තරු වළල්ල

වින්දනීය විනාශය


ලාංකේය පවුල තුළ පැවැති යහනේ සබඳතාවය ක‍්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. එයට හේතුව වනුයේ බලහත්කාරයෙන් දේශීය චින්තනය තුළට ඔබ්බවන ලද බටහිර මානසිකත්වයයි. පැරණි සමාජයේ උත්තරීතර වූ විවාහ සංකල්පය තුළ සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් වන්දනා කරනු ලබන තරමට ඒ බැඳීම සහ අන්‍යොන්‍ය ගරුත්වය ප‍්‍රධාන විය. ඒ තුළ ලිංගික පදනමක් දැකගත නොහැකි විය. අනියම් සබඳතා හෝ ලිංගික සබඳතා ගොඩ නැඟීම ඉතා අල්ප විය.

එහෙත් බටහිර චින්තනය හා එ හා බැදුණූ සමාජ රටාවල් තුළ ලිංගිකත්වය මත සමාජ සබදතා ගොඩ නැගෙන බව අරුමයක් නොවේ . අඩසියවසක් තුළ ලාංකේය සමාජයේ සියලූ හර පද්ධතින් තුළටම බටහිර කරණය කාන්දු වීමේ ප‍්‍රථිඑලයක් ලෙසම ලංකාව තුළද සමාජ සබදතා තුළට ලිංගිකත්වය රිංගා අවසන්ය. එ හරහාම දිනෙන් දින සිදුවන ජිවිත බිදවැටීම් ද ඉහල යමින් පවතී. මේ තත්වය පවුල් සංස්ථාව තුළටද ප‍්‍රබල ලෙස බලපෑම් ඇති කරන මට්ටමටම මේ ගැටලූව උඩු දුවා අවසන්ය.

එහි ප‍්‍රථිඑලයක් ලෙසින් විවාහයට පරිබාහිරව ගොඩනැෙඟන අනියම් සබඳතා ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතියි. දියුණුයැයි කියන සමාජ වදනින් පැවැසුවහොත් ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව තම අවශ්‍යතාව උදෙසා නිදහසේ කොටු පනිති. මෙය බොහෝ විට අවසන් වන්නේ විවාහය ඉරිතලා යෑමෙනි. එසේත් නැතිනම් මිනීමරා ගැනීමෙනි.

මෙය සමස්තයටම පොදු වන්නේ නැත . එසේනම් පිරිසක් සාර්ථක පවුලක් ගොඩ නගා ගනිද්දී තවත් පිරිසක් වැරදි මගක ගමන් කිරීමට හේතුව වනුයේ කුමක් විය හැකිද ?

එය සමාජ පරිවර්ථනයම පමණක්ම නොවේ. කර්මය එයට සෘජු ලෙසම හේතුවක් වෙයි.

යම් ආයතනයක් තුළ පණහක පමණ සේවක පිරිසක් සේවය කරයිනම් සියල්ලන්ම මෙම වරද කරන්නේ නැත . එක් අයෙක් දෙන්නෙක් මෙලෙස වරදට පෙලබෙනු ඇත. පවුල් බිදගන්නේද එවන්ම ප‍්‍රථිශතයකි. නරක නාමයන් ඇති කර ගන්නේද එවන්ම පිරිසකි. එසේනම් ඒ අය විශේෂ වන්නටද වීශ්විය හේතුවක් පැවතිය යුතුය.

වෛදික ක‍්‍රමවේදයට අනුව අනියම් සබඳතා ඇතිවීමට බලපානු ලබන ජ්‍යොතිෂ්‍යමය පදනමක් ද පවතියි. අවශ්‍යතාවක් ඇති වූ පමණින්ම එය ඉටු නොවන අතර ඒ සඳහා තම කේන්ද්‍රය තුළින් සපයනු ලබන ජවයක්ද අවශ්‍යය.

