හෙළ නාමකරණය

ණය වෙලා හරි ගිතෙල් කන්න

“ඍණං කෘත්වා ඝෘතඃ පිබේ”

ණය වෙලා හරි ගිතෙල් කන්න

වෛදිකයෝ ගිතෙල් වල අගය ගැන කිව්වේ අන්න එහෙමයි.
සිරුරේ තියෙන බොහෝ ලෙඩ රෝග පාලනය කරන්න ගිතෙල් බොහොම වැදගත් කාර්යයක් කරනවා .
උදේට හිස් බඩ ගිතෙල් හැන්දක් කන්න පුළුවන් නම් නිරෝගීභාවය ලැබෙනවා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි , දිගින් දිගට ගිතෙල් කන කෙනාගේ නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්ඨි ශක්ති කියන ගුණ වැඩෙන නිසා යි.

” ඍතඃ පිත්තානිල හරං – රස ශුක්‍රෝජසා හිතම් නිර්වාපනම් මෘදුකරං – ස්වර වර්ණො ප්‍රසාදනම් “

ගිතෙල් පිත් දෝෂ සමනය කරන අතර රස ශුක්‍ර ඕජස් යන ධාතු පෝෂණය කරයි. ශරීරය පැහැපත් කරමින් කාන්තිමත් බවට පත් කරනවා සේම ස්වර ප්‍රසාදය ද (කටහඬ මිහිරි කිරීම) ඇති කරයි.

ගැස්රයිටිස් ඇති අය ගිතෙල් වලින් හදන ආහාර අනුභවය තුළින් ඉක්මනින්ම ගැස්ට්‍රයිටීස් පාලනය කරගන්න පුළුවන්.. එසේම මේ හරහා ආහාර දිරවීම ක්‍රමානුකූල කරනු ලබනවා .

ගිතෙල් වල විටමින් වර්ග බොහොමයක් පවතී . ඉන් විශේෂිතම දෙය මැදි වයසෙන් පසු භාහිරින් ශරීරයට අනිවාර්යයෙන්ම ලබා ගත යුතු විටමින් D පැවතීමයි.

කොලෙස්ට්‍රොල් පාලනය කිරීම වගේම බඩවැල්වල පවතින විස ඉවත් කිරීමත් ගිතෙල් මගින් සිදු වේ.

ශරීරයේ හෝමෝන සමබර කිරීම ගිතෙල් හරහා සිදුවන ප්‍රධානම කාර්යයකි .

සම පැහැපත් වීම හා සමේ දීප්තිමත් ස්වභාවයක් ඇතිවීම සිදුවෙයි . වියළි සමක් පවතින විට ආලේප කිරීම උදෙසා ද මෙය ඉතා යෝග්‍යය.

අස්ථි ශක්තිමත් වීම මෙන්න මලබද්ධය පාලනය කිරීම උදෙසා ගිතෙල් කදිම ඖෂධයකි .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x