විශ්ව පිළියම්

රෝගය නසා සිත සුවපත් කල විශ්ව පිලියම . . .


ලෙඩ රෝග ඇතිවීමමට බලපාන හේතු සාධකයන් බොහොමයක් තියෙනවා.

මුලිකම කාරණය වන්නේ තම කර්මයයි.

කර්මය තුළත් ෂඞ් රිපු , නිජ දෝෂ හා ආගන්තුක දෝෂ කියලා තත්වයන් තුනක් තියෙනවා.

තේරෙන විදියට කිව්වොත් අපේ වැරදි ක‍්‍රීයා පිලිවෙත් තුලින් ඇති කර ගන්නා රෝග තත්වයන් කර්ම විපාක උදෙසාම උත්පත්තියෙන්ම රුගෙන එන හෝ විදවීම උදෙසා කර්මයන් ක‍්‍රීයාත්මක වෙන කාල සීමාවන් වලදී ඇතිවන රෝග තත්වයන් හා හදිහුනියම් වාස්තු හෝ මලගිය දෝෂ තත්වයන් හරහා නිර්මාණය කරනු ලබන රෝග තත්වයන් යනුවෙන් අවස්ථා දෙකක් පවතිනවා.

මෙසේ ඇතිවන රෝග තත්වයන් වලින් මිදිය හැකි තත්වයන් මෙන්ම මිදිය නොහැකි තත්වයන්ද පවතිනවා. ඒ තම කර්මයේ ස්වාභාවය අනුවයි.

පසුගිය සතියේ දිනක වකුගඩු දෙකම හදිසියේ අක‍්‍රීය වී රෝහල් ගතකර ඇති රෝගියෙකුගේ බිරිද නිමිත්තක් බැලීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා. නිමිත්ත සුභවාදි නොවන බව මා දුටුවා.

ප‍්‍රධාන ගැටලූ දෙකක් පැවතියා.

මලගිය ආත්මයක ගැටලූවක් මෙන්ම ජිවත්ව සිටින නිවසේ දෝෂ සහිත ස්වාභාවයක්..

මම මේ ගැටලූ දෙක පිලිබදව විමසුවා..

තමන් පදිංච්ව සිටින නිවසේ එලියේ මැස්සක් තිබිලා කැඩුවද ?

ඔව්….
ඒ ගෙදර වයසක පිරිමි කෙනෙක් හිටියද ?
ඔව්…

ඒ මලගිය කෙනා තරහින් ඉන්නේ ඔය මැස්ස කඩලා දැම්මට….. ඒ විතරක් නොවෙයි ඔය ගෙදර ඉතා අසුභයි යම් දෝෂ තත්වයක් පවතිනවා මේ දෝෂ රෝගියට බලපානවා.

මා දුටු දේ පැවසුවා…

ඔව් මහත්තයා .. මගේ සැමියා දැන් මාසෙකට විතර කලින් මේ ගෙදර ඉන්නම බෑ කියලා වෙන ගෙදරකට ගියා. එයාට මේ ගෙදරට ආවම ලෙඩ වැඩිවෙනවලූ.. ඒ වගේම මලගිය කෙනෙක් ඉන්නව වගේ දැනෙනවලූ… ගෙදරට නිකමටවත් එන්න කැමති නෑ. ඔය අතර තමයි අමාරු වුනේ….

මා භාවනාව තුළින් පිලියම් දෙකක් දුන්නා . එකක් මලගිය කෙනා ඉවත් වෙන්න.

විශේෂිතම පිලියම වුනේ රොගියාගේ රෝගී තත්වය පාලනය වනතෙක් මාස කිහිපයක් නිවසේ වාස්තු හා අදෘෂමාන දෝෂ පාලනය කිරීම උදෙසා දුන් විශ්ව පිලියමයි.

ඔහුන් එය මා දුන් නැකත් අනුව සිදුකර තිබුණා.

දින කිහිපයකට පසු රෝගියාගේ බිරිද ආශ‍්‍රමයට ඇමතුමක් දිලා තිබුණා. රෝගියාව රෝහලෙන් ටිකට් කපලා… පුදුමය එය නොවෙයි. මෙතෙක් දවස් ගෙදර යන්න බෑ කියපු කෙනාම ගෙදර යන්න ඔනේ කියලා….

ගෙදර ඇවිත් දින දෙකකින් රුකියාවටත් ගිහින්… ඔහුට පුදුම චිත්ත ශක්තියක් ඇති වෙලාලූ…

ජිවිතයේ වැසුණු දොරටු හරින්න පුලූවන්…. වැදගත් වෙන්නේ නියම යතුර තෝරා ගැනීමයි…

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.3 4 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x