අනියම් සබඳතා පිළිබඳ කතා කිරීමට පෙර විවාහය යන්න ජ්‍යොතිෂ්‍යය තුළ විග‍්‍රහ කර ගැනීමට උත්සහ කරමු.
විවාහය යනු කුමක්ද?

වෛදික නිර්වචනයට අනුව ‘‘එක් සූර්ය වර්ෂයක් ස්ත‍්‍රියක් හෝ පිරිමියෙක් එකිනෙකා කෙරෙහි පමණක් සිතමින් පවත්වාගෙන යනු ලබන සබඳතාව විවාහයක් ලෙස විග‍්‍රහ වෙයි.

වෛදිකයාට අනුව විවාහය යනු මානසික බැදීමකි.

විවාහය යන බැදීම උදෙසා කායික සබඳතා යන්න අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි සිත් පහළ නොකර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. විවාහය යනු මානසික බැඳීමක් බව මෙයින් ද පැහැදිලි වෙයි. වර්ථමානයේදි විවාහය යන්නට නීතිමය බැදීමක් ලබාදී ඇත . වෛදිකයෝ විවාහයට බැදීමක් ලබාදුන්නේ සුර්යයා මැදිහත් කොට ගැනීමෙනි.එයට හේතු වනුයේ ග‍්‍රහ මණ්ඩලයේ නීතිය නිවේදනය කරනු ලබන්නේ රවිගෙන් වීමයි. ඒ අනුව රවි ‘‘සාක්ෂි ගෝපාල්’’ ලෙස හඳුන්වයි.

මෙය අදටත් අදාලය. අදත් සොබාදහමේ ප‍්‍රධානියා සුර්යයාය. විවාහයට සිදුකරන වංචා රවිට හොරා සිදුකළ නොහැකි වෙයි. මක් නිසාද සෑම විවාහයකම සාක්ෂිකාරයා බවට රවි පත් වීමය. විවාහයට බාහිරින් ඇති කර ගනු ලබන සෑම අනියම් සබඳතාවකටම රවි විසින් දඬුවම් ලාබදීමට ඉදිරිපත් වෙයි. සෑම අනියම් සබඳතාවක් තුළම විනාශයක් පවතින්නේ එබැවිනි. සෑම අනියම් සබදතාවයක් තුළම එයට මැදිවන සෑම පුද්ගලයෙක්ම නිරන්තරව දැවෙමින් දිවි ගෙවන්නේ එබැවිණි.

කේන්දර සටහනක උපපදය මඟින් තමාගේ විවාහ සහකරු හෝ සහකාරිය නිවේදනය වෙයි. උපපදයේ පිහිටීම උපපදයට ග‍්‍රහයන්ගෙන් ලැබෙන දෘෂ්ටි මත විවාහය තීරණය වෙයි. විවාහයක ලිංගික පදනම පිළිබඳ පමණක් සලකා බලයි නම් හත්වැන්නෙන් විග‍්‍රහ කරලිය හැකි වුවත් සම්පූර්ණ විවාහ ජීවිතය පිළිබඳ අවබෝධයක් ගැනීමට දාර පදය, සත්වැන්න සිකුරු හා උපපදය යන සියලූ කරුණු පිලිබදව ෂලකා බැලිය යුතු වෙයි.

විවාහයක් සාර්ථකව පවත්වාගෙන යෑමට කේන්දර සටහනේ උපපදයෙන් දෙවැන්න ශක්තිමත්ව පැවැතිය යුතුය.
උපපදයෙන් දෙවැන්න මඟින් විවාහයට අවශ්‍ය පෝෂණය සපයනු ලබයි. එමඟින් විවාහය සාර්ථකව පවත්වාගෙන
යෑමට තම සැමියාගෙන් හෝ බිරිඳගෙන් තමාට ලැබිය යුතු දෙය අවබෝධ කර ගත හැකිවෙයි. එක් එක් පුද්ගලයාගේ මනසේ සොබාවය මත විවාහය තුළින් බලාපොරොත්තු වන දෙය වෙනස් වෙයි .

