තරු වළල්ල

ගෞතම බුදු හිමිගේ ජන්ම කේන්ද්‍රයේ පලාපල

උපදින සියල්ලෝ තමා විසින්ම පෙර භවයන්හිදී වපුරන ලද හො`ද හෝ නරක ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵල මේ භවයේ දී වි`දවති. එය රජ මැති කියා හෝ ගිහි පැවිදි කියා අඩු වැඩි නොවේ. බුදු සමයේ මුගලන් මහ රහතන් වහන්සේ හොරුන්ගෙන් පහර කා මිය යන්නේ ද ඒ දහම සනාථ කරමිනි. පෙර භවයන්හි සිදුකළ යම් අකුසල කර්මයන්ට බුදු හිමියන් බුද්ධත්වයට පත් වීමෙන් පසුවත් අඩු වැඩි වශයෙන් ද`ඩුවම් වි`දි බව බෞද්ධ සාහිත්‍යයේ ස`දහන් වේ. බුද්ධත්වයට පත් වීමෙන් පසු බුදු හිමියන්ට කළ කර්ම 32ක් පලදුන් බව බෞද්ධ සාහිත්‍යයේ ස`දහන් වේ. බුදු හිමියන්ගේ කේන්ද්‍රයෙන් මේ තත්ත්ව අවබෝධ කර ගැනීමට උත්සහ දරමු. කටක ලග්නයෙන් උපත ලබන සිද්ධාර්ථ කුමරු උපතේ සිට වසර දහයක් ගුරු මහා දශාව ගත කරනු ලබයි. තම සාර්ථකත්වය බුද්ධිමත් භාවය නියෝජනය කරනු ලබන පළමුවන භාවයේ ඥානකාරක ගුරු උච්චව සිටීමෙන් සියලූ හැදෑරීම් ඉතා සාර්ථකව සිදු කරගනු ලබන අතර සියලූ ශිල්පයන් හි කෙල පැමිණෙයි. අවුරුදු පහළොවකදී චතුර්වේදයෙහි කෙල පැමිණීම සාමාන්‍ය බුද්ධියක් ඇති අයකුට කළ නොහැකිය. චතුර්වේදය යනු ලොව සියලූ ශාස්ත‍්‍රීය ඥාන සම්භාරයයි. සිද්ධාර්ථ කුමරුට උච්ච ගුරු විසින් ඉගෙනීම උදෙසා පූර්ණ ශක්තිය ලබා දී ඇති බව පෙනී යයි. ගුරු නම වැන්න එනම් පෙර පින් පෙර ජීවිතය හා උත්පත්ති හේතුව දක්වන භාවයයි. උපන් මොහොතෙහිම තමා උපන් හේතුව අවබෝධ කොටගෙන එය ප‍්‍රකාශ කරන්නේ ද උච්ච ගුරු ලග්නයේ තැම්පත් වීම හරහාය. මෙම කේන්ද්‍රයේ ඇති අති දුර්ලභ බුද්ධි යෝගය හරහා මෙම තත්ත්වය ක‍්‍රියාත්මක වෙයි. ලග්නය කටකය වී ස`දු හතරවැන්නේ තැම්පත් වීම මෙන්ම උපතේදීම ශනි ඒරාෂ්ටකයක් පැවැතීම හරහා සිදුවනුයේ මවගේ වෙන්වීම හෝ මවගේ මරණය සිදු වීමයි. සිද්ධාර්ථ කුමරුගේ මවගේ අභාවයට හේතු වනුයේ ද මේ තත්ත්වයයි. නැතහොත් මහාමායා දේවියගේ අභාවය සිද්ධාර්ථ කුමරුගේ කේන්ද්‍රයෙන් විග‍්‍රහ වනුයේ එලෙසයි. ගුරු මහා දශාව අවසන් වීමත් සම`ග ම ආරම්භ වනුයේ ශනි මහා දශාවයි. පැවිදිවීමේ යෝගයක් හා මංගල දෝෂයක් බුද්ධ කේන්ද්‍රය තුළ දැකගත හැකි වෙයි. ඒ දෙක හරහාම සිදුවනුයේ බ‍්‍රහ්මචාරී ජීවිතයක් උදෙසා ජන්මියාව පෙලඹ වීමයි. මවුපින්යන්ගේ අවශ්‍යතාව මත සිද්ධාර්ථ කුමරුට යශෝදරා කුමරිය සරණ පාවා දුන්නද ශනි මහා දශාවක් තුළ විවාහය සිදුවීම බ‍්‍රහ්මචාරීව සිටීමට ජන්මියාගේ ඇති කැමැත්ත මත එම විවාහ ජීවිතය තුළ ඇලී ගැලී වාසයට සිද්ධාර්ථ කුමරු ප‍්‍රිය නොකරයි. දෙදෙනාගේ සබ`දතාව අයහපත් වීමට බලපාන අනෙක් හේතුව වනුයේ සිදුහත් කේන්ද්‍රයේ ඇති කලත‍්‍ර සාපයයි. එනම් පෙර ආත්මයක