තරු වළල්ල

ජීවිතය වෙනස් කරන සර්ප ග‍්‍රහයා

සෙනසුරු ලැබීම මෙන් ම රාහු ලැබීම ද මිනිසුන් සලකනුයේ නරක කාලයක එළැඹීමක් ලෙස ය. ‘සෙනසුරු’ ග‍්‍රහයා ග‍්‍රහ මණ්ඩලයේ දුක් දෙන්නා ලෙසින් ප‍්‍රකට ය. එසේ නම් රාහු යනු කවුරුන් ද? රාහු යනු හිස නැති ග‍්‍රහයා ය. ජ්‍යොතිෂයේ සඳහන් වන පරිදි රාහු මිනිස් ඇඟකින් හා නාග හිසකින් යුක්ත ය. හිස නැති ග‍්‍රහයා රාහු ලෙසින් හැඳින්වීම එතරම් සාර්ථක නැත. රාහුට නාග හිසක් ඇත. ජවාධික මිනිස් ශරීරය හා නාග හිසින් ජවය වේගවත් බව හා ආක‍්‍රමණශීලී බව නිරූපණය වෙයි. මිනිස් කවන්ධයේ දිග අත් පා දැක ගත හැකි වෙයි. එසේ ම රාහුගේ වාහනය අශ්වයෙකි. මේ සියල්ල හරහා සංකේතයක් ලෙසින් පෙන්වා දෙනුයේ වේගයයි. රාහු ග‍්‍රහයකු ලෙසින් සැලකුව ද එසේ ග‍්‍රහයකු නැත. චන්ද්‍ර කක්ෂයත් පෘථිවි කක්ෂයත් ෙඡ්දනය වන ඡුායා ලක්ෂ දෙක රාහු හා කේතු ලෙසින් සලකයි.
වෛදික ජ්‍යොතිෂය තුළ දී රාහු හඳුන්වනුයේ පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමාන ව ද`ඩුවම් දෙන්නා ලෙස ය. බොහෝ ජ්‍යොතිෂවේදීන් රාහු දැඩි අශුභ ග‍්‍රහයකු ලෙසින් ම සලකතත් එය එලෙස ම හැඳින්විය නොහැකි ය. රාහුගේ බලපෑමෙන් ලොව දිනුවෝ මෙන් ම විනාශවූවෝ ද දැකගත හැකිවෙයි. රාහු මහා දශාවක් තුළදී බොහෝ විට මිනිසකු තුළ පරිවර්තනයක් ඇති වන බව පෙනී යයි. ජන්මියා එතෙක් ගමන් කළ මාර්ගයෙන් වෙනස් ම මාර්ගයකට යොමු වීම පරිවර්තනය ලෙස හැඳින්වෙයි.
ජන්ම කේන්ද්‍රය තුළ 3,6,10,11 යන භාවයන් රාහුට යහපත් ස්ථානයන් ය. මෙම ස්ථානය උපචය ස්ථාන ලෙස හඳුන්වයි. උපචය ස්ථාන යනු ජන්මියාට වර්ධනය ලබා දෙන ස්ථානයන් ය. තුන්වැන්න යනු මුලපිරීමයි. රාහු විසින් වේගය සටන්කාමිත්වය ඇති කරන බැවින් යම් කාර්යයක් ඇරැුඹීම උදෙසා අවශ්‍ය ශක්තිය ජන්මියා තුළින් ඇති කිරීමට රාහුට හැකි වෙයි. තුන්වැන්න තුළ පාප ග‍්‍රහයන් තැන්පත් වීම හරහා ජන්මියා තුළ සටන්කාමිත්වය වර්ධනය වෙයි. ඇරැුඹීම උදෙසා සෞම්‍ය ග‍්‍රහයන්ගෙන් ලැබෙන සහයෝගය ප‍්‍රමාණවත් නැත.
හයවැන්න තුළින් තමාට එරෙහි ව නැඟී එන සතුරන් නියෝජනය වන අතර රාහු හයවැන්නේ සිටීම හරහා ඒවාට එරෙහි ව සූක්ෂ්ම ලෙස ක‍්‍රියාත්මක වීමට ජන්මියාට අවශ්‍ය ශක්තිය සපයනු ලබයි. සෞම්‍යතීරණ හරහා සතුරන් මර්දනය කළ නොහැකි වෙයි. රාහුගේ සබඳතාව හරහා සාමකාමීව හෝ සාකච්ඡුා හරහා සතුරන් සමඟ ගනුදෙනු කිරීමක් සිදු නොවෙයි. මේ හරහා සිදුවනුයේ සතුරන්ට එරෙහිව සටන් කිරීමයි. හයවැන්නෙන් තුන්වැන්න වන අට වැන්නෙහි කෲරයකු තැන්පත් නම් මෙහි දී තමාට එරෙහි ව නැඟී එන සතුරන් සම්පූර්ණයෙන් ම විනාශ කර දමයි.