උදාහරණයක් ලෙස ඇමෙරිකානු ජනාධිපති වරයෙක් වු බිල් ක්ලින්ටන් මහතාගේ කේන්ද්‍ර සටහන ගෙන බලමු. කටක ලග්නයෙන් උපන් ඔහුගේ උපපදය දෙවැන්නේ තැන්පත්ය. උපපදයෙන් දෙවැන්න වන ක්‍යාවේ කුජ හා ශුක‍්‍ර තැන්පත්ව ඇත. මෙය අති ධාවනකාරී කාම යෝගයකි. විවාහය සාර්ථක වීමට නම් ඔහුගේ විවාහය තුළ ප‍්‍රබල කාමභෝගී සබඳතාවක් පැවැතිය යුතුය.
එය බිඳ වැටේ නම් ජන්මියා බාහිර සබඳතා හරහා එය ඉටු කර ගැනීමට නිරායාසයෙන් තල්ලූ වෙයි.ඔහුගේ අනියම් සබදතා පිලිබදව පොතක්ද ලියවුණු බව අපි දනිමු.

විවාහයක් බිඳ වැටීම උදෙසා බලපානු ලබන අනියම් සබඳතා උදෙසා කේන්ද්‍රයකින් සපයන දායකත්වය අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

විවාහය බිඳ වැටීම

මෛථුන්‍යයට අයත් රාශිය ලෙස හඳුන්වන්නේ මිථුන රාශියයි. කේන්දර සටහනේ සිකුරු දෙවැන්නේ සිටියදී එම සිකුරුව මිථුන රාශියේ සිටින කුජගේ දෘෂ්ටියට ලක්වීම අසම්මත සබඳතා සඳහා යොමු කරන ප‍්‍රබල පිහිටීමකි.
නවාංශකයේ සඳුට ත‍්‍රිකෝණගතව බුධ පිහිටි විට විවාහයෙන් පරිබාහිරව මනස අයාලේ යෑම සිදුවෙයි. ගුරුගේ සබඳතාවක් ඇත්නම් එය ප‍්‍රබල වෙයි.

කේන්දරයේ සත් වැන්නේ රාහු උච්ච වීම හරහා තම චරිතය කිළිටි කර ගනිමින් බොහෝ සබඳතා ගොඩනඟා ගනියි.
සිකුරු යම් කිසි කේන්දරයක දෙවැන්නේ සිටී නම් බොහෝ විට පවුල බිඳවැටෙයි. මේ සඳහා හේතුවනුයේ තම
අයහපත් ආශාවන්ය. බුධ හත්වැන්නට කුමන හෝ සම්බන්ධයක් වේ නම් විරුද්ධ ලිංගික හැඟීම් මත තම විවාහය අසාර්ථක කර ගනු ලබයි.

විවාහයක් තුළ අනියම් පුරුෂයන් සොයා යන කාන්තාවන්ගේ කේන්දර තුළ විශේෂ ග‍්‍රහ පිහිටීම් පවතියි. කේන්දර සටහනේ රවි හතේ නම් ඇය කාම ධේනුවක් ලෙස සඳහන් වෙයි. ළාබාල තරුණයන් සොයා යයි.

කුජ හතේ නම් විවාහයට පෙර සිටම ලිංගික සබඳතා ඇති අතර විවාහයෙන් පසුද එම සබඳතා පවත්වාගෙන යයි.
ශනි හතේ නම් ස්වාමියාගේ ලිංගික ශක්තිය අහිමි බැවින් අනියම්ව ලිංගික සතුට ලබා ගනියි.

සඳු කුජ එක්ව හත් වැන්නේ සිටී නම් බාල අවධියේ සිට කාමයට තදින් ඇලී සිටියි. විවාහය අසාර්ථක වෙයි.