තම ධර්මතාවන් රැුකීම උදෙසා බිරි`ද අතහැරීම හේතුවෙන් බිරි`දගේ සිතෙහි ඇති වූ කම්පනයයි. බිරි`ද හා දරුවන් ජූජක බමුණාට දන් දුන් කතා වස්තුව මෙයට එක් උදාහරණයකි. එසේම විවාහයේ අයහපත් සබ`දතාව පෙන්වනු ලබන ආරූඨ ලග්නයේ හා උපපදයේ පිහිටීම තුළින් විවාහයෙන් වෙන්වීම බුද්ධ කේන්ද්‍රය තුළ දැක ගත හැකි වෙයි. දරුවකු උපන් අවස්ථාවේදීම ගෘහ ජීවිතය හැරදා පිටව යාමට හේතු වනුයේ ද පෙර භවයෙන් බලපාන ලද සාපයකි. පෙර භවයේදී තම ධර්මතාවන් රැුකීම උදෙසා දරුවන් අතහැරීම, දරුවන්ගේ උරුමයන් අතහැරීම හේතුවෙන් තම පියාගේ සිතේ ඇති වූ වෛරය මෙයට හේතු වී ඇත. ඉහත උදාහරණයම මෙයට ද අපට සිතිය හැකිය. මෙහි දී බුදුවන ආත්මයේදී තම දරුවන්ගේ ආදරය සෙනෙහස නොලැබී යෑම, දරුවන්ගෙ න් සැලකුම් නොලැබීම සිදුවෙයි. දරුවා උපන් මොහොතේ ගිහි ගෙය හැරදා යෑමට හේතුව කේන්ද්‍රය තුළින් ගම්‍ය වනුයේ එලෙසය. පෙර භවයකදී ද තම සියලූ සම්පත් හා නෑ පරපුර හා තම දරු අත හැරීම හේතුවෙන් පවතින පරපුර වෙතින් ඇතිවන්නා වූ සාපයන් මත සියලූ සැප සම්පත් පැවැතිය ද පරපුර සම`ග රැුදී සිටීමට සිද්ධාර්ථ කුමරුට හිත් නොදෙයි. තම පරපුරට විරුද්ධව ජන්මියාව මෙහෙයවීම මෙහි සාමාන්‍ය ස්වභාවයයි. සක්විති පරපුරක ඔටුන්න හිමි කුමාරයා වනගත වීම හරහා එයද ඉටු වී ඇත. රාජ, බුද්ධි, රුචික, ගජ කේෂරි, ගුණ මංගල, අධියෝග, කාහල, චාමර, සංඛ, කල්පුදුම මෙන්ම රාජ යෝග හා මහා යෝග ආදී ප‍්‍රබල යෝග ගණනාවක් බුද්ධ කේන්ද්‍රයේ දැක ගත හැකි වෙයි. මෙය බුද්ධත්වයේ ශක්තිය බලය අවබෝධ කර ගත හැකි කේන්ද්‍රයේ ඇති සාක්ෂිය. සිදුහත් තවුසා දුෂ්කර ක‍්‍රියා සිදුකළ කාලයේ සිට බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වාම ආමාශගත රෝගී තත්ත්වයකින් පෙළුණු බව බෞද්ධ ඉතිහාසයේ ස`දහන් වෙයි. ඉහත පියාගෙන් ඇතිවන සාපය එල්ල වන්නේ කේන්ද්‍රයේ පස්වැනි භාවයටයි. පස්වැනි භාවය තුළින් දරුවන් මෙන්ම ශරීරයේ ආහාර ජීරණ පද්ධතිය නියෝජනය කරයි. සාප හරහා ඇතිවන රෝගී තත්ත්ව යනු කල් පවතින හා විදවනු ලබන රෝගයන්ය. බුදු හිමියන් පිරිනිවනට පත් වන්නේද උත්සන්න වන ආමාශගත රෝගයක් හේතුවෙනි. බුද්ධත්වයට පත්වන අයකුට විශ්ව ධර්මය පාලනය කළ හැකි වුවත් ඔවුහු විශ්ම නියමයන් පාලනය කිරීමට උත්සහ නොගනිති. එසේ නොකරනුයේ මිනිසුන්ට යථා අවබෝධය ලබා දීමේ අරමුණෙනි. මෙහි දී වැදගත් වනුයේ බුදුවරයකුත් පූර්ව ආත්මයේදී සිදු කළ යම් යම් ක‍්‍රියාවන් උදෙසා බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුවත් කර්මයන් ගෙව්වේ නම් සාමාන්‍ය මිනිසුන් වන අපට කිසිලෙසක වත් ඉන් ගැලවීමට නොහැකි බවය.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close