තරු වළල්ල

අමාරුවේ වැටෙන්න කලින් හිතන්න . . .

සාමාන්‍යයෙන් ආශ‍්‍රමයට එන්න නම් කලින් දිනයක් වේලාවක් වෙනකරගත යුතුයි. නමුත් පසුගිය සදුදා එක වරම තරුණ දරුවෙකු ආශ‍්‍රමයට පැමිණියා. එසේ එන අයට සාමාන්‍යයෙන් යලි හැරි යන්නට වෙනවා. නමුත් ආශ‍්‍රමයේ අම්මා ඒ දරුවව මා කරා යොමු කලා….

ඔහුට තිබුනේ එක් ප‍්‍රශ්ණයකට පිලිතුරක් ලබා ගන්න විතරයි.

මහත්තයා මම අනිද්දට රට යනවා. මේ ගමන සුභද නැද්ද කියන එක ගැන හිතේ පොඩි චංචල බවක් තියෙනවා. මම මෙන්න මේ ජ්‍යොතිෂ මහත්තයා ලගට ගියාම කිව්වා මහත්තයා ලගට යන්න සුදුසු දේ කියාවි කියලා. ඒකයි මම හොයාගෙන ආවේ…

ඇයි ඔබේ හිත චංචල වෙලා තියෙන්නේ…

මම අවුරුදු දෙකකට කලිනුත් රට ගියා. සියලූ මුදල් නැතිකරගෙන මාස තුනෙන් ආවා.. මේ පාරත් එහෙම වෙයිද කියලයි…

මම ඔහුට ලංකාවෙන් පිටවෙන්න තියෙන දිනයේ කර්මය ඔහුට දඩුවම් ක‍්‍රියාත්මක කරන ආකාරය කියලා දුන්නා.

ඔහුට හිතාගන්න බැරි විදියට වෛදික ග‍්‍රහ බල චක‍්‍රයට අනුව තැම්පත්ව තිබුණේ විදේශ සබදතා හා කර්මය ක‍්‍රීයාත්මක වීම කියන තැන් දෙක තුළයි. මුදල් ආදායම් සතුට දියුණුව පෙන්වන තැන් සියල්ලම හිස්ව තිබුණා. දසා ගත සම්භන්ධයත් තිබුනේ පෙර කියු තැන් දෙකටමයි. මා සරල උත්තරයක් දුන්නා.

මමනම් මේ ගමන අනුමත කරන්නේ නෑ. කලින් අවස්ථාව වගේම වේවි. කලින් ගිය දිනය කවද්ද ?

ඔහු දිනය කිව්වා. එදින ග‍්‍රහ බල චක‍්‍රය මම ඔහුට පෙන්නුවා. ඔහුට මොහොතකට ඉන්න තැනත් අමතක වෙලා ගියා.

මහත්තයෝ ඉස්සර වෙලා පෙන්නපු එකට ගොඩක් සමානයිනේ….

ඔව් කර්මය දඩුවම් දෙන්න ඒ වගේම තවත් වෙලාවක් නිර්මාණය කරලා…

මම පිලියම් ටිකක් දෙන්නම් ඉක්මණින් කර ගන්න.

මහත්තයෝ මම සතියක් කල් දැම්මොත් ගමන…

මම ග‍්‍රහ බලා බැලූවම කල් දැමීම සුභ බව ඔහුට පැවසුවා.

හැබැයි අඩු වෙන්නේ කර්මය උදෙසා දඩුවම් ක‍්‍රීයාත්මක වන මොහොත පමණයි. ගමන සර්ව සුභ කියන එකම නොවෙයි. සතියක් කල්දාලා පිලියම් ඉක්මණින් කර ගන්න.

ඔහු ඒ තීරණය මත පිටව ගියා.

විශ්වය අන්තිම මොහොතේ හෝ හරි පාර කියා දෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා. අපිට මිදෙන්න අවස්ථාව ලැබෙන්නේ බොහොම පුංචි සිදුවීමක් තුළිනුයි.

හිතන්න ටිකක් ……

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close