විශ්ව පිළියම්

මියගිය ස්නායු නැවත පිබීදීම....


නුතන වෛද්‍ය විද්‍යව කියන්නේ අද ලෝකයේ ඇති සංකීර්ණම විශයක් කිවහොත් එය වරදක් නොවනු ඇත.

එහෙත් එහි එක් ගැටලූවක් ඇත .

බොහෝ අවස්ථාවල යම් රෝගයක් හදුනාගත නොහැකි වුවහොත් වෛද්‍යවරයාගේ පොදු නිගමනය වනුයේ විසබීජ ශරීර ගතවී ඇති බවය.

එය හිස ආශ‍්‍රිතවනම් ස්නායු මියගොස් ඇති බවය.

මෙවන් ස්නායු මියයෑමක් පිලිබද අත්දැකීමක් ලබන්නට පසුගිය සතියේ අවස්ථාව උදාවුනා.

සාමාන්‍යයෙන් බරපතල රෝගීන් ආශ‍්‍රමයට ඕනතරම් පැමිණෙනවා නමුත් මෙය වෙනස්ම අත්දැකීමක්….

තම බිරිද ඉතා අසාධ්‍ය තත්වයේ දැඩි සත්කාර එකකයේ ප‍්‍රථිකාර ලබන එක් තරුණයෙක් ආශ‍්‍රමයෙන් පිහිටක් බලාගෙන පැමිණියා…

එය විසදිම ඉතා සංකිර්ණ වු තත්වයක්….

කෙසේ වුවත් අවශ්‍ය පිලියම් යොදමින් එක් විශේෂිත පිලියමක් මම ඒ තරුණයාට ලබා දුන්නා….

ඒ පිලියම තුළින් මා උත්සහ කලේ ඒ තරුණයාව විශ්වය හා බද්ධ කොට ඒ හරහා බිරිදට ශක්තිය ලබා දීම….

මේ ආකාරයෙන් දින හතරක් ගෙවී ගියා….

එක් දිනක් ඒ තරුණයා මෙන්න මේහෙම දෙයක් කිව්වා…

මහත්තයෝ මට අවුරුදු හතරක විතර ඉදන් ගද සුවද දැනෙන්නේ නැති ලෙඩක් තිබ්බා. මම ඒක පරික්ෂා කරාම කිව්වේ නහයේ ඒ කාර්යයට අදාල ස්නායු මැරිලා කියලා. ස්නායු මැරුනම යලි හදන්න බැරි බව දොස්තර මමත්තයා කිව්වා….

ඊයේ ඉදන් මට හොදට ගද සුවද දැනෙනවා… මම අද උදේ ඊ එන් ටී එකේ දොස්තර මහත්තයට ගිහින් පෙන්නුවා. දැන් ස්නායු ගොඩක් හොදයි . සති තුනකින් ඇවිත් ආයිත් පෙන්වන්න කිව්වා…

………………………………………………………………………..

ඔහුගේ ස්නායු වැඩෙන්නේ ඔහුටම දුන්නු පිලියමකින් නොවෙයි. ඔහුගේ බිරිද සුවකරන්න ඔහු ගත්තු උත්සහයක් තුළ …..

මෙතන ගැටලූව එය නොවෙයි.

වෛද්‍ය විද්‍යාවට බෑ කියපු මැරුණ ස්නායුව වෛදික පිලියමකින් වැඩෙනවා.

එහේ මෙහේ පැනපු කොදු ඇට පිලිවෙලකට හදන්න අවුරුදු 4 විතර එක තැන ඉන්න ඔනේ කියලා වෛද්‍ය විද්‍යාවෙන් කියද්ද් භාවනාවෙන් ඒ ටික පිලිවෙලට විනාඩි කිහිපයටින් තල්ලූ කරලා දානවා ( මේ සිදුවීම පසුව ලියන්නම් )…

අවුරුදු හතරක් හුස්ම ගන්න අපහසුවෙලා බැංකොක් වලිනුත් පිලියම් නැති වුන තරුණියකගේ හදවතේ තිබුණු ගෙඩි ඇය විදේශයක සිටියදීම භාවනාවෙන් ඉවත් කරලා දානවා (මේම සිදුවීම මා කලින් දිනක ලිව්වා)……

වෛද්‍ය විද්‍යාව…. ?

වෛදික ශාස්ත‍්‍රය…. ?

මෙතනයි ප‍්‍රශ්ණය තියෙන්නේ……..

කොහේ හරි අපිට වැරදිලා තියෙනවා කියලා සිහි බුද්ධියෙන් මේක කියවන ඕනම කෙනෙක්ට සිතේවි.

එත්

අපි දැන් ගොඩක් ප‍්‍රමාදවෙලා ඉවරයි…….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x