තරු වළල්ල

ස්වස්තිකය පැලදීම සුදුසුද ?


ගොඩක් අය වරින් වර මගෙන් අහන ප‍්‍රශ්ණයක් මම මේ ගැන මට තිබුණ ගැටලූව භාවනාවෙන් විසද ගත්තා.

ස්වස්තිකය කියන්නේ කුමක්ද කියන එක පිලිබදව මා කලින් ලිපියක් පලකලා…

නමුත් මේක ඊයේ ආශ‍්‍රමයට පැමිණි තරුණයෙක් හා සම්භන්ධ අත්දැතීමක්. ඒ තරුණයා කැමතිනම් ඔහුම මෙහි සත්‍ය ලියාවී……

එම තරුණයා සමග කතා බහ කරමින් සිටින විට මා අවබෝද කොට ගන්නවා ඔහුගේ ශක්ති වලල්ල දැඩි ලෙස බිදවැටී ඇති බව..

ඔහු ආශ‍්‍රමයේ පිලියම් සිදුකර සුභ ප‍්‍රතිඑල ලැබුව අයෙක් නිසා එසේ විය නොහැකියි….

ඒ නිසාම මා ඔහුගෙන් ඇසුවා ඔබ මෑතකදි පැලද ගත් දේවල් මොනාව හරි තියෙනවද කියලා?

ඒ තරුණයා ඔව් කියලා කිව්වා…

ඔහු කරේ තිබුණ සුරයක් හා ස්වස්තකයක් ගලවා මගේ මේසය උඩ තිබ්බා… ඒ දේක ගලෙව්වා විතරයි ඔහුගේ ශක්ති වලල්ල සුභ ආකාරයෙන් පෙනේන්නට වුනා…

මේ සියලූ සුර ස්වස්තික ඉවත් කල පසු ඔහුගේ ශක්ති වලල්ල සාමාන්‍ය පුද්ගලයෙක්ට අවශ්‍ය මට්ටමින් පැවතියා…

මම ඔහුට ඒ පිලිබදව පෙන්වා දුන්නා…

ඉන්පසුව මම සුරයේ සුභ අසුභ බැලූවා.. එය සම්පුර්ණයෙන්ම අසුභයි..

මම ඒ සුරය යලි පැලද ගන්නට කියා ඔහුගේ ශක්තිය අසුභ වන ආකාරය පෙන්වා දුන්නා….

සුවස්තිකයේ ගැටලූව මතු වුනේ ඉන් පසුවයි.

එය දක්ෂිනාවර්ථ සුවස්තිකයක්….

ස්වස්තිකයේ ශක්තිය බැලූවම එය සුභයි.

සුභ වුවත් එහි ශක්තිය අඩුයි.

යම් පුද්ගලයෙක් පැවසු නිසා ඔහු එය රිදි වලින් හදවාගෙන පැලදගෙන තිබුනා…

මම ඔහුට ස්වස්තිකය පැලද ගන්නට කිව්වා….

ස්වස්තිකය පැලදගෙන ඔහුගේ ශක්තිය මැණ බලන විට සාමාන්‍යයෙන් පැවැති ශක්ති වලල්ල අඩකින් අඩුවී තිබුණා…

ඔහු එය කරට දමා ගන්නා විට මගේ මනසේ ගැඹුරින් පුංචි පණිවිඩයක් ආවා.

මම ඔහුට කිව්වා ඒ විදියටම ස්වස්තිකය ගලවා ඉස්සරහ පස්ස මාරු කර පලදින්න කියා..

ඉන්පසු යලිත් මම ශක්තිය මැන්නා….

ඔහුගේ ශක්ති වලල්ල ඉතා පහල මට්ටමකට ගමන් කර තිබුණා….

ඇයි එහෙම වුනේ … තේරුම් ගත යුතු කාරණය එයයි….

ස්වස්තිකය කියන්නේ යතුරක් අපේ කුණ්ඩලිණිය අවධිකලයුතු ආකාරය කියා දෙන මෙවලමක්…

අප ස්වස්තිකයක් රනින් හෝ රිදියෙන් සාදා පලදිනවා . එය දක්ෂිණාවර්ථව සාදානවා. හැබැයි මෙය ත‍්‍රීමාණයි.

අප මෙය කරේ පලදිනවා.

හැබැයි මෙහි ඉදිරි පස පසුපස නිරන්තරයෙන් මාරු වෙනවා.

ස්වස්තිකය ඉදරි පසින් දක්ෂිණාවර්ථ උවත් පසුපසට හැරුණු විට වාමාවර්ථ වෙනවා…

අර තරුණයාගේ ශක්තිය බිදවැටෙන්නේ ඒ නිසයි….

මේ කරුණ ගොඩක් අයට තේරේණ එකක් නැ..

කරේ තියෙන ස්වස්තිකය අතට අරගෙන බලූවම ඒක තේරේවි…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x