වෛදික හෝරාව, අභි වෘතම් සහ ශිව ශක්ති අභිසාරී වෘතම්
අලුත් ළමයි සැරින් සැරේ අහන ප්‍රශ්නයක් මේක… ඒ කියන්නේ පාර්ශවයට සම්බන්ධ පරණ දරුවෝ බොහොමයක් මේ පිළියම් කරගෙන ගියත් මේ පිළිබඳ තවමත් නොතේරෙන දරුවෝ ඉන්නවා කියන එකයි …
” දිශානතියට පිළියම් ” තුලින් සිදුකරන්නේ තමන්ගේ ජීවිත වටා නිර්මාණය වෙන භෞතිකමය හා මානසිකමය ගැටළු ඉතා ඉක්මනින් විසඳීම … ඒක දීක්ෂා දැනුම හා පරමාත්මීය මනස එකතු කරලා නිර්මාණය කරපු වේගවත්ම පිළියම් රටාවක්….. යම් කෙනෙක් ඇහුවොත් යම් ගැටලුවක් විසඳන්න වඩාත්ම සුදුසු පිළියම මොකක්ද කියලා මම දෙවරක් නොහිතා විශ්ව පහන නිර්දේශ කරනවා … විශ්ව පහන එහෙම නැත්නම් දිශානතියට පිළියම් කරන කාලය තුළ තමන් වටා තියන ගැටළු ටික විසඳෙනව ඒ කාලය තුළ තමන්ට යහපතක් වුණානම් තමන්ට ඉදිරියට දිගින් දිගට ඒ පහන දල්වන්න පුළුවන්….. පහන දැල්වීම තුළ වෙනස් වෙන ටික වෙනස් වෙනවා හැබැයි ඒ කියන්නෙ ජීවිත කාලයම එතනින් සුභ වෙනවා කියන එක නොවෙයි…. ඔබ දිගින් දිගට පහන දල්වගෙන යනකම් සියල්ල යහපත් වේවි ….
එහෙනම් මේ ගැටළු දිගින් දිගට මතුවීම පාලනය කරන්න ස්ථිර විසඳුමක් ඕනේ…. ගැටළු දෙකෙන් දිගට මතු කරන්නේ කර්මය විසිනුයි. අපි දන්නවා කර්මය විසින් අපේ ජීවිතයේ බොහෝ පැති පීඩාවට ලක් කරන බව , පීඩාව කොච්චර තිබුණත් හැම කෙනෙක්ටම කර්මයෙන් මිදීම උදෙසා දීර්ඝ වැඩපිළිවෙළක් තුළ ගමන් කරන්න අපහසුයි . ඒ උදෙසා විශ්වයෙන් මග පෙන්වීමක් ලබන පිරිසද බොහොම අඩුයි ,
දීර්ඝ වැඩපිළිවෙළක් තුළ කටයුතු කරන්නටත් බැරි අයට හැම මාසයකම කර්මය විසින් ඇතිකරන පීඩාවන් පාලනය කරන්න පුළුවන් හෝරාවක් තියෙනවා. ඒ හෝරාව තුළ අපි කර්මයට එරෙහි වැඩපිළිවෙළ ක් ඇරඹුවහොත් නැතිනම් ඒ හෝරාව කර්මය ජයගැනීමේ හෝරාවක් බවට පත්කර ගත්තොත් දීර්ඝ වැඩපිළිවෙළක් කරන්න බැරි අයට යම් විසඳුමක් ලබාගන්න පුළුවන්…..
” වෛදික හෝරාව ” කියලා කියන්නේ ඒකට……. වෛදික හෝරාව තුළ පිළිවෙත් පිරීම තුළින් දිශානතිය හරහා ඇති කරගන්නා වූ වෙනස ස්ථාවර බවට පත්කර ගැනීමත් කර්මය විසින් නිර්මාණය කරන ගැටළු පාලනය කර ගැනීමටත් හැකිවෙනවා . මතක තියාගන්න හැබැයි මේක සම්පූර්ණයෙන්ම කර්මය පරාජය කිරීමක් නම් නෙවෙයි…
” අභි වෘතම් ” තුලින් ජීවිතය සුභවාදය රැගෙන යන්න විශ්ව ඥානය ලබාගන්න පුළුවන් … යම් මට්ටමකට ඔබ සතුව ඇති දේ සඳහා කර්මයට ස්තූති කිරීමටත් ඔබට ඇති දේ වැඩි දියුණූ කරගැනීමට බාධා ඉවත් කර දෙන ලෙස ඉල්ලීමටත් , නව මාර්ග උදෙසා අවස්ථාව ඇතිකර ගැනීම උදෙසාත් විශ්ව ආශිර්වාදය ලබාගත හැකි ක්‍රමවේද මේ තුළ තියෙනවා.
” ශිව ශක්ති අභිසාරී වෘතම් ” තුළින් සබඳතා තුළ පවතින ගැටලු විසඳාගෙන යහපත් පවුලක් නිර්මාණය කර ගැනීමටත් , ආදර සබඳතා වර්ධනය කර ගැනීමටත් අවස්ථාව උදාවනවා .
සරලව පැවසුවහොත් මේ පිළියම් සියල්ල භෞතික සංවර්ධනය හා සතුට අවහිර කරන කර්ම සහ පුරුදු මුදා හැරීමට විශ්වයෙන් අවසර ලබාගත හැකි පිළියම් ක්‍රමවේදයන්ය.
මෙය නැකත් , ධ්‍යාන වැඩීම් ආදීයෙන් සමන්විත පිළියම් ක්‍රමවේදයක් වන අතර ලබාදෙන නිශ්චිත දිනයක් හා හෝරාවක් තුළ කළ යුතුවේ .
දීක්ෂා ගුරු
කාංචන මනමේනද‍්‍ර