දොස්තොර කිරීම........
අගෝස්තු මාසයේ එක් දිනක සුපුරුදු ලෙසින් මා ආශ්‍රමයේ මිනිසුන්ගේ කර්ම එලයන් පිළිබද විමසමින් සිටියා.එක් තරුණයෙක් මා ඉදිරියේ අසුන් ගත්තා.
” මහත්තයෝ මට පිස්සු…. ”
මා කිසිවක් නොකියා ඔහු දෙස බැලුවා.
” ඔව් මහත්තයෝ මට පිස්සු….. ”
” ඇයි ඔබ එහෙම කියන්නේ ? ”
” නෑ මහත්තයෝ මට ඇත්තටම පිස්සු…. මම හතර පස් වතාවක්ම මානසික රෝහලේ නතර වෙලා ප්‍රතිකාර අරන් තියෙනවා……
ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක් ඒ වෙනවිට අවසන් විභාගයෙන් එක දිගටම තුන් වරක් අසමත් වෙලා ….. ”
මම ඔහුදෙස ටිකවෙලාවක් බලා සිටියා.
” ඔබට විභාගයෙන් සමත් වෙන්නද ඔනේ ? ”
” ඔව් මහත්තයෝ….. ”
” කවදද විභාගය තියෙන්නේ ? ”
” නොවැම්බර් වල … ”
” හොදයි මම ඔබව පාස් කරන්නම් හැබැයි මම කියන විදියට වැඩකරන්න ඔනේ ”
” හොදයි මහත්තයෝ මම එහෙම කරන්නම්….. ”
මම බොහොම සරල පිලියමක් ඔහුට දුන්නා….
සියලු පාඩම් නවත්තලා හොදට නිදාගන්න….
ඔහු මෙය ගෙදර ගිහින් මවට කිව්ව ගමන් මව බැන වැදුණලු
උඹ මේ පාරත් ෆේල් වෙන්නද හදන්නේ කියලා….
එත් ඔහු විශ්වාසය අතහැරියේ නෑ……
සති කිහිපයක් පැය 24 රම ඔහු හොදින් නිදා ගත්තා….
මම ඔහුගේ පොත පත පැත්තකට දාලා ඔහුව ඔහු තුළට සෙමින් සෙමින් රුගෙන ගියා…….
මම වෛද්‍ය විභාගය ලියලා නෑ …….. ඒ කියන්නේ මම වෛද්‍යවරයෙක් නොවෙයි කියන එක……..
එත් නොවැම්බර් මාසයේ මුලදී මම ඔහුට ලියන්න ඔනේ ප්‍රශ්ණ ටික තෝරා ගන්න හැටි කියලා දුන්නා…….
නොවැම්බර් මාසය ගෙවියද්දී මේ දරුවා විභාගය ලිවුවා.
පසුගිය දිනක දහවල් ආශ්‍රමයේ දුරකථනය නාද වුනා….
සුපුරුදු ලෙස ආශ්‍රමයේ අම්මා දුරකථනයට පිලිතුරු දුන්නා…..
” අම්මේ මම විභාගය පාස්….. ”
මම දුටුවා ඇගේ ඇස් වලින් කදුලු කඩා හැලෙනවා…..
ආශ්‍රමයට එන බොහෝ අය ඇයට කථාකරන්නේ එහෙමයි….
මාස හතරක් වෛද්‍ය සිසුවාව ඔහුගේ අවසන් අරමුණ වෙත රුගෙන ගියේ ඇයයි……
තමන්ගේ මවට මේ පුවත කියන්නටත් කලියෙන් ඔහු ආශ්‍රමයට කතාකර තිබුණා……..
අද ඔහු වෛද්‍යවරයෙක්………..
මම කලේ ඔහුගේ දොස්තොර කිරීම පමණයි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර