තරු වළල්ල

කඩකල පොරොන්දුවට වාහනය සින්නක්කරව ගත් ආත්මය

වාහනයක් මිලදී ගන්න හිතාගෙන එම වාහනය ගැනීම ගැන නිමිත්තක් බලද්දී අමුතුම ආකාරයේ අත්දැකීම් කිහිපයක් ලබන්නට අවස්ථාව උදාවුණා..

මේ වාහනය වසර කිහිපයක් පාවිච්චි කර විකුණන වාහනයක්.. ඔහුන් වාහනය බලලා කැමති වුනත් කොතරම් එයට මුලපුරන්නට හිතදෙන්නේ නැහැ .

මේ නිසයි නිමිත්තක් බලන්න තීරණය කරන්නේ…

මා බුලත් නිමිත්ත බැලුවම එහි පෙන්වන්නේ ධන හානියක්,

නමුත් එ තුල සැගවුණු අදෘශ්‍යමාන ගැටලුවක් පිලිබදවත් ඉගි තිබුණා ..

ඉතිං මම භාවනාව තුලින් එ ගැන සොයා බැලුවා .

වසර හයකට කලින් ගම් පැත්තකදී මැදිවිය ඉක්මවු පුද්ගලයෙක්ව වාහනයේ හැප්පෙනවා. බාහිරින් තුවාල නැති නිසා වාහනයේ පිටුපස කොටසේ බිම ඔහුව වාඩි කරවලා ඔහුගේ ගෙදරට රැගෙන යනවා. හැබැයි ගෙදරට ගොස් ඩිකියේ දොර ඇරියම බිමට පතිත වෙන්නේ ඔහුගේ මිනිය….

වසර හයක් තිස්සේ එ වාහනය තුන් දෙනෙක් අතින් අතට ගිහින්,

එ ආත්මය කාටවත් වාහනයෙන් ප්‍රයෝජනයක් ලබන්න දෙන්නේ නැහැ..

මම ඇහුවා එ ආත්මයෙන් මේ වාහනය පසුපස එන්න හේතුව,

” මගේ ගෙදරට හැත්තපන් දාහක් දෙන්න පොරොන්දු වෙලා දුන්නේ 37000 යි. එක දෙනකන් මම යන්නේ නැහැ “

මම ඇහුවා දැන් වාහනය තියෙන්නේ වෙන අයෙක් ලගනේ කියලා..

ඔව් මම ඉන්නේ එ ගෙදර තමයි

ඔහුගෙන් මේ සල්ලි ඉල්ලුවේ නැද්ද ?

එකා කුණු ලෝබයි. කන වෙලාවට පොඩි පාන් කෑල්ලක්වත් මට ඉතිරි කරන්නේ නැහැ. මම එ ගෙදර ගෙට්ටුව අරින්න බැරි වෙන්න අල්ලන් ඉන්නේ , හැමදේම කඩා වැටුනමවත් තේරැම් ගනියිනේ…….

මෙතනින් එහා ලිවිය යුතු නැත.

එතනින් එහාටද මේ සංවාදය සිදු කෙරැණි. එ එම ආත්මය මිදවීම ,එම වාහනය මිලදී ගැනීම හෝ අතහැර දැමීම ගැනය.

අප නොසිතන බොහෝ දේ විශ්වය තුල පවතී.

එ හැම දෙයක්ම අත්දැකිමෙන් විදිය යුතුය.

මෙහි වැදගත් කරැණු කිහිපයක් තියෙනවා.
1. අනතුර සහ එයට දැක්වු ප්‍රථිචාරය
2. පොරොන්දුව ඉටු නොකිරීම
3. නිවසේ කන කෑම එකටත් බැල්ම හෙලන ආත්ම
4. යමක් මිලදී ගැනීමේදී කොතරම් සොයා බැලිය යුතුද යන්න

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x