විශ්ව පිළියම්

පරම්පරා හතරක් විදවු හුනියම


ආශ‍්‍රමයට විවිධාකාරයේ ගැටලූ වලින් පිඩා විදින මිනිසුන් පැමිණෙනවා. මේ එක් එක් පුද්ගලයාගෙන් ලබන අත්දැකීම් එකි නෙකට වෙනස්…..

අප අපේ ජිවිතවල සුභ අසුභ දුප්පත් පොහොසත් බව වගේම විදවීම එකිනෙකාට සාපේක්‍ෂව හිතන්න උත්සහ කලාට මෙය වැරදි මිනුම් දණ්ඩකි…..

එසේ කියන්නට ප‍්‍රධාණම හේතුව වන්නේ එක් එක් පුද්ගලයාගේ කර්මය එකිනෙකාට වෙනස් වීමයි…

පුද්ගලයෙකුගේ් කර්මයට අනුරූපව ඔහුගේ විදවීම නිර්මාණය වනු ලබනවා..

එය තවකෙකුට සාපේක්‍ෂ වෙන්නේ නෑ….

මේ සිදුවීම කර්මය විසින් මිනිසුන්ව තෝරා බේරා විදවීම උදෙසා එකම පවුලක් තුළට ගෙනෙන ආකාරය තේරුම් ගන්න පුලූවන් අවස්ථාවක්….

එක් තරුණයෙක් දිනක් ආශ‍්‍රමයට පැමිණියා. ඔහු පටන් ගන්න හැම වැඩක්ම හේතුවක් නැතුව අතර මග කඩා වැටෙනවා. මෙය ඔහුට දැඩි පිඩාවක් බවට පත්වෙලා.

මේ පිඩාව වර්ධනය වෙන්නට බලපෑ තවත් හේතුවක් පැවතියා.

ඔහු පවුලේ බාලයා. වැඩිමහල් අයියා ඉන්පසුව අක්කා අන්තිමයා ඔහු….

අයියා විවාහ වෙලා නෑ…

අක්කා විවාහ වුනත් දැන් දික්කසාද වෙලා….

මේ තරුණයා විවාහ වෙලා මාස හතර ගෙවී යද්දීම බිරිද මොහුව අතහැර වෙනත් අයෙක් සමග ගිහින්……..

මේ සිදුවීමත් සමගම විවාහයත් අනෙක් සිදුවීම් මෙන්ම අතර මග කඩා වැටෙන සිදුවීම් ගොඩටම එක් වුණා….

……………………………………………………………………

මේ සිදුවීම් සියල්ල එලියට ආවේ මා ඔහුගේ පුර්ව කර්මයන් හරහා මේ ආත්මයේ ඔහුගේ විදවීම කියා නිමවුණාට පසුවයි….

මේ සියලූ විදවීම් නිර්මාණය කිරීම උදෙසා යොදාගනු ලබන මාධ්‍ය ලෙස විශ්වය යොදාගන්නට තීරණය කරලා තිබුනේ හදිහුනියම්….

කේන්දරය තුළින්ම හදිහුනියම් පෙන්වනවනම් බොහෝ අවස්ථාවලදී මුල් පවුලත් හදිහුනියම් තුලින් අනිවාර්යයෙන්ම පිඩා විදින බව මා අත්දැකීමෙන්ම දැක තියෙනවා…..

මේ නිසාම මා මේ හදිහුනියම් හි ආරම්භය පිලිබදව කාල නිර්ණයක් සිදුකලා…

වසර 83 කට පෙර යි මේ හුනියම සිදුකර ඇත්තේ….

මේ තරුණයාට වයස 25 යි.

එසේනම් ඔහු මෙයට මැදි වෙන්නේ කෙසේ ද?

