තරු වළල්ල

මල් ගසින් බිදවැටුණු නිවසේ ශක්තිය


අපි නිවසක ඉඩමක අලංකාරය වෙනුවෙන් විවිධාකාරයේ පැල වර්ග රුගෙන එනවා. බොහෝ විට අපි බලන්නේ එහි අංලකාරය පිලිබදව පමණයි.

ආශ‍්‍රමයේ අලංකාරයට වඩා මුල්තැන දෙන්නේ ශක්තිය සමබර කිරීමටයි. පසුගිය දිනක ආශ‍්‍රමයට දම් පැහැති මලක් පිපෙන මල් වැලක් රගෙන ආවා. එය ආශ‍්‍රමයේ ඉදිරිපස තබා තිබුණා.

එය පොච්චිය එම ස්ථානයේ තබා දින දෙකක් පමණ යනවිට ආශ‍්‍රමයේ ශක්තියේ යම් අසමබර තත්වයක් පෙන්වන්නට වුණා.
එ හේතුවෙන්ම එම පොච්චිය එම ස්ථානයෙන් වෙනත් තැනකට ඉවත් කරනු ලැබුවා.

යම් යම් ස්ථාන වලදි අඩු වැඩි වශයෙන් අසුභ පෙන්වන්නට වුණා.

යම් ස්ථාන වලදී ඉතා ප‍්‍රබල ලෙස සුභ ශක්තියට බලපෑම් ඇති කරන්නට තරම් මෙම පැලය අසුභ බව පෙන්වනු ලැබුවා.

මෙම පැලය තැබීම අසුභ නොවන බව පෙන්වනු ලබන දිශාවලදීත් එම දීශාවට අසුභ නොවුනද භූමියේ සමස්ත සුභ තත්වය අඩු වන්නට එය හේතු වුණා.

අවසානයේ පැලය ආශ‍්‍රමයෙන් ඉවත් කර දමනු ලැබුවා.

……………………………………………………………..

මෙතනදී අප ඉතා කල්පනා කාරි විය යුතු දෙයක් පවති.

නිවසට අලූතින් මල් පැල රුගෙන එමෙන් පසු නිවස තුළ ඇතිවන සුභ හා අසුභ තත්වයන් පිලිබදව කල්පනාකාරී වීමය.

ආශ‍්‍රමය තුළදි ශක්තියේ ස්වාභාවයන් අවබෝධ කර ගැනීම තුළින් මෙය එක්වර තේරුම් ගැනීමට හැකි වුවද නිවසකදී මෙය තේරුම් ගැනීම තරමක් සංකීරණ වේ.

එහෙත් අවධානය තුළින් වඩා පහසුවෙන් සුභ අසුභ තත්වයන් හදුනා ගැනීමේ හැකියාව ඇතිවෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x