හෙළ නාමකරණය

පැලෝපීය නාලයේ ගෙඩියට සිදුවුයේ කුමක්ද ?

පසුගිය සතියේ බ්‍රහස්පතිනදා සවස දරුවෙකුගේ හදිසි රෝගයක් සම්භන්ධයෙන් තාත්තා කෙනෙක් ආශ්‍රමයට කථාකරා. පාසල් යන වයසේ ගැහැණු දරුවෙක් … ඇගේ වෛද්‍යවරු ඇයට ඉතා ඉක්මණින් සැත්කමක් කලයුතු බව පවසා දින ලබාදීලා… තව දින දෙකකින් ඇය රෝහල් ගත විය යුතුයි…. එ ඇගේ පැලෝපීය නාලයේ ඉතා විශාල ගෙඩියක් පවතින නිසා…

කොහොම හරි ස්කෑන් වැනි මුලික පරික්‍ෂණ වලිණුත් මෙය සනාත වෙලා….

එ දරුවගේ තාත්තට අවශ්‍යවුනේ මේ මොහොතේ මේ කරන්න හදන දේ සුදුසුද කියන එක දැනගන්නයි.
රෝගී දරුවෙකු නිසා ආශ්‍රමයේ අම්මා පසුදිනම ඔහුට එන්න කිව්වා.

නිමිත්තට අනුව දරුවගේ ගර්භාෂයට මදක් ආසන්නයෙන් ලේ කැටි ගැසීමක් පවතින බව මා දුටුවා. එය ඇතිවීමට හේතුව ලෙසින් මා දුටුවේ ඇදි පුටුවක ඇගේ බඩ වේගයෙන් වැදීමයි.

එක් දිනයි තව ඉතිරිව ඇත්තේ ඇය ඉරිදා රෝහල් ගත විය යුතුයි.

මා විශ්ව පිලියමක් ලබා දුන්නා දරුවාගේ ඇද උඩින් එල්ලන්න……

මෙකෙන් දරුවගේ ලෙඩේ හොදවෙයි. එත් කමක් නෑ ඉරිදට රෝහලට යන්න.. දෙස්තරලා ලෙඩේ හොදවෙලා කියලා හරි කියයිනේ…..

පිලියම් ලබාගෙන ඔහු පිටව ගියා….

පසුගිය දිනක ඔහු යළි ආශ්‍රමයට කථා කරා……

අම්මේ දුවව ගෙදර එක්කන් ආවා…

මොකද උනේ.. ?

ආයිත් ස්කෑන් කරලා දොස්තරලා කිව්වා මේකේ ගැටලුවක් නෑ. අවුරුදු හත අටකට පස්සේ ගැටලුවක් ආවොත් බලමු කියලා….

එතකොට කලින් ස්කෑන් එකේ තිබුණු ගෙඩිය…..

දැන් නැහැලු……

එතකොට දරුවට තිබුණු අධික වේදනාව ?

දුවත් දැන් එහෙම එකක් දැනෙන්නේ නෑ කියනවා.

ආ එකත් එහෙමද ? එහෙනම් ………… දෙවියන්ට පිං දෙන්න. එ වගේම ගුරුතුමා කිව්වා නේද දරුවට කලින් වෙච්ච භාරයක් මග හැරිලා කියලා එක ඉක්මණින් එ තැන් වලට ගිහින් ඉෂ්ඨකරන්න.

ඇත්තටම මොකක්ද වුනේ….

ස්කෑන් එකේ තිබණු ගෙඩිය දින දෙකකින් නැතිවුනේ කොහොමද ? මාස හත අටක් තිබුණු වේදනාව එක් වරම නැතිවුනේ කොහොමද ? ඔබට උත්තර නැතිවේවි…

එහෙත් මට බොහොම සරල උත්තරයක් තියෙනවා. එත් එය ඔබට ගැඹුරු වැඩිවේවි. නමුත් උත්තරය එයම තමයි.
පංචභූත තත්වය ත්‍රී ගුණයෙන් අභිබවණය කිරීම කියන්නේ එයට……

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x