දසවැන්න තුළින් තම වර්ධනය දියුණුව මෙන් ම රැුකියාව නිවේදනය කරනු ලබයි. දසවැන්න තුළ රාහු තැන්පත් වීම හරහා තම වර්ධනයට ඉවහල් වන වේගවත් බවක් රැුකියාව තුළ ඇති වෙයි. එහෙත් එහි ගැටලූකාරී තත්ත්වයක් ද පවතියි.
රැුකියාව තුළ අනවශ්‍ය කලබලකාරී බවක් හා ගමන්බිමන් හෝ විදේශ ගමන් බහුල ව යෙදීමත් පවතියි. දහවැන්නේ තැන්පත් රාහු හතරවැන්න දැකීම හරහා රැුකියාව තුළ නිරන්තර හිත් පීඩා ඇති වෙයි.
එකොළොස්වැන්න තම ලාභය මෙන් ම ආදායමයි. ලාභයේ හා ආදායමේ වේගවත් බවක් ඇතිවීම ශුභ ය. එහෙත් රාහු විසින් ලබා දෙන ලාභය තුළ සාධාරණත්වය දැකගත නොහැකි ය. ඔහුගේ මනස සැමවිට ම ලාභය යන කරුණ පදනම් ව කි‍්‍රයා කරයි. මෙය අන් අයට අයයහපත් ප‍්‍රතිඵල ගෙන දෙන්නකි.
රාහු මුල් වී ඇති වන ප‍්‍රධාන දෝෂයන් ගණනාවක් කේන්ද්‍රය තුළ දැකගත හැකිවෙයි. එහි ප‍්‍රබල ම දෝෂය වන්නේ රාහුටත් කේතුටත් ග‍්‍රහයන් මැදිවීම හරහා ඇති වන කාල සර්ප දෝෂයයි. (කාල සර්ප දෝෂය හා එහි ප‍්‍රතිඵල පිළිබඳ පෙර ලිපියකින් කතා කළෙමු* සර්ප දෝෂ හා සර්ප යෝග හරහා කාල සර්ප දෝෂය තරම් ප‍්‍රබල නොවන ගැටලූ තත්ත්වයන් වර්ධනය කරයි. විවාහය හා බැඳී ගිය දෝෂයක් ලෙසින් සලකන නාග දෝෂ ඇති කිරීමට මුල් වන්නේ ද රාහු ම ය. රාහු මුල්වන සෑම දෝෂයකට ම ‘සර්ප’ හෝ ‘නාග’ යන වචනය මුල්වීමට රාහුගේ ස්වරූපය හේතුවෙයි.
රාහු හෝ කේතු ලග්නයේ හෝ දෙවැන්නේ නැත්පත් නම් විවාහයෙන් පසු විවාහ දිවිය තුළ සුළු සුළු ගැටුම් ඇති වෙයි. නිවස තුළ සතුට, සාමය බිඳ වැටෙයි. වරින් වර තාවකාලික ව සිදුවන විවාහය දෙදරායෑම් හෝ වෙන්වීම්වලට මුහුණදීමට සිදුවෙයි.
රාහු හතරවැන්නේ තැන්පත් නම් විවාහයෙන් පසු හදවත් රෝග හෝ වෙනත් රෝගී තත්ත්වයකට ම තම කලත‍්‍රයා මැදි වෙයි. මේ හරහා විවාහ ජීවිතයේ සතුට බිඳ වැටෙයි. රාහු පස්වැන්නේ තැන්පත් නම් විවාහයෙන් පසු දරුවන් ලැබීම සම්බන්ධයෙන් ගැටලූ වර්ධනය වෙයි. ගබ්සාවීම් සිදුවීමට ඉඩ ඇත. ගුරු ග‍්‍රහයාගේ ශක්තිමත්භාවය මත මෙය පාලනය කර ගත හැකි වෙයි.
රාහු හත්වැන්නේ තැන්පත් නම් එය කලත‍්‍ර දෝෂයක් ලෙස හඳුන්වනු ලබයි. මේ හරහා තම කලත‍්‍රයා (ස්වාමියා හෝ භාර්යාව*ගේ සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටෙයි. දෙදෙනා අතර වැරැුදි වැටහීම් වර්ධනය වෙයි. දෙදෙනා අතර ගැටුම් වර්ධනය වෙයි. විවාහය බිඳ වැටීම හෝ සබඳතා දුරස්වීමට මෙම දෝෂය බොහෝ සෙයින් හේතුවෙයි.
රාහු අට වැන්නේ තැන්පත් වීම හරහා ද නාග දෝෂ ඇති වෙයි. විෂ ශරීරගත වීම් හරහා ඇති වන
