තරු වළල්ල

දරුවෙක් හැදී පලියට දෙමාපියන් විය නොහැකිය.


මේ ලිපිය කියවන හැම කෙනෙක්ම දෙමාපියන් වන අවස්ථාවක් ජිවිතයේ කවදා හෝ උදාවේවි….

එදාට මෙහි ලියවුණු දෙය ගැන නැවත නැවත සිතන්න…

වසර දහයක මගේ ආශ‍්‍රමය තුළ අත්දැකීම් ඇතුලේ දරුවන් නිසා පිඩා විදින දෙමාපියන් හමුවෙලා තියෙන්නේ කිහිප දෙනෙක් පමණයි.

හැබැයි බහුතර දරුවන් හමුවෙලා තියෙනවා දෙමා පියන් නිසා පිඩා විදින…

මෙය තරමක් ගැටෙන සුලූ ප‍්‍රකාශයක්… නැහැ ඇත්ත එයයි…

සමාජය දිහා හොදින් බැලූවොත් මෙක තේරුම් යාවි… දරුවෙකු උස් මහත් වෙලා ඒ දරුවා විවාහ කරලා දුන්නට පස්සේ ඒ දෙමාපියන්ගේ යුතුකම් වගකීම් වෙනස් වෙනවා… ඒ වෙනස් වන තත්වය නිසි ලෙෂ අවබෝධ කරගන්නා දෙමාපියන් සිටින පවුල් වල දරුවන් ජිවිත දිනනවා…

ඒ කියන්නේ ඒ දරුවන්ට ජිවිතය ස්ථාවර කරගන්නකන් දෙමාපියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ටිකක් තියෙනවා… එවා විවිධ හේතු නිසා අතහරින දෙමාපියන් ඉන්න පවුල් වල දරුවන් ඉතා අසාර්ථකයි….

මට අනන්තවත් හමුවෙලා තියෙනවා තමන්ගේ පුතාගේ හෝ දුවගේ දරුවව මුදලට බලාගන්න අම්මලා…. ඒ කියන්නේ ආච්චිගේ වගකීම නොවෙයි එතන තියෙන්නේ කුලියට වැඩකරන මනුස්සයෙක්ගේ ස්වාභාවයක්…

ඒ දරුව බලාගන්නවට මුදලක් දෙන්න බැරි වාතාවරණයකදි සිදුවෙන්නේ මොකද්ද ?

එ වගේම දරුවන්ගේ ජිවිත ස්ථාවර විය යුතු වයසේදි ඒ දරුවන්ට හිමිවිය යුතු උරුමයන් වගේම විවාහය වගේ දේවල් ඒ දරුවන්ට ලබා දිය යුතුයි. එත් තමන්ගේ මරණය තෙක්ම එවා අල්ලගෙන දරුවන්ව පිඩාවට පත්කරන දෙමාපියන් ඔන තරම් ඉන්නවා…

මේ සියල්ලටම වඩා අම්මලාට කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා…

අම්මලා නිසා දරුවන්ගේ ජිවිත අපායක් බවට පත්වන අවස්ථා දහස් ගණනක අත්දැකීම් තුළින් මම මෙය කියන්නේ….

මේ කියන්නේ මොකක්ද දරුවන්ගේ පවුල් ජිවිත බිදවැටෙන්න හදිහුනියම් කරන අම්මලා ඉන්න පවුල් මට ඔන තරම් හමුවෙලා තියෙනවා…

මෙහි වර්ග දෙකක අය ඉන්නවා…

පලමු අය තම දරුවට ඇති ආදරය නිසා හදිහුනියම් කරන අය.

අනික් අය වෛරය පලිගැනීම තමන් අභිබවා යෑම නැවැත්වීම වැනි කරුණු නිසා දරුවන්ට හදිහුනියම් කරන අය.

මේ තත්වයන් දෙකේදීම වැඩිපුරම හමුවෙලා තියෙන්නේ අම්මලා වීම මව්වත් කමට අවමානයක් ලෙයසි මට හැගෙන්නේ….

දරුවන්ට ඇති ආදරයට ඇයි හදිහුනියම් කරන්නේ…..

මම මේක උදාහරණයකින් කියන්නම් …

එක් කාන්තාවක් නිමිත්තක් බලන්නට පැමිණියා..

ඒ කාන්තාවට වසර 22 පමණ පෙර කරපු බන්දනයක් තියෙනවා. මම ඒ පිලිබදව දකින තොරතුරු ඇසුවා ….

ඇය පාසල් ඇදුම පිටින් තරුණයෙක් එක්ක කථාකරන ආකාරයක් ඒ වගේම විශේෂිත ලක්ෂණයන් ඇය හදුනා ගත්තා ඒ ඇගේ උසස් පෙල යුගය හා ඇගේ පෙම්වතා බව….

