fried rice එකෙන් යළි ලැබුණු රුකියාව
ආශ්රමයේ වැඩකටයුතු නිසාම හුග දවසකින් අත්දැකීමක් ලියන්න බැරිවුණා.. මේක කෙටියෙන් හරි ලිවිය යුතුයි කියලා දවල්ම හිතුණා…
මොකද මේක ටිකක් විශේෂ සිදුවීමක්….
ඊයේ උදේ ආශ්රමයේ අම්මට දුරකථන ඇමතුමක් ආවා..
අම්මේ මහත්තයා මට ඉරිදා කරන්න විශ්ව පිලියමක් දුන්නා..
මම ඒක කලා…. අගහරුවාදා මම ඉන්ටවිව් එකකට ගියා බදාදා ඉදන් වැඩට යන්න පටන් ගත්තා.
මම රස්සාව නැතිවෙලා මාස ගාණක් ගෙදරට වෙලා හිටියා..
ඔහු අද වෙනත් කටයුත්තකට අලූත් රුකියාවෙන් වරුවක නිවාඩුවක් අරගෙන ආශ්රමයට ආපු නිසයි මට මේ සිදුවීම ලිවිය යුතුයි කියලා හිතුනේ…
සතියකට පෙර ඔහුගේ නිමිත්ත බලද්දී ඔහුගේ පවුල පිඩාවිදින ගැටලූ කිහිපයක්ම තිබුණා…
හදිහුනියම් තත්වයක් වගේම ඉඩමේ එක් මුල්ලක තාප්පයේ නිරන්තරව පවතින කලූවීමකුත් පෙන්නුවා…
මම මේ කලූවීම ගැන ඔහුට කිව්ව..
ඔව් මහත්තයෝ ඒ මුල්ල කොච්චර සුද්ද කරත් තීන්ත ගෑවත් කලූ වෙනවා ඇයි කියලා හිතා ගන්න බැහැ…
හරි කමක් නෑ එතන හොදින් සුද්ද කරලා කලූ යන්න ආයිත් තීන්ත ටිකක් හරි ගාලා දාන්න..
ඒ විතරක් නොවෙයි. එලියේ ලිපක් හදලා මලකඩ කාපු තාච්චියක් එහි තියලාෆයිඞ් රයිස් එකක් කඬේකින් ගෙනල්ලා තාච්චියට දාලා හොදට කර වෙන්න අරින්න .
ඉන්පසුව එය හතරුස් මල්පොච්චියකට දමා ලබාදුන් නැකතකට අනුව එය බිදදමන්න යැයි මා උපදෙස් දුන්නා.
ඔහු ආශ්රමයේ අම්මට කථාකර කියා තුබුනේ මේ පිලියම කල බවයි.
මට කියන්න ඔනේ වෙනත් කාරණා කිහිපයක් මෙහි තියෙනවා.
මේ විශ්ව පිලියමට ෆයිඞ් රයිස් යොදාගත්තේ ඇයි ? කියන එකයි..
එය විශ්වය කුමන හේතුවක් මත හෝ කරණලද තෝරා ගැනීමක්.. නමුත් මම ඔහුගෙන් ඇහුවා ඔබලා නිතර ෆයිඞ් රයිස් ගෙදරට ගේනවද කියලා ඔහු ඔව් කිව්වා…
අපි විවධ ආහාර වර්ග ගෙදරට රුගෙන යනවා… කොත්තු ෆයිඞ් රයිස් බිත්තර ආප්ප බිත්තර රොටී වගේ දේවල් මේ දේවල් හදන පරිස්‍රය වගේම අපි මේවා රුගෙන එන මාර්ගය මත අපේ ජිවිත වලට අහක යන අදෘශ්‍යමාන දෝශ ඇතිවිය හැකියි…
පැරුන්නන්ගේ මතයක් තිබුණා කිසිම විදියකින් මස් බැදුම් වැනි පුලූටු ආහාර එකදිගට තුන්මං හන්දි තුනක් පසුකර රුගෙන නොයා යුතුයි කියලා. ඒ වගේම බැදුම් දේවල් ඇති ආහාරයක් පාරේ රුගෙන යද්දී යකඩ කැබැල්ලක් දෙහි ගෙඩියක් රුගෙන යන්න ඔහුන් අමතක කලේ නෑ.
අද මේ දේවල් නෑ. කනත්තේ වැට මායිමේ වඬේ බැදලා විකුණනවා කොත්තු ගහනවා… තුම්මං හන්දියේ හෝ්ටලයේ බාබර් කිව් දානවා… ඉතිං මිනිස්සු මේවා අරගෙන මහපාර දිගේ යනවා.
අපි දන්නෙම නැතිව ටිකින් ටික කුණු ගොඩවල් අපේ නිවස තුළට පිරෙනවා.
අද මම ඔහුගෙන් පුංචි ප්‍රශ්ණයක් ඇහුවා.
ඔය ගොල්ලන්ගේ ගෙදර කෑම ගැන මොකක් හරි ගැටලූවක් තියෙන අයෙක් ඉන්නවද ?
ඔව් මහත්තයෝ අම්මට කොච්චර කෑවත් බඩපිරෙන්නේ නැහැ. එයා හැම තිස්සෙම කනවා. පිලියමෙන් පස්සෙනම් ටිකක් එක අඩුවුණා වගෙයි….
එහෙනම් ඉදිරි සතියේ එය ගැන අවධානයෙන් ඉන්න…..
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර