තරු වළල්ල

ඇස සුවපත් කල විශ්ව පිලියම . . .


ආශ‍්‍රමයට යන එන දරුවෙක් පුංචි ගැටලූවකට මැදිවෙලා…

එකපාරම ඇසේ ඇතිවුණු යම් තත්වයක් මත එක ඇසක පෙනීම තරමක් අඩු වෙලා.

ඇසේ පටලයක් ඇති ආකාරයක් ඔහුට දැනෙනවලූ….

කොහොම හරි පසුගිය දිනක ආශ‍්‍රමයට පැමිණියා.

නිමිත්තක් බලන්න….

එදා ගැටලූ දෙකක් නිමිත්තෙන් පෙන්නුවා.

මම මේ සිදුවීම ලියන්න හිතුවේ මේසිදුවීම තුළ විශේෂිත තත්වයන් දෙකක් තියෙනවා පැහැදිලි කර දිය යුතු …

ඔහුගේ නිවස බලගන්වලා තියෙන තැනක් නිසා කවදත් කවදත් ශක්තිය හොදින් පැවතියා. නමුත් එදා නිවසේ ශක්තිය සෑහෙන මට්ටමකට පහත බැහැලා තිබ්බා.

මම භූමියේ එක් ස්ථානයක් පිලිබදව ඔහුගෙන් විසමුවා..

එතන මගේ බිරිද මල් පෝච්චි තියන්න රුක් එකක් හදලා මල් පෝච්චි තිබ්බා.

එතනනම් මල් පොච්චි තියන්න ඉතා අසුභයි . ඒ ටික අයින් කරලා දාන්න

එක තමයි මම දීපු උපදෙස….

නිවසක ඉදිරිපස තමයි මල් හිටවන්න ඔනේ නමුත් අපි නිවස දිශාගත කිරීමත් එක්කමයි මේක තීරණය කරන්න ඔනේ..

ප‍්‍රධාන දොර සුභ දිශාවකට ස්ථානගත කරා කියන්නේ ඒ පැත්ත මල්පෝච්චි තියන්න සුභයි කියන එකම නොවෙයි. අපි මල් පැල සහිතවම මිලදීගෙන එන පෝච්චි වල බොහෝ විට සත්ව පොහොර වගේම සත්ව අපදව්‍ය තියෙනවා.

ටිකක් හිතන්න ඌරු කොටුවලින් ගේන අපදව්‍ය පැලතවාන් වල පොහෝර විදියට යොදා ගන්නවා. මෙවන් පැල සුභ පරිසරයක් පවත්වාගෙන යන නිවෙස් ඉතා වේගයෙන් අසුභ කරනවා…

මේ හේතුවම පමණක් නොවෙයි . මල් පොච්චි වලින් ඒ ඒ සිශාවන් වලට විවිධාකාරයේ අසුභ තත්වයන් නිර්මාණය කරනු ලබනවා.
මම කලිනුත් මල්පෝච්චි ගැන කියලා දිලා තියෙනවා.

ඉතින් මම ඇසේ ප‍්‍රශ්ණයට වගේම නිවසේ අසුභ පරිසරය වෙනස් වෙන්න කියලා පුදච් පිලියමක් දුන්නා. ඒක ගලකුයි මලකුයි එකට එක්කරපා කරන සරල පිලියමක්.

දුන්නු දිනයේ ඔහු එක කරලා තිබ්බා.

පසුදාම ආශ‍්‍රමයේ අම්මට ඇමතුමක් දීලා තිබ්බා.

අම්මේ අර ඇහේ තිබුණු පැල්ලම බොහෝ දුරට ඉවත් වෙලානේ…

ආ එහෙමද ? ප‍්‍රථිකාර කරන්න යන්න කලින් තව දින කිහිපයක් බලන්න. දෝස අයින් වෙන විට ගැටලූ ඉවත් වෙනවා.

බොහෝ රෝග නිර්මාණය වෙන්න හේතු වෙන්නේ වෛද්‍යවරු පෙන්වා දෙන හේතු මුලයන්ම පමණක් නොවෙයි. සොබාදහම කියන්නේ විද්‍යාවෙන් සම්පුර්ණයෙන්ම නිර්වචනය කරන්නට පුලූවන් දෙයක් නොවෙයි. අප ජීවත් වන භූමියෙන් ඇතිකරන විවිධ අසුභ තත්වයන් අපේ සිරුරු වල යම් පිඩා නිර්මාණය කරනු ලබනවා. භූමියේ අසුභ තත්වය හදුනගෙන එය ඉවත් කලාම සිරුරේ තියෙන රෝගී තත්වය ඉවත් වෙනවා.

මේක විද්‍යාවට නොවැටහෙන දෙයක් …

එත් මෙය ගැඹුරින් තේරුම් ගන්න……

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x