි.
ලොව ජනප‍්‍රියතම රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ද ගත කරමින් සිටින්නේ ගුරු මහා දශාව වන අතර ඔහුගේ ද ලග්නය තුළ ප‍්‍රබල අධි යෝගයක් කි‍්‍රයාත්මක කර ගනිමින් ගුරු තැන්පත් ව සිටියි. අධි යෝගයක් යනු රජවරුන් බිහිවන දුර්ලභ යෝගයකි. රාජපක්ෂ මහතාගේ ශනි වක‍්‍රව සිටින අතර ඒ හරහා ඔහුට කලින් ආත්මයේ දී නිම කර ගත නොහැකි ව මේ ආත්මයට රැුගෙන ආ කටයුතු අවබෝධ කර ගත හැකි වෙයි.
ශනි විසින් කැපවීම නිවේදනය කරනු ලබන අතර පස්වැන්නේ හා හය වැන්නේ අධිපතිත්වය ශනි විසින් දරනු ලබයි. පස්වැන්න දරුවන් වන අතර හයවැන්න තුළින් බාධාවන් පෙන්වා දෙනු ලබයි. ඒ අනුව බලන කල ජනපතිවරයාගේ ප‍්‍රධාන අරමුණ වනුයේ ජාතියේ දරුවන්ට ඇති බාධා ඉවත් කරදීමයි. මේ අනුව බලන කල ජාතියේ දරුවන්ට තිබූ ප‍්‍රබල බාධාව වූ ත‍්‍රස්තවාදය ඔහු විසින් නිම කරනු ලැබුණි.
ත‍්‍රස්තවාදය යනු එකක් වුවත් එය විනාශ කිරීමේ දී ඔබාමාගේ සහ මහින්දගේ අවශ්‍යතාව පැහැදිලි ලෙස ම දෙකක් බව මේ අනුව පෙනී යයි. මෙහි දී වඩා වැදගත් කරුණ වනුයේ මිනිසුන්ගේ ක‍්‍රියාවේ දී මනස පාලනය වන ස්වභාවය හඳුනාගත හැකි දශාංශ චක‍්‍රය හරහා මොවුන්ගේ කි‍්‍රයාවන් විග‍්‍රහ කර බැලීමේ දී ඔබාමාගේ සියලූ කි‍්‍රයාවන් මුදල් යන හැඟීම මුල් කර ගනිමින් පවතින සමාජ ක‍්‍රමයක් වෙනස් කරලීමට උත්සහ දරන බව පෙනියයි.
එහෙත් මහින්ද ජනපතිවරයාගේ කි‍්‍රයාවන්වල දී මනස පාලනය වනුයේ සමාජයේ පවතින යුතුකම් හා වගකීම් නියමාකාරයෙන් ඉෂ්ට කිරීම යන්නයි. එහිදී එම රාමුවෙන් පිට පනින්නන් උදෙසා කිසිදු නම්‍යශීලීභාවයක් නොදක්වනු ලබයි.
මෙම ජනාධිපතිවරු දෙදෙනාගේ ම පවතින විශේෂත්වය වනුයේ ලෝකයේ පැරැුණි දේව ශක්තීන් කෙරෙහි ඇති ලෙන්ගතුකමයි. ඔබාමා ළඟ නිරන්තරයෙන් ඇති හනුමාන් රුව සහිත පෙන්ඩනය මෙන් ම ඔහුගේ නිවසේ ඇති අඩි දෙකක් උස රන් ආලේපිත හනුමාන් රූපය හරහා ද එය ගම්‍ය වෙයි. මහින්ද රාජපක්ෂ මහතා ද දෙවියන්ට දැඩි ලෙස ගරු බුහුමන් දක්වන්නකු බව නොරහසකි.
එකම මට්ටමේ ශක්තියක් හා වෙනස් වූ සිතුවිලි සහිත තම අරමුණු ඉටු කර ගැනීම උදෙසා ඉතිහාසයෙන් පැමිණි නායකයන් දෙදෙනකු අතර අර්බුදයක් ඇති විය හැකි ද? එසේ වුවහොත් එහි අවසානය කෙබඳු වේද? විසඳා ගැනීමට ඉතිරි ව ඇති ගැටලූව ද එයයිි.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close