රෝගාබාධ මෙන් ම සබඳතා බිඳ වැටීමට හේතුවන ක්ෂණික කම්පනයන්ට මැදිවන සිදුවීම්වලට මුහුණදීමට සිදුවෙයි. රාහු දොළොස්වැන්නේ තැන්පත් වීම හරහා විවාහයෙන් පසු මුදල් නිකරුණේ වැයවීම මෙන් ම පවුලේ සෞඛ්‍ය පිරිහීමට මැදිවීමට සිදු වෙයි.
රාහු මහ දශාව ලැබීමත් සමඟ ම සර්ප දෝෂ, නාග
දෝෂ මෙන් ම තම පූර්ව ආත්මීය කර්මයන් ද කි‍්‍රයාත්මක
වීම ඇරැුඹෙයි. රාහු, කේතු යන ඡුායා ලක්ෂ හරහා මිනිස් මනස තුළ කැළැඹිලිකාරී ස්වභාවයක් වර්ධනය කරයි. රාහු පූර්ව ආත්මීය කර්මවලට අදෘශ්‍යමාන ව ද`ඩුවම් දෙන්නා වන බැවින් පූර්ව ආත්මීය අයහපත් කර්මයක් සහිත පුද්ගලයා රාහු කාලය තුළ පීඩාවට ලක්වෙයි.
එසේ ම රාහු සතු ව ජන්මියකුව පීඩාවට පත් කරවන පිසාච බාධක කි‍්‍රයාත්මක කරවිය හැකි ගුප්ත ශක්තියක් පවතියි. පිසාච බාධක අතුරින් තම කි‍්‍රයාකලාපයන් සම්බන්ධයෙන් දුකින් හා වෛරයෙන් සිටින මළ ගිය ආත්ම ප‍්‍රධාන තැනක් ගනු ලබයි. මෙම බලපෑම් වර්ධනය වීමත් ඒවා හරහා ජන්මියා පීඩාවට පත්වෙයි. මළ ගිය ආත්මයන් යනු අදෘශ්‍යමාන දෝෂ තත්ත්වයන් වන බැවින් රාහු දශා කාලයන් තුළ දී ජන්මීන්ට පීඩාවන් ඇති කිරීමේ හැකියාව මළගිය ආත්මයන්ට ලැබෙයි. රාහු මහ දශාව ලැබීමත් සමඟ බොහෝ විට
රැුකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදු වෙයි. තම නිවාස හා වාසස්ථාන මාරු වීම ඉඩම් නිවාස විකුණා දැමීම යන කරුණුවලට මැදිවෙයි. බොහෝ අවස්ථාවල දී විදේශ සංචාරයන්වල යෙදීමේ අවස්ථාව ජන්මීන් හට රාහු විසින් ලබා දෙයි.
නැපෝලියන් බොනපාට් යනු ප‍්‍රංශයේ රදළ රජ පෙළපතට සාමාන්‍ය පන්තියෙන් පැමිණ රජකම ලබා ගෙන ‘අධිරාජයා’ යන නාමය තමන් විසින් ම භාවිත කළ පාලකයෙකි. ඔහුගේ කේන්ද්‍රයේ රාහු තුන්වැන්නේ තැන්පත් ව ඇත. ඔහුගේ ඇරැුඹීම මුල පිරීම උදෙසා රාහු අධික වේගයක් හා ජවයක් ලබා දුන්නේ ය. ඔහුගේ වේගය කොතරම් ද යත් රජ ඔටුන්න පූජකයා විසින් පළ`දවන තුරු ඉවසා සිටිය නොහැකි ව ඔටුන්න ගෙන පැළැඳ ගැනීමට තරම් ඔහුගේ මුලපිරීම වේගවත් විය. නැපෝලියන් ව බලයට රැුගෙන ආවේ රාහු විසිනි. නරක ග‍්‍රහයකු ලෙසින් සැලකූ රාහු විසින් නැපෝලියන්ව බලයට පත් කර ශුභ යැයි සම්මත ගුරු විසින් වෝටර් ලූ සටනේ දී සිරකරුවකු බවට පත් කර සිරකරුවකු ලෙස මරා දැමුවේ ය. රාහු විසින් අනිවාර්යයෙන් ම සෑම අයකු තුළ ම එක් වරක් මහා පරිවර්තනයක් ඇති කරනු ලබයි. එය විශ්ව නියමයකි.ඍැපැාසැි

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

Blog Comments

අපටද එය ඒ ආකාරයෙන් බල පානු ඇත..

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close