දිශානතියට පිළියම් නැතිනම් විශ්ව පහන
” දිශානතියට පිළියම් නැතිනම් විශ්ව පහන” කියලා කියන්නේ මොකක්ද ?
දිශානතියට පිළියම් කියලා කියන්නේ තමන්ගේ ජීවිතය වටා නිර්මාණය වෙන භෞතිකමය හා මානසිකමය ගැටළු ඉතා ඉක්මනින් විසඳීම උදෙසා භාවිතා කරන දික්ෂා පිලියම් ක්‍රමවේදයකටයි …
ඒක දීක්ෂා දැනුම හා පරමාත්මීය මනස එකතු කරලා නිර්මාණය කරපු වේගවත්ම පිළියම් රටාවක්….. ඒකෙදි කරන්නේ නම් නැකත් රටාවකට විශේෂිත පහන් කිහිපයක් දැල්වීමක් …. තමන්ගේ තියෙන ගැටළුවල ස්වභාවයන් මත පහන් ගණන වෙනස් වෙන්න පුළුවන් …. මේ පිළියම බොහොම සරල උනාට පිළියම සාර්ථක වෙන්න ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාස වගේම අත්‍යවශ්‍යම සාධකයක් …. ඒ නිසාම කතා කරන හැමෝටම මේ පිළියම ලැබෙන්නේ නැහැ …. කොහොම වුණත් ආශ්‍රමයේ කටයුතු උදෙසා අවස්ථාව කතා කරන හැමෝටම ලැබෙන්නේ නැහැ.
යම් කෙනෙක් ඇහුවොත් යම් ගැටලුවක් විසඳන්න වඩාත්ම සුදුසු පිළියම මොකක්ද කියලා මම දෙවරක් නොහිතා විශ්ව පහන නිර්දේශ කරනවා …
විශ්ව පහන එහෙම නැත්නම් දිශානතියට පිළියම් කරන කාලය තුළ තමන් වටා තියන ගැටළු ටික විසඳෙනව ඒ කාලය තුළ තමන්ට යහපතක් වුණානම් තමන්ට ඉදිරියට දිගින් දිගට ඒ පහන දල්වන්න පුළුවන්…..
පහන දැල්වීම තුළ වෙනස් වෙන ටික වෙනස් වෙනවා හැබැයි ඒ කියන්නෙ ජීවිත කාලයම එතනින් සුභ වෙනවා කියන එක නොවෙයි…. ඔබ දිගින් දිගට පහන දල්වගෙන යනකම් සියල්ල යහපත් වේවි ….
මොකද සමස්ත ජීවිතය වෙනස් කරන්න නම් තමන්ගේ කර්මය වෙනස් කළ යුතුයි… ” කර්මඵල විග්‍රහය ” සිදු කරන්නේ ඒ වෙනුවෙන් … කර්මයට පිළියම් කරන එක හිතන තරම් ලේසි නෑ කියන එක වසර 15කටත් වඩා වැඩි කාලයක් ඉඳන් මේ පිටුවේ ඉන්න දරුවෝ දන්නවා … ඒ කාලේ ඉඳන්ම තාමත් ආශ්‍රමයට එන්න උත්සාහ කරන දරුවෝ ඕන තරම් ඉන්නවා… ඒකට හේතුව තමයි කර්මයෙන් මිදෙන්න යමෙක්ට විශ්වය අවසර දෙන මොහොතක් තියෙනවා…. අන්න ඒ වෙලාවට තමයි දීක්ෂා ගුරුවරයෙක් ඉස්සරහට ඇවිල්ලා කර්මය ගැන දැනගන්න වෙන්නේ …..
එතකම් හොඳම දේ තමයි , දිශානතියට පිළියම් කිරීම….
කොහොමද ඒක කරන්නේ … ?
දිශානතියට පිළියම් කිරීම තුළ කොටස් දෙකක් තියෙනවා…
1. කර්මානුරූපීව තමන්ට සාර්ථකත්වය උරුමව ඇති රැකියාව අවබෝධ කරගැනීම . තමන්ගේ ජීවිතය සාර්ථක කරන්න කර්මය තුළින්ම තමන්ට ගෙනල්ලා දීලා තියෙන සූක්ෂම ක්‍රමවේද හඳුනා ගැනීම ( රාජයෝග) නැතිනම් ජීවිතයේ දිශානතිය අවබෝධ කර ගැනීම මුලින්ම කළ යුතුයි
2. එහි දෙවන කොටස තමයි , දිශානතියට පිළියම් කිරීම .
• මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්නා පණිවිඩයක් යොදන්න
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර