තරු වළල්ල

උරුමය කරුමයක් කරවන නිධාන

නිධාන කිව්වම ප‍්‍රශ්ණ ගොඩක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. නිධන් කඩන්න කිහින් ප‍්‍රශ්ණ ඇති කර ගන්න මිනිසුන් ගැන අමුතුවෙන් ලිවිය යුතු නෑ. මොකද ඔහුන් නොදැන ඇතිකරගන්න ප‍්‍රශ්ණ නොවෙයිනේ…

නමුත් නිධාන බොහෝ ජිවිත වලට වෙනස් ආකාරයේ බලපෑම් ඇතිකරනවා..

මේ පිලිබදව අත්දැකීම් කිහිපයක් ලියන්නට සිතුණා….

පලමු වැන්න මීට ටක කාලයකට කලින් සිදුවීමක්…

කර්මය උදෙසා පිලියම් යෙදීම උදෙසා ආශ‍්‍රමයට පැමිණි දරුවෙකු තමන් නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන නමුත් කොතරම් එයට උත්සහ කරත් එය ඉටුකරගත නොහැකි බව පැවසුවා.

මේ නිසාම මම භාවනාව තුළින් ඒ පිලිබදව සොයා බලන්නට වුණා.

ඔය ගොල්ලන්ගේ ඉඩම තියෙන්නේ මෙන්න මේ වගේ කදුවැටියකද ?

ඔව් මහත්තයා…

ඔය ඉඩමේ හැම තැනම පොඩි රවුම් කලූ ගල් තියෙනව නේද ?

ඔව් මහත්තයා…

ඔය ඉඩම රාවණ දෙවියන්ට අයත් විශේෂිත තැනක් ඔතන කවදාවත් කිසිම කෙනෙක්ට ගෙයක් හදාගන්න බැරුවෙයි.. මේ මොහොතෙදිත් ඔතන රාවණ දෙවියන්ගේ බලය උපරිම ක‍්‍රීයාත්මක වෙනවා…

මහත්තයෝ ඔය ඉඩම අපේ පරම්පරාවේ හැමෝම අතහැර දානවා. උරුමයට ආපු කිසිම කෙනෙක්ට මුකුත්ම කරගන්න බැරිවෙලා.. දැන් උරුම මට……

මමනම් දෙන උපදෙස තමයි ඔය ඉඩම අතහැර දාන්න කියන එක…

දෙවන අත්දැකීම…..

ඔහු රූපවාහිනී වැඩසටහන් වලට සම්භන්ධ පුද්ගලයෙක්.. කොහෙම හරි ඔහුගේ වෘත්තීය ජිවිතය මෙන්ම ගෘහ ජීවිතය දැඩි ගැටලූවකට ලක්වෙමින් පැවතියා…

ඔහු මගෙන් මේ ගැටලූ වලින් මිදෙන්න මාර්ගයක් ඉල්ලා සිටියා.

විසදුමට පෙර වැදගත් වෙන්නේ ගැටලූව හදුනා ගැනීමයි.

මම භාවනාව තුළින් මේ පිලිබදව සොයා බැලූවා.

මට පෙන්නන්නේ කදු මුදුනක ඇති කුඩා නිවසක්… ඉතා ලස්සන පරිසරයක්..

ගේ ඇතුලේ අඩි කිහිපයක කලූගල් තලාවක් තියෙනවා. මට ගැටලූව විදියට පෙන්වන්නේ එතන….

මම මේ පිලිබදව ඔහුගෙන් ඇහුවා.

ඔව් මහත්තයා ඔය බුදුල්ලේ අපේ මහ ගෙදර… එක තියෙන්නේ පලාතෙන්ම උසම කදු මුදුනේ .. ගේ අතුලේ කල් තලාවක් තියෙනවා..

ඒ ගල් තලාව මැදි කරලා ගේ හදන්න විශේෂ හේතුවක් තියෙනව නේද ?

එහෙම කියනවා…

කවුද ?

සීයා…

සීයාද යන්තර මන්තර වැඩ කලේ ?

ඔව්…

සීයා මොනවද කිව්වේ…

ඔතන ලොකු නිධානයක් තියෙනව කියලා.. එත් කිසිම කෙනෙක්ට ඒක ගන්න බෑ කියලා. අපේ අයට තියෙන්නේ එක රකින්න විතරයි කියලා.

ප‍්‍රබල ආත්මයක් හැමදාම රූට ඇවිත් ඒ ගල උඩ වාඩිවෙලා ඉන්නවා. එයා කියන දෙය තමයි සීයා කරලා තියෙන්නේ…
සීයා ඔය කෙනා ගැන කිව්වා අපිනම් දැකලා නැහැ.

කාටද දැන් ඔය ගේ අයිති ?

ඔහු ඒ ගෙය විකුණන්න නේද හිතන් ඉන්නේ..?

බොහෝ වෙලාවට එහෙම කරාවි. මොකද අපි ඔක්කොම ඉන්නේ කොලඹනේ …

ඔක විකුණන්න හැදුවොත් ඔයගොල්ලන්ට ප‍්‍රශ්ණ ඇතිවෙයි’ හැමදේම කඩාකප්පල් වෙලා ආයිත් බදුල්ලටම යන්න වෙයි. එනිසා ඒ ගෙදර තියාගෙන කරන දෙයක් කරන්න

මේ සිදුවීම් දෙකේම පුද්ගලයින් නිදන් කඩන්න ගිහින් නොවෙයි. නිදන් උරුමයන් නිසා දුක්විදින මිනිසුන්…

මෙය හෙදින් තේරුම් ගත යුතුයි. කටකථාවට නිදන් තියෙන ඉඩම් වල ඉන්න අය ඔන තරම් ඉන්නවා. ආපස්ස හැරිලා බලන්න ඒ නිධානය තමන්ට උරුමයක් වෙලාද? කරුමයක් වෙලාද කියන එක ….

තව අත්දැකීම් බොහෙමයක් තියෙනවා ඉදිරියේදි ටික ටික ඒ ගැන ලියන්නම් …

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close