අතීත සහ වර්තමාන කෙලෙස් හා පාපයන්ගෙන් නිදහස් කරන වෛදික හෝරාව

ආත්මීය ගලා යෑමට විරාමයක් තබා තම පාපයන් ආවර්ජනය කිරීමට සහ දිව්‍යමය ශක්තිය සමඟ නැවත සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන විශේෂිත දීක්ෂා පිලියමක් ලෙස වෛදික හෝරාව දක්වා ලිය හැකිය .
පෙර ආත්මයන්වල අපගේ ක්‍රියාවන් සහ ආකල්ප හේතුවෙන් ඇති වන කර්මාණුරූපී විදවීම තුළින් අපගේ මේ භවයේ දුක් වේදනා හා කැලඹීම් නිර්මාණය කරනු ලබයි .
වෛදික හෝරාව තුළදී තම විඳවීම රැගෙන එන පාප කර්මයන් පාලනය කර ගැනීමටත් , අධ්‍යාත්මික වර්ධනය වැඩි දියුණු කර ගැනීමට මෙන්ම ජීවිතයට ඇතිවන පරිභාහිර හේතුන් මෙන්ම ආගන්තුක කර්ම හරහා ජීවිතයට ඇතිවන ඍණාත්මක බලපෑම් ඉවත් කරනු ලබයි .
එය සරලව පවසන්නේ ඔබව අතීත සහ වර්තමාන කෙලෙස් හා පාපයන්ගෙන් නිදහස් කරන බවයි .
එයට අමතරව සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමටත්, ධන ධාන්‍යයෙන් සමෘද්ධිමත් බව ඇති කිරීමටත් වෛදික හෝරාවේ පිළියම් තුළින් අවස්ථාව නිර්මාණය වේ .
වෛදික සම්ප්රදාය තුළදී දීක්ෂා මග ගමන් කරන්නාට වෛදික හෝරාවේ පිළිවෙත් කිරීම අනිවාර්ය කරුණකි . එයට මූලිකම හේතුව වන්නේ බැතිමතා තුළ ඇති නිෂේධාත්මක පුරුදු ඉවත් කිරීමට , මානසික අපද්‍රව්‍ය සහ මෝක්ෂයට ඇති අවහිරතා ඉවත් කිරීමට මෙම පිලිවෙත් උපකාර වන බවට ඇති පිළිගැනීමයි .
මෙසේ කර්මානුරූපී අපද්‍රව්‍ය සෝදා හරින තරමට, අපට අභ්‍යන්තර සාමය, දීප්තිමත් සෞඛ්‍යය සහ අධ්‍යාත්මික ප්‍රීතිය අත්විඳිය හැකිය.
එය සෑම මසකම දිගින් දිගට සිදු කිරීම හරහා සියුම් කර්මානුරූපී අපද්‍රව්‍ය පවා සෝදා හරින විට, අපගේ සැබෑ දිව්‍ය ගුණාංග මතුවීමට පටන් ගනී . කරුණාව, දයානුකම්පාව, අවංකභාවය සහ අන් අයට පරාර්ථකාමී සේවයක් කිරීමට ඇති ආශාව වැනි ගුණාංග වර්ධනය වෙයි .
අපේ ජීවිත වටා ධනාත්මක ශක්තිය වර්ධනය වන්නේ ඉන් පසුවය දිව්‍යමය ශක්තිය හා සම්බන්ධ වීමේ අවස්ථාව ඉන්පසු උදාවෙයි .
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

