තරු වළල්ල

ශී‍්‍ර ලාංකිකයන්ගේ කේන්දරයේ ශිවගේ සාපය

ජන්ම පත‍්‍රය යනු මිනිසකුගේ අතීතය, වර්තමානය හා අනාගතය පෙන්වාලන කැඩපතකි. ජන්ම පත‍්‍රය හරහා ආත්ම කිහිපයක් ඈතට ජන්මියාගේ ක‍්‍රියාවන් අවබෝධ කර ගත හැකි වෙයි. ජන්ම පත‍්‍රයක් පරීක්ෂාවේදී අනුගමනය කළ යුතු සාර්ථක ක‍්‍රමවේදය වනුයේ එම ජන්මියාගේ පූර්ව කර්මයන් පිළිබඳ අවබෝධ කර ගැනීමයි.
මෙසේ සලකා බලන කල ලංකාවේ ජනිත වන මිනිසුන්ගේ කේන්ද්‍ර තුළින් දැකගත හැකි වන ප‍්‍රධාන දෝෂයක් වනුයේ දේව බාධාවන්ය. දේව බාධාවක් යනු පූර්ව ආත්මයන්හිදී දෙවියන් උදෙසා සිදු කරන ලද වැරැුදි ක‍්‍රියාවන් මත ඇතිවන්නා වූ දෝෂ තත්ත්වයකි. දේව බාධාවන්ගෙන් මතුවන ප‍්‍රධානම ගැටලූව වනුයේ තම සාර්ථකත්වය උදෙසා අවශ්‍ය වන්නා වූ විශ්ව ශක්තිය නොලැබී යෑමයි.
ලංකාවේ ජන්ම කේන්ද්‍ර තුළ වැඩි වශයෙන් දැකගත හැකිවනුයේ ශිව දේව බාධාවන්ය. එයට හේතු වී ඇත්තේ කුමක් ද යන්න ඉතා සියුම්ව අවබෝධ කර ගත යුතු වෙයි. ලාංකිකයන් නැතහොත් හෙළයන් ආර්ය ජාතියකි. මේ හෙළයන්ගේ ආරම්භය පුලතිසි පරපුර තෙක් දිව යයි. ඒ අදින් වසර 5000-9000 අතර යුගයකි. පුලතිසි පරපුර යනු අප අසා ඇති රාවණා පරපුරයි. රාවණා රජ පරපුරේ රජවරු දහයක් පිළිබඳ අපේ ඉතිහාසයේ සඳහන් වෙයි. මේ පරපුරම ශිව භක්තිකයන්ය.
අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම චක‍්‍රවර්ති රජු ලෙස සලකන දසිස් රාවණා ද උග‍්‍ර ශිව භක්තිකයෙකි. ඔහු විසින් දෙවරක් ඔහුගේ ලක් පුරය ශිව දෙවියන් උදෙසා පූජා කළ බව ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන් වෙයි. පසු කලෙක රාම රාවණා යුද්ධයේදී ලංකාව ආක‍්‍රමණය කිරීමට ප‍්‍රථමයෙන් ශිව දෙවියන් උදෙසා රාමේෂ්වරන් හි දෙවොලක් ඉදි කර ශිව දෙවියන්ගෙන් අවසර ගැනීමට රාම හට සිදුවූ බව රාමායණයේ සඳහන් වේ.
බුදු දහම ලංකාවට පැමිණීමත් සමඟ ලක් වැසියෝ බුදු දහම වැලඳ ගත්හ. එහෙත් කිසි විට දෙවියන් අමතක නොකළහ. එහෙත් අද වන විට එවැන්නක් නැත. බුදුන් අදහන්නෝ බුදුන් අදහති. දෙවියන් අදහන්නෝ දෙවියෝ අදහති. ලක් පොළොවේ පළමු හිමිකරුවාගේ සාපය එහි ජනිත වීම ඇරඹුණේ එලෙසිනි. ශිව දෙවියන් යනු විනාශ කරන්නාය. විනාශය යනු කුමක් ද? ආර්ථිකමය විනාශයයි. අධ්‍යාත්මික විනාශයයි. දේශපාලනික විනාශයයි. ලක් පොළෝ තලයේ විනාශයයි. තනි තනි පුද්ගලයන්ගේ මෙම දේව බාධාව හරහා රටටම බාධා මතුවෙයි.
උදාහරණය කේන්ද්‍රයක් ඇසුරින් මෙය තේරුම් ගැනීමට උත්සහ ගනිමු.
