තරුවළල්ල

`` මනමේන්ද්‍ර මහත්තයා කියපු දේවල් කරලා මම අමාරුවේ වැටුණා... ``

” මනමේන්ද්‍ර මහත්තයා කියපු දේවල් කරලා මම අමාරුවේ වැටුණා… ”

ඔය ආකාරයේ නිර්නාමික පණිවිඩ කිහිපයක් පසුගිය දින වල ආශ්‍රමයේ දුරකථනයට ලැබුණි.

මෙම පණිවිඩ එවු දුරකථනයට ඇමතුමක් ගත් අම්මා ,

” ඔබ කවුද ? මොකක්ද ඔබේ ගැටලුව?”

” මනමේන්ද්‍ර මහත්තයා කියපු දේවල් කරලා අමාරුවේ වැටුණා කෙනෙක් මම ”

” ආශ්‍රමයෙන් ඔබට දිපු ලිපි ගොනු අංකය කුමක්ද ? ”

” මම ඔහේට ඇවිත් නැහැ.. ”

” මහත්තයා පත්තරේ ලියපුවා කරලා තමයි මම අමාරුවේ වැටුණේ … ”

දුරකථන සංවාදය එතනින් නිමාවට පත්විය…නමුත් මෙය විසඳිය යුතු ගැටලුවක් බැවින් යළි ඔහුට කතා කළ යුතු යැයි අම්මා තීරණය කළාය.

” මම කාංචන මනමේන්ද්‍ර කථාකරන්නේ…. තමන් කවුද ?”

“මම ……… කියලා කෙනෙක්… මහත්තයා මාව දන්නේ නැහැ. ”

” මම කියපු දේවල් කරලා අමාරුවේ වැටුනා කියලා කියන්නේ ඔබ ආශ්‍රමයට ආව දරුවෙක් ද?”

“නෑ”

“එහෙනම් කොහොමද මම කියපු දේවල් කරලා අමාරුවේ වැටුන කියන්නේ”

“මහත්තයා මට මොකුත් කිව්වේ නැහැ. පත්තරේ දාලා තිබ්බ ඒව තමයි මම කළේ”

” පත්තරේ දාලා තිබ්බ දේ කරන්න ම කියා අණ කර තිබුනාද ”

“එහෙම තිබුනෙ නෑ. ඒත් මහත්තයා රත්තරං හදන විදිය දාලා තිබ්බා”

” ඉතින් ”

“ඉතින් මම රත්තරන් හැදුවා. ඒ විතරක් නෙවෙයි .රසදියහදන විදිහ දාලා තිබ්බනෙ මම රස දියත් හැදුවා. ඒකෙන් තමයි මං අමාරුවේ වැටුණේ.”

” රසදිය ඔබ සාර්ථකව හැදුවද ? ”

“ඔව් මම කීප දෙනෙක් දාලා ව්‍යාපාරයක් විදියටම කළා.”

” ඔබ රසදිය හදලා අමාරුවේ වැටුණේ කොහොමද ? ”

“මහත්තයා රසදිය ශුද්ධ කරලා ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් බොන්න පුළුවන් කියලා කියලා තිබුණා නේ, මම ඒකත් අත්හදා බැලුවා.”

” ඉතිං, ඒකෙ ඔබ අමාරුවේ වැටුනෙ කොහොමද ? ”

“ඒකෙන් නෙමේ මාව අමාරුවේ වැටුණේ, මාව accident වුණා.”

” රත්තරන් හදපු එකයි රසදිය හදපු එකයි හින්දා ඇක්සිඩන්ට් වෙන්නෙ කොහොමද ?”

“ඇක්සිඩන්ට් එකෙන් මාව බේරෙයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නෑ. මම විශ්වාස කරනවා මම නොමැරී ඉන්නේ රසදිය බීපු හින්දා කියලා”

” එතකොට ඔබ පණිවිඩ යෙදුවේ ඇයි මා කියපු දේවල් කරලා ඔබ අමාරුවේ වැටුනා කියලා ”

“සමාවෙන්න මහත්තයෝ එහෙම දෙයක් නෙවෙයි. මම ජීවත් වෙන්නේ රසදිය හින්දයි.”

ඔහු මානසික ආතතිය ඇති අයෙක්.

” ඔබේ ඥාතියෙක්ගේ දුරකථන අංකයක් තියෙනවද ? ”

” කවුරුත් මට ඉතිරි වෙලා නැහැ. මේ දේවල් හින්දම ඔක්කොමලා මැරිලා ගියා.”

අවසන සොයුරෙකුගෙ දුරකථන අංකයක් ලබා ගත් මා ඔහු ඇමතිය.

ඔහු රජයේ පාසලක ගුරුවරයෙකි.ඔහු කී බොහෝ දේ සත්‍යය වුවත් අනතුරෙන් පසු ඔහුගේ මනස දැඩි අවපීඩනයකට ලක්ව ඇති බව සහෝදරයා ගේ අදහසයි.වරින් වර පැමිණෙන ඔහු සහෝදරයාගේ නිවසේ තාප්පයේ ඔහුට විරුද්ධ ව බොහෝ දේ ලියා පිටව යන්නේ තමා ඔහුගේ සියලු දේ උදුරා ගත් බව සිතේ මවා ගත් හැඟීමක් මුල්කර ගනිමින්ය යන්න ඔහුගේ නිගමනයයි.

අම්මට අවශ්‍යවුයේ අපෙන් ඔහුට වු හානිය සොයා එය නිවැරදි කිරීමටය. එහෙත් නිවැරැදි කරන්නට තරම් දෙයක් එහි නැත.පසුගිය දිනක අම්මාගේ ගිණුම තුලද එවැනිම සිදුවීමක් වු බව ඔබට මතක ඇති. මෙය ඊට හොඳ නිදසුනකි.

සමාජය තුළින් ඔබට එරෙහිව එසවෙන අත් දෙස බැලිය යුත්තේ ඉතා සිහිකල්පනාවෙනි.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close