මා මෙහිදි දකින්නේ මේ තරුණයාගේ උත්පත්තිය තීරණය කරණ අවස්ථාවේදි විශ්වය විසින් මොහුගේ කර්මානු රූපිව දියයුතු දඩුවම උදෙසා හදිහුනියම් සහිත නිවසක් තෝරාගැනීම සිදුවන බවයි…..

…………………………………………..

මා භාවනාව තුළින් මෙම සිදුවීමේ මූලය සොයා ගියා…

මා දුටුවා අවුරුදු අනු ගණනකට පෙර සිටි උඩුරුවුල ගණව ඇති බස්තමක් අතින් ගත් පුද්ගලයෙක්ව….

ඔහු දුප්පත් ගෙයක් ඉදිරිපිට කිරිදෙවමින් සිටින කාන්තාවක් දිහා මනමාල බැල්මක් හෙලමින් සිටියා….

ඉන්පසු දෙදෙනාම නිවස තුළට ගියා…..

මා දකින සිදුවීම ඔහුට පැවසුවා….

ඒ කිසිවක් ඔහු දන්න දේවල් නොවෙයි. ඒ නිසාම ඔහුගේ මවගෙන් මේ පිලිබදව විමසා බලන්නට ඔහුට සිදුවුණා….

ගුරුතුමා අම්මා කියනවා ඔය කියන්නේ අපේ අම්මගේ තාත්තගේ තාත්තගේ මල්ලී ගැනයි කියලා…

අද අපි ඉන්න ඉඩම අම්මගේ පරම්පරා ඉඩමක්. මේ ඉඩමේ මුල් උරුමක්කාරයා තමයි ඔය පෙන්වන්නේ……

එතකොට මොකක්ද මේ කිරිදෙවන මනුස්සයගේ කථාව….

එයාගේ අනියම් සබදතාවයක් තිබිලා තියෙනවා. හරක් ඇතිකරපු ගැනු කෙනෙක් එක්ක…

ඔය කියන පිරිමි කෙනා ගේ ඉස්සරහා පඩිපෙලින් වැටිලා එකතැන් වෙලා නැති වුණා නේද ?

ඔව්……

මේ ගැණුකෙනාගේ මනුස්සයා තමයි ඔය හුනියම කරන්නේ.

එතනින් පස්සේ තමයි ඔය කියපු කෙනා එකතැන් වෙලා මැරෙන්නේ… ඒ ගැණු කෙනාට ඔය කියපු කෙනාගෙන් දරුවෙක් ඉන්නවා….

ඔය ප‍්‍රශ්ණෙට හේතුව ඒ ලමයට ඉඩම් වගයක් ලියලා දෙන්න කියලා මොහු එක ඉටු නොකීරීමයි….

ඔව් ගුරුතුමා ඔය කියන පවුල අපේ අක්කර කිහිපයක් බලෙන් අල්ලන් ඉන්නවා…

ඔහුන් ටිකක් දාමරිකයි ඒ නිසා අපි ඒවා පස්සේ යන්නේ නෑ….

මුල් පරම්පරා නැති වුණත් මේ ප‍්‍රශ්ණය ඔහුන් දන්නවා. ඒකයි එහෙම වෙන්නේ……..

………………………………………………………..

ඔහුනගේ පරම්පරා හතරක් පිඩා විදි ගැටලූවෙන් මිදෙන්නට මා විශ්ව පිලියමක් ලබා දුන්නේය…

ජිවිත කිහිපයකින් වන්දි ගෙවු පරම්පරාගත හුනියමක් ඉවත් කරන්නට අවශ්‍ය වුයේ මැටි ටිකක් හා කලූ ගල් කැබැල්ලක් පමණි.

අවසන තේරුම් ගත හැකි එකම දෙය

විශ්වය විසින් කර්මය උදෙසා හදිහුනියම් තුළින් දඩුවම් දීමට තෝරා ගත් ජිවිත බොහෝමයක් මේ පවුල තුළට ගෙනවිත් දමා ඇති බවය.
…………………………………………

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close