දීක්ෂා ගුරු මග

“කෝටියක් නොව කෝටයයි” – හෙළ ශක්තියේ සැබෑ අර්ථය

අප තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගැන කතා කළද සත්‍ය ලෙසම පැරැණි හෙළය තුළ තිස් තුන් කෝටියක් දෙවිවරු සිට නැත . එකල සිට ඇත්තේ ” කෝටයක් ” දෙවිවරුය . හෙළය ගැන මෙන්ම දෙවිවරු ගැනත් බොහෝ අය කතා කළද මේ සත්‍යය ඔහුන් නොදනී. හෙළ දැනුම ලෝකය අභිමුවට ගෙනයනු වස් “කෝටය” සහ “කෝටිය” යන දෙකෙහි සැබෑ වෙන්කිරීම අතිශයින් වැදගත්ය.

බොහෝ දෙනාට “තිස්තුන් කෝටිය” යැයි කියන විට මතකයට නැගෙන්නේ ” මිලියන 330 දෙවිවරු ” ලෙස ගණිතමය හැඟීමකි . නමුත් පුරාණ හෙළ දැණුමට අනුව එය ” කෝටියක් ” නොව, “කෝටයකි ”

දේවතා ශක්ති තිස් තුනක එකතුවට භාවිතා වූ තනි වචනය “කෝටය” නම්විය . උදාහරණයක් ලෙස පැවසුවහොත් රියන් 7 යෂ්ටි 1 ලෙස හැඳින්වූවා හා සමානවය. එසේම කෝටය යන හැඳින්වීම හෙළ දැණුම මත පදනම් වූ ශක්තිමත් ආතන්ත්‍රණයකි. පැරණි ඍෂි භාෂිතය තුළ ලියැවුණු කුටීර මන්ත්‍රකෝශ වැනි දැනුම් පද්ධති තුළ මෙම පැහැදිලි කිරීම් පවතී

“න තත් පරං දේවතයෝ විදුරන්ති
යත් කෝටය තිත් ත්‍රයශච ච”

“තිස් තුනකින් යුතු කෝටය පිළිබඳ ශක්තිමත් සත්‍ය දෙවියන්ටවත් පූර්ණයෙන් දැනගත නොහැකි වෙයි.”

එසේ නම් මුල් යුගවල සඳහන්ව ඇත්තේ දේවතා ශක්ති තිස්තුනක් පිළිබඳවය . එසේ නම් ප්‍රථමයෙන් ම මෙම දේවතා ශක්තින් තිස් තුන වෙන්කර හඳුනාගත යුතුය .

කුටීර මන්ත්‍රකෝශයට අනුව තිස් තුනක් වූ ශක්ති විභාගය මෙසේය .

1. උත්පාද ශක්ති 12 (ශෘෂ්ටි බල 12 )

උත්පාද ශක්තීන් යනු විශ්වය උත්පාදනය කරන නැතහොත් විශ්වය නිර්මාණයට හේතුවන ශක්තින් 12 යි .

1. විවස්වාන් – ආලෝකය හා සූර්ය ශක්තිය.

2. අරුණ – පළිඟු බලය හා විවරණ ශක්තිය

3. මිත‍්‍ර – සන්ධාන, බන්ධන ශක්තිය

4. වරුණ – ජල ශක්තිය, ආවරණය

5. අංශුමාන් – කිරණ ශක්තිය

6. භග – රසය හා භෝගශක්ති.

7. පුෂා – පෝෂණ ශක්තිය, වර්ධන ශක්ති.

8. සවිතෘ – නිර්මාණ ශක්තිය, සර්ජක බලය.

9. අංෂ – බෙදීමේ ශක්තිය.

10. දක්ෂ – කර්ම ශක්තිය

11. අදිතිය – මව් ශක්තිය, සර්ව උත්පාදයේ මූලිකත්වය.

12. විෂ්ණු – විස්තාර, නියාමක උත්පාද ශක්තිය.

2. පැවතීමේ ශක්ති 8

හෙළ පාරම්පරික දැණුමට අනුව විශ්වයේ අඛණ්ඩ පැවතීම සහ ක්‍රියාශීලීත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික ශක්ති “ස්ථායි ශක්ති” ලෙස හඳුන්වයි. පැවතීමේ ශක්ති අට ලෙස හඳුන්වන්නේ මෙම ස්ථායී ශක්ති අටයි

1. සන්චර ශක්තිය – චලනය, ගමනය, ප්‍රවාහය සඳහා වන ශක්තිය.

2. ස්ථායි ශක්තිය – අවකාශය තුළ ස්ථායී තත්වයන් තබා ගැනීමේ ශක්තිය.

3. සංවර්ධන ශක්තිය – වර්ධනය, පෝෂණය, විකාශනය කරවන්නා වූ ශක්තිය.

4. නිවෘත්තියකාරී ශක්තිය – සංසිඳීම, නිවීම, අවසන් සන්තුෂ්ටිය.

5. සංතෝෂ ශක්තිය – අභ්‍යන්තර සන්සුන්භාවය, සතුට, ක්‍රියාමය සන්තුෂ්ටිය.

6. ප්‍රතිරක්ෂණ ශක්තිය – අවාසියන්ගෙන් ආරක්ෂා වීමේ ශක්තිය. (ස්වභාවික ප්‍රතිරෝධය )

7. අනුරාග ශක්තිය – ප්‍රේමය, ආකර්ෂණය, ඒකාබද්ධතාවය.

