සියල්ල නැති කර මහ මග උරුමකරදුන් කොඩිවිනය. . .
ආශ‍්‍රමයේ දොරටුවෙන් ඔහු ඇතුලූුවත්ම මට ඔහු තුළින් දිස්වුනේ දැඩි පිඩාකාරී ස්වාභාවයක්…..
ඔහු පැමිණ තිබුනේ නිමිත්තක් බැලීම උදෙසා…
මා බුලත් කොලය අතට ගත් සැණින් මේ මොහොත තුළ ඔහුගේ සමස්තයම බිද වැටී ඇති බව මා තේරුම් ගත්තා.
ඔබට අමුතුවෙන් අත්විදින්නට තරම් දෙයක් තව ඉතිරිවෙලා නෑ. ගෙවිගිය වසර කිහිපය තුළ අහසින් පොළවට වැටිලා ඉවරයි. සතුටු වෙන්න පුල්වන් එකම දෙය එච්චර උඩකින් වැටිලත් අතපය හතර හොදට තියෙන එක ගැනයි…..
ඔහු අත්විදින දෙය කියන්නට උත්සහ ගත්තේ නෑ. මොකද එය අමුතුවෙන් කියන්න දෙයක් නෑ… මම ඒ සියල්ලම සරල වචන කිහිපයකින් කිව්වා….
ඔව් මහත්තයෝ මම අද මහපාරටම වැටිලා ඉවරයි… ගෙවල් දොරවල් යානවාහන ව්‍යාපාර හරියට හොරු අරන්ගියා වගේ මට නැති වුණා…. මට අදටවත් හිතා ගන්න බෑ මොකද්ද වුනේ කියලා….
වඩා වැදගත් වෙන්නේ විදපු දේ පැවසීම නොවෙයි. ඇයි මෙහෙම වුනේ කියන එක සෙවීමයි….
වසර 9 කලින් ඔබට මතකද ඔබ අලූතින් මිලදීගත් නිවසේ පැවති පුජාව….
ඔව් මහත්තයෝ ඒ මගේ හොදම කාලේ මිලියන 20 කට මම ඒ ගේ ගත්තේ.. එහි ආරක්ෂා කිරීමක් කලා ටිකක් ලොකු පුජාවක් ඒක… එයටත් ලක්ෂ කිහිපයක් ගියා…
ඉන් වසරකට පස්සේ ඒ පුජාව තිබ්බ කෙනා එක්ක රණ්ඩුවක් වුණාද ?
ඔව් ගෙයක් ගන්න සල්ලි වගයක් මදි වෙලා කියලා මගෙන් ලක්ෂ 10 ඉල්ලූවා. මම කියක් හරි දෙන්න හිටියේ මිනිහා තැන තැන කියලා තියෙනවා එයා හින්දයි මම දියුණු වුනේ කියලා…
මම ඒක ඇහුවා.. කථාව ටිකක් දුර දිග ගිහින් මම මිනිහව එලවලා දැම්මා…..
එතනින් පසුසේ ඒ කියන්නේ වසර 8 සිට තමන්ගේ බිදවැටීම් පටන් ගන්නවා නේද ?
ඔව් මහත්තයෝ…….
ඒ ගෙය බැංකුවට සින්න වුණා…
ගාමන්ට් එක වහලා දැම්මා … ලමයි කම්කරු එකට ගිහින් තාම ඒ ප‍්‍රශ්ණය ඇදෙනවා… බඩු මුට්ටු පවා අඩුවට විකුණලා දැම්මා. අද අන්තිමට ඇනෙක්සි වල තමයි ඉන්නේ අපිය කියලා වෙනම තැනක්වත් කුලියට ගන්න පුල්වන් කමක් නෑ. ණය කාරයන්ගෙන් බේරෙන්න හැංගි හැංගි තමයි ඉන්න වෙලා තියෙන්නේ….
ඔබට හිතෙන්නේ නැද්ද එදා ලක්ෂ 10 දුන්නනම් ඊට වඩා හොදයි කියලා….
ඔහු නිහඩය…………
ඔබ ඔහුට ගැහුවා නේද ?
ඔව් මහත්තයෝ කණට එකක් ගැහුවා….
ඔහුට තරහ තියෙන්නේ ඒ ගැන මුදල් නොදීපු එකට නොවෙයි…
විශ්වය ඔබට මිදෙන්න අවසර දෙනනිසානේ ආශ‍්‍රමයට එන්නේ අපි උත්සහ කරමු….
ආයිත් ගැටෙන්න යන්න එපා….
පසු සටහන…
මේ සිදුවීම සිදුවුනේ මාස කිහිපයකට කලින්…
මම එදා ඔහුට විශ්ව කැපිල්ලක් දුන්නා. ඒ වසර අටකට පෙර ඔහුට කර තිබු කොඩිවිනයක් කපා ඉවත් කරන්නට…. අද උදේ ඔහු ආශ‍්‍රමයට දුරකථන ඇමතුමක් දුන්නා… මේ ඔහු කියපු ටික….
මහත්තයෝ මම පොඩියට ආයිත් මගේ ගාමන්ට් එක පටන් ගත්තා. මට හිතාගන්නබැරි ඔඩර් එකක් හම්බවුණා… අවුරුදු දෙකක් මේ ඔඩර් එක කරන්න පුලූවන්.. මේක හොදින් කෙරුණෙත් මගේ ප‍්‍රශ්ණ ටික ඔක්කොම විසදෙනවා….
මේ සිදුවීමේ සිතට ගන්න බොහෝ දේ තියෙනවා. කියවනවා වෙනුවට ඔලූව තුළටම දාගන්න….
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74