තරු වළල්ල

සිගරට් පෙට්ටියකට කල හැකි දෙයක්

අපි අවට ඇති හැම දෙයක් තුළම ශක්තියක් පවතිනවා. යම් දෙයකින් නිකුත් කරන ශක්තිය සුභ ශක්තියක් නම් අපට එය සුභ ලෙසින් හැගෙනවා..

යම් දෙයකින් නිකුත් කරන ශක්තිය අසුභ ශක්තියක් නම් අපට එය අසුභ ලෙසින් හැගෙනවා.. ටිකක් හිතන්න අලූත පිපිණු මලක් වෙත අපි ඇදෙනවා. හැබැයි ඒ මලම පරවෙන විට අපි එයට ආකාර්ෂණය වෙන්නේ නෑ.

හැම දෙයක්ම එහෙමයි.

භෞතික දේ තුළ පමණක් නොවෙයි පුද්ගල සබදතා තුළත් ආකර්ෂණය ඇති වීමට මිනිසුන් තුළ ඇතිවන සුභ අසුභ ශක්තිය හේතුවෙනවා. මෙය පුද්ගල ශක්ති වලල්ලේ වර්ණ ගැන්වීමටත් දිග තීරණය වීමටත් හේතු වෙනවා.

අද ලියන්න හදන්නේ ශක්තිය පිලිබද ඊයේ ලබපු වෙනස් අත් දැකීමක්….

විදෙස්ගතව ඉන්න හිතවතෙක් ඊයේ ආශ‍්‍රමයට පැමිණියා ඔහුගේ හදිසි කටයුත්තක් උදෙසා….. ඔහු මෙවර ලංකාවට පැමිණි විට නවීන පන්නයේ මෝටර් රථයක් මිලදීගෙන තිබුණ. ඔහු පැමිණ තිබුනේ ඒ වාහනයෙන්….

ඔහුට අවශ්‍ය වුනා වාහනයේ ශක්තිය කෙබදුද කියා මැන බැලීමට….

මා වාහනයේ ශක්තිය මැණ බැලන විට මට පෙන්වන්නේ සෘණ අගයක්…

මා මේ පිලිබදව ඔහුට පැවසුවා….

ඔහු දුන්නේ අමුතු පිලිතුරක්…….

වාහනය ගත්තට මට වාහනය ගැන කිසිම හිතක් එන්නේ නෑ.. නැග්ග ගමන් නිදි මතක් එනවා… ඒ නිසාම ගෙකර අයත් එක්ක තාම කිසිම ගමනක් ගියෙත් නෑ…. දුර ගමන් යන්න හිතෙන්නේ නෑ ඒ නිසාම….

සෘණ පරිසරයක් තුළ ඉන්න විට නිදිමත එන එක සාමාන්‍ය දෙයක් … ඒ කියන්නේ අපේ ශරිරයේ ජවය බිද වැටෙනවා….

ඇයි අලූත් වාහනයක් සෘණ වෙන්නේ…. මටත් එය ගැටලූවක් වුණා….

මම ඔහුට කිව්වා වාහනය තුළ ඇති පරිභාහිරව එක් කල දේවල් එලියට ගන්න කියලා…

වාහනයේ තිබුනේ ඔහුගේ පාස්පෝට් එක පර්ෆියුම් බෝලයක් හා සිගරට් පෙට්ටියක් විතරයි…

මම ඒ දෙවල් වල ශක්තිය මැණ බැලූවා. සිගරට් පෙට්ටිය හැර අන් දේවල් සුභයි. සිගරට් පෙට්ටිය එලියෙන් තියලා වාහනයේ ශත්කිය මැන බැලූවා. එවිට වාහනයේ අගය ධණ 30 ලෙස පෙන්වනු ලැබුවා….

යලිත් සිගරට් පෙට්ටිය වාහනයෙන් තියා ශක්තිය මැන්න විට වාහනය සෘණ බවට පත්වුණා…

මේ සිදුවීම කියවපු අයට දැන් හිතන්න ප‍්‍රශ්ණ ගොඩක් තියෙනවා…

නොදල්වපු සිගරට් පෙට්ටියකින් එය තබපු තැනත් අසුභ වෙනවානම් සිගරට්ටුවක් දල්වන විට පරිසරය කොතරම් අසුභ වනවා ඇත්ද ?

අනෙක් එක් සිගරට්ටුවක් බෙන පුද්ගලයා කොතරම් අසුභ ඇත් ද?

නිරන්තරව සිගරට් බොන පුද්ගලයෙක් ජිවත් වන නිවස හෝ ආයතනය කොතරම් අසුභ ඇතිද ?

මගේ හිතටනම් මේ ප‍්‍රශ්ණ ටික ඇති වුණා…..

එය මැණ බැලිය යුත්තක්………………

මේ ලිපිය බුද්ධිමත්ව කියෙව්වොත් අද ඉදන් මේ පිටුවේ ඉන්න තරුණ දරුවෝ බොහොමයක් තම පුරුදු වෙනස් කර ගනීවි..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close