ඒ සබදතාවය නවත්වන්න ඇගේ මව ගුරුකමක් කරනවා…

ඒ උදෙසා යන අනෙක් කෙනා ඇයගේ මවගේ නංගි බව ඇය හදුනා ගන්නවා.

කොහොමෙ හරි මේ දෙන්නා විරුද්ද කම් මැදින් විවාහ වෙනවා…

දෙමාපියේ ඉන්පසුව විරුද්ද නෑ…

වසර දෙක් යද්දී එකවරම ඒ තරුණයා අසනීප වෙලා මියයනවා…

අදවනවිට දරුවෙක් එක්ක වසර 20 තිස්සේ ඇය දුක් විදිනවා….

මෙකද්ද මෙතන සිදු වුනේ …….

තමන්ගේ දුව හෝ පුතා පාසල් වයසේදි යම් ආදර සභදතාවයක් ගොඩනගා ගත්තම දෙමාපියන් එයට විරුද්ධ වීම වගේම එය නතර කීරිම උදෙසා යම් බලපෑම් කිරීම සමාන්‍යයි.

බැරිම තැන හදිහුනියමකින් හරි එය කඩා දාන්න උත්සහ කරා කියමුකෝ නමුත් හුනියමක් ක‍්‍රියාත්මක වෙන්නේ තම ග‍්‍රහබලය දුබල වන මොහොතත් එක්ක…
එ දරුවන්ගේ ග‍්‍රහ බලය ඒ අවස්ථාවේ ශක්තිමත්නම් මොන භාදක ආවත් ඔහුනව වෙන් කරන්න බෑ… අවසානයේ දෙමාපියන් තිරණය කරණවා මොනවා කරත් මේ අය වෙන්කරන්න බැරි නිසා භන්දලා දානවා කියලා…

ඉන්පසු පරන තරහා මරහා අයින් කරලා ඔක්කොමලා හොදින් ඉන්නවා.. සමහර විට එපා කියපු කෙනාම හොදම බෑනා ලේලි වෙන අවස්ථාත් තියෙනවා….
ගැටලූව ක‍්‍රීයාත්මක වෙන්නේ ඔතනදි …. දරුව්ගේ ග‍්‍රහ බලය දුබල වන අවස්ථා නිර්මාණය වීම හා පලමු දරු උපතත් සමග ඒ අය ප‍්‍රබල කිල්ලකට මැදිවීමත් සමගම විවාහයට පෙර දරුවගේ නොගැලපෙන සබදතාවය කඩන්න අම්මම කරපු හුනියම ක‍්‍රීයාත්මක වෙනවා….

මොකද කිසිම දෙමාපියෙක් සබදතාවය කඩන්න අපි ගුරුකම් කලා විවාහයට කලින් එවා ඉවත් කරගන්න කියලා දරුවන්ට කියන්නේ නෑ. ජිවිත කාලයම එවා හන්ගගෙන ඉන්නවා….

මේ පිඩාවන් ක‍්‍රීයාත්මක වෙද්දි සිදුවෙන්නේ විවාහය දෙදරා යෑම….

මෙය කොහොම හරි දැනගෙන කැපුවොත් එත් ඒ පවුල් විනාස වෙනවා. තමන්ගෙම අමමා තාත්තටයි එක හැරෙන්නේ …..

අම්මා තාත්තා පිඩාවිදින කොට විනාස වෙන්නෙත් දරුවන්ගේ ස්ථාවරත්වයමයි….

වෛරය පලිගැනීම තමන් අභිබවා යෑම නැවැත්වීම වැනි කරුණු නිසා දරුවන්ට හදිහුනියම් කරන අම්මලා ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. සමාජයේ ඔන තරම් එහෙම අය ඉන්නවා……..

මගේ අත්දැකීම් තුළ සබදතා කඩන්න දෙමාපියන්ම කල හදිහුනියම් නිසා පිඩා විදින දරුවන් දහස් ගානක් හමුවෙලා තියෙනවා….

මට කියන් අවශ්‍ය පුංචි කාරණයක්…

මෙය කියවන තරුණ දරුවන් කවදා හරි අම්මලා තාත්තලා වෙනවා…

ඔබ ඔබේ දරුවන්ට මේ වරද කරන්න එපා….

අකමැතිනම් අතහැරලා දාන්න. එය ආදරයට හුනියම් කරනවට වඩා හොදවේවි…..

මම හැමදාම කියන දෙය මම උත්සහ කරන්නේ වැඩිහිටියන්ව හදන්න නොවෙයි. අද දරුවෝ විදියට ඉන්න අයව හරි පාරේ ගෙනියන්න….

එහෙම වුනොත් තව අවුරුදු පනහකින් පස්සෙවත් යුතුකම් වගකීම් හදුනන පරපුරක් යලි ගොඩනැගෙවී…….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close