කුමන පදනමක් තුළ සැමියා හෝ බිරිඳ අනියම් සබඳතාවක පැටලීම හරහා තම පවුල් බිඳ වැටෙයි. මේ හේතුවෙන් ලෝකයේ බොහෝ ජනප‍්‍රිය ව්‍යාපාරිකයන් හා දේශපාලන චරිත පවා විනාශයට පත්විය. මෙම සබදතා කොතරම් සගවාගෙන ඉන්නට උත්සහ කලද රවිගේ ‘‘සාක්ෂි ගෝපාල්’’ යන කාර්යය හේතුවෙන් මෙම විනාශය ක‍්‍රියාත්මක වෙයි. එයට හේතුවනුයේ අප සොබාදහම තුළ කිසිවක් හිරුගෙන් වසන් නොවන හෙයිණි.

මාගේ අත්දැකීම් වලට අනුව අප සමාජය තුළ දී මෙම සබඳතා ගොඩනැඟීමෙන් පසු එම ජන්මියාට විනාශය ළඟාවීමට පිසාච බාධක යෝග තත්ත්වයක් ද බලපානු ලබයි. පිසාච බාධක යනු මලගිය ආත්ම තුළින් ඇතිවන බාධාවන්ය.

එයට හේතුවනුයේ ඈත අතීතයේ සිට ලාංකිකයා ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව පතිවෘත්තාව රැුක ගන්නා අතර එය බිඳ දැමීම හරහා තම මුතුන්මිත්තන්ගේ මළගිය ආත්මවල සාපයට මැදිවෙයි. එය වෛරී සාපයක් වන අතර එම ආත්ම හරහා තම ආර්ථිකය විනාශ කිරීම මෙන්ම ගැටලූ ඇති කරනු ලබයි.

සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂයේ ස්ත‍්‍රීන් කාම ධේනුවන් වන ග‍්‍රහපිහිටීම් පිලිබදව මෙලෙස දක්වා ඇත .
ස්ත‍්‍රී කේන්ද්‍රයක් තුළ නීච සඳු, රාහු සමඟ සබඳතා පවත්වයි නම් ඇය අභිසරු ලියක් බවට පත්වන අතර තම සැමියාට හොරෙන් තම ශරීරය විකුණා මුදල් උපයා ගනියි.

කන්‍යා ලග්නය වී හත් වැන්නේ කුජ සිකුරු පිහිටීම මත ලිංගික සබඳතා උපයෝගී කර ගනිමින් ඉහළ තානාන්තර ලබයි.

උසස් අයගේ ඇසුර තුළින් පුද්ගල රහස් එකිනෙකාට ලබා දීමද මොවුන් සිදුකරයි. හමුදා බුද්ධි අංශ මෙවැනි චරිත තොරතුරු ලබා ගැනීම සඳහා බහුල වශයෙන් යොදා ගනු ලබයි.

කටක ලග්නය වී කුජ ශුක‍්‍ර හත්වැන්නේ සිටීම හරහා කිසිදින රූපය වෙනස් නොවන සුරූපී අභිසරු ලියක් ලෙස කටයුතු කරන්නියක බවට පත්වෙයි.

අනියම් සබඳතා යනු වින්දනීය විනාශයකි. ජිවිතය පිලිබදව ඉදිරි දැක්මක් ඇති කිසිවෙකු මේ වරද කරන්නට පෙළඹෙන්නේද නැත . මක්නිසාද විනාශය මිස ඉන් ලැබෙන වෙනත් දෙයක් නැති බව ඔහුන් දන්නා නිසාය.

විවාහයට පෙර කෙන්දර ගැලපීමට වඩා විහාහයෙන් පසු අනියම් සබදතා ඇති වීම උදෙසා කෙන්දරය තුළින් සපයනු ලබන ජවය අවබෝධ කොට ගැනීම සාර්ථක පවුලක් ගොඩ නගා ගැනීමට මග පෙන්වනු ඇත . එනම් කර්මය තමන් තුළින්ම ඉවත් කිරීමයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close