ඉහත කේන්ද්‍රයේ බ‍්‍රාහ්මණ සාපයක් පවතින අතරම ගුරු බාධකයා වීම හරහා මෙම ජන්මියාගේ කේන්ද්‍රය තුළින් ද ශිව දේව සාපයක් ක‍්‍රියාත්මක කරවයි. එම සාපයට හේතුව වනුයේ දේවත්වයට අයත් දේපල පරිහරණය කිරීමයි. මේ හරහා ජන්මියාට ඇති වන ගැටලූව වනුයේ කිසිදු කාර්යයක් උදෙසා මුල පිරීමට අවශ්‍ය ශක්තිය නොලැබී යෑමයි. එසේම නිශ්චල දේපල සම්බන්ධයෙන් ගැටලූ මතුවීම හා මාතෘ භූමියේ් වාසයට බාධා මතු වීමයි. එසේම උරුමයන් අත හැරීමට ද ජන්මියාව පොලඹවනු ලබයි. මළගිය අයගෙන් ඇතිවන බාධාවන් මෙහි දැකගත හැකි වෙයි.
මෙය එක් උදාහරණයකි. සමස්තයක් කේන්ද්‍ර තුළ මෙම දෝෂය දැකගත හැකි වෙයි. පුද්ගලයන් ලෙස හෝ ජාතියක් ලෙස මෙම දෝෂයන්ට පිළියම් යෙදිය යුතුව ඇත. එය විනාශ කරන්නාගේ ශාපයෙන් අපේ රට මුදවා ගැනීමේ මහඟු පින්කමක්ද වන්නේය.
සෑම වසර දෙදහස් පන්සියයකටම වරක් හෙළ ජාතිය විනාශ වී යන බව පුරාණයේ සිටි ඍෂිවරු පෙන්වා දී ඇත. ඒ අනුව මීට වසර දහදාහකට පෙර තාරක නම් රජුද ඉන් වසර දෙදහස් පන්සීයකට පසු බලී නම් රජුද, ඉන් දෙදහස් පන්සීයකට පසු රාවණා රජ යුගය ද විනාශ වී ගියේය. රාවණා යුගයෙන් වසර 2500 කට පසු විජගේ පැමිණීමත් සමඟම එදා හෙළ දිවයිනේ සිටි රුහැම විනාශයට ලක්විය. එදා සිව
රැුහැ ලෙස හැඳින්වූයේ දෙවි රැුහැ, යක් රැුහැ, රක් රැුහැ හා නා
රැුහැයි. විජය රජුගෙන් පසු එළැඹෙන දෙදහස් පන්සිය වසර යනු අප ගත කරන ආසන්න කාලයයි.
සෑම වරම හෙළයේ විනාශය උදෙසා සුර නොහොත් බටහිරින් හෝ පෙරදිගින් පැමිණි ජාතීන්ගේ බලපෑම හේතුවුණි. තාරක, බලි, රාවණා ආදී හෙළ රජ සමයන් විනාශ වූයේ අද ඉන්දියාව ලෙසින් හඳුන්වන ප‍්‍රදේශයේ ජීවත් වූ සුරයන්ගෙනි. විජය පැමිණියේ ද භාරතයෙනි. අවසන් විනාශය සිදු වන්නේ ඉංග‍්‍රීසින්ගේ පැමිණීමත් සමඟය. ඉංග‍්‍රීසින්ගේ පැමිණීමත් සමඟම සිවු හෙළය සම්පූර්ණයෙන් ම විනාශ කර දමන අතර හෙළයා සම්පූර්ණයෙන්ම විනාශයට පත් වන සැලසුම් සකසනු ලැබීය.
සෑම විනාශයකින් පසුවම යළිත් එම පොළෝ තලයේ
පැරැුන්නෝ යළි උපදිති. ක‍්‍රමයෙන් බිඳ වැටුණු හෙළ ජාතිය යළි ගොඩනැගුණි. වරින් වර බිඳ වැටුණු ජාතියට යළි පණ දීමේදී ප‍්‍රබල ශක්තියක් ලබා දෙනු ලබන්නේ සිවු හෙළයේ මිය ගිය විරුවන්ය. ලංකාවේ සතර කොන ඒ ඒ රැුහේ් මිය ගිය අය උදෙසා විමන් 4ක් පවතින බවට පිළිගැනීමක් ද වෙයි. මළවුන් පිදීම නැතහොත් පරපුරේ ඥාතීන් පිදීම ගෝත‍්‍රික සිරිතක් ලෙසින් සලකා අතහැරීමත්, බුදු දහම හරහා ඔවුන් නිවන් දැක්වීමේ ක‍්‍රමවේදයත් හරහා හෙළ ජාතියේ ආරක්ෂාව බිඳ වැටෙන්නට විය. මෙම කාරණය පරපුරේ සාපය නැතහොත් මළවුන්ගේ සාපය ලංකාවේ ජන්මීන්ගේ කේන්ද්‍ර තුළ බහුලව ඇති වන්නට බලපෑ ප‍්‍රධාන හේතුවයි.
ඉහත සාප හෝ බාධා උදෙසා රටක් ලෙස කළ යුතු බොහෝ පිළියම් ද වෙයි. එසේ නොවුණහොත් රටක් ලෙස පෙරට යෑමට වඩා වෙනත් රටවල් මතම යැපෙන්නට සිදුවනු නියතය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close