8. අවභාස ශක්තිය – විහිදෙන ද්‍රව්‍යමය ආලෝකය සහ චිත්ත ආලෝකය. ( ප්‍රඥා )

මෙම පැවතීමේ ශක්ති 8 උපනිෂද්වල “අෂ්ටාංග ශක්ති” ලෙස ද විග්‍රහ කරන ලබයි .
සාර්ථක ජීව සංකල්පයකට මූලික අවශ්‍ය කාරණා අටක් මේ තුළින් විග්‍රහ වේ . විශ්වයේ ස්ථාවරබව පවත්වා ගැනීමටත් විශ්වය අඛණ්ඩව ක්‍රියාත්මක වීමටත් ඉවහල් වන ශක්ති පොදුවේ විග්‍රහ වෙයි .

වාසුකී ශක්තිය (ධරණිය)
ආදිති ශක්තිය (රවි)
චන්ද්‍රමා ශක්තිය (සන්ධානය)
විෂ්ණු ශක්තිය
යක්ෂශක්තිය
නාග ශක්තිය
වෘක්ශ ශක්තිය
කාල චක්‍ර ශක්තිය

3. ප්‍රජාපති ශක්තිය — 1

ප්‍රජාපති ශක්තිය යනු ජීවය සහ ආත්මය අතර බැඳීම ගොඩ නගනු ලබන ශක්තියයි – මෙය ප්‍රභව සංයෝග ශක්තිය ලෙසද විග්‍රහ කරනු ලබයි . ජීවයේ සජීවී ක්‍රියාවලිය ආරම්භ කරන ශක්තියකි.

4. ඉන්ද්‍ර ශක්තිය — 1

ඉන්ද්‍ර ශක්තිය යනු සියළුම ශක්ති මත පාලනයක් ඇතිකරන චේතනාධිපති ශක්තියකි. මෙහිදී හොඳින්ම අවබෝධ කරගත යුතු කරුණක් වනුයේ ඉන්ද්‍ර යනු දේවතා නමක් නොව චේතනාව අධිපතිකරණය කරන විශ්වමය බලයක් ලෙස යොදාගන්නා නාමයකි . නැතහොත් බලවත් චේතනාව හැඳින්වීමට භාවිත කරන නමකි .

5. විනාශ ශක්ති 11

විනාශ ශක්ති ලෙස හැඳින්වෙන්නේ විශ්වයේ පැවැත්මට අනවශ්‍ය, අවසන් වූ, පරිණාමයේ අවසන් අදියරට පැමිණුණු බලවතුන් නසා දැමීමේ ශක්තීන්ය .

උපනිෂද් ග්‍රන්ත්‍ර තුල විනාශ ශක්ති “සංහාර ශක්ති” ලෙසද හැඳින්වේ . විශ්වයේ සර්වවිධි ක්‍රම රැක ගැනීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ ශක්ති සමුච්චයකි .

1. අජේකපාද

සන්ධිස්ථාන විනාශ කිරීමේ ශක්තියයි . එක පාදයකින් සිටින රුද්‍ර ස්වරූපය තුළින් විද්‍යමාන කරන්නේ මෙයයි .මිනිසා ජීවිතයේ එක දිශාවකට පමණක් යන විට, අන්‍ය දිශා නොසලකා හැරීමෙන් ඇතිවන විනාශකාරී බව නිර්මාණය කරන්නේ මේ ශක්තිය තුළිනි .

2. අහිර්බුධ්නය

ජලය උපයෝගී කරගනිමින් විනාශය සිදුකිරීමේ ශක්තියි . නාග ශක්තිය තුළින් විදහා පාන්නේ මේ ශක්තියයි . කාලගුණික තත්වයන් හරහා ඇතිවන විනාශ මේ යටතට ගැනෙයි . කාල සර්ප දෝෂ සර්ප දෝෂ වැනි තත්ත්වයන් නිර්මාණය වන්නේද මේ විනාශකාරී ශක්තිය තුළිනි .

3. භව

ඇතිවීම හා විනාශය සමබරව පවත්වාගෙන යන ශක්තිය මෙයයි . විනාශය සිදු වන්නේ ජනනය හා භවය තුළින්මය. භවය අභිමානයෙන් පිරුණු විට විනාශය උදා වෙයි
ජීවිතයෙහි අතීත වැරදි උදෙසා අනාගතයෙහි විඳවීම නිර්මාණය කරනු ලබන්නේ මෙම ශක්තිය මගිනි .

4. ශ්‍රේෂ්ඨ

විශාල විනාශයක ආරම්භක ශක්තිය මෙයයි. අවි මඟින් විනාශය ව්‍යාප්ත කරන ශක්තිය ශ්‍රේෂ්ඨ ලෙස හදුන්වයි.
විරුද්ධ වාදී බව , යුධ ව්‍යාසන, දේශපාලන වාද විවාද ආදී වෛරය උපදවන උපන් ශක්තියකි.

5. පාශ්පති

සත්ත්වයන්ගේ නායකත්වය සහ ඒවායේ මරණය තීරණය කළ හැකි නැතහොත්
සත්ත්වයන්ගේ ජීවිතය පාලනය කරන ශක්තියකි . සත්ත්ව සංහාරය , ජීවිත ඝාතන, මස් පරි භෝජනය වැනි විනාශකාරී ක්‍රම හරහා සත්ව පරම්පරාවකට ඇති කරන බලපෑම් මේ ගණයට වැටේ .

6. භීමා

මනෝ භීතියෙන් උපදින විනාශ ශක්තියකි.
මිනිස්සුන්ට භීතිය ව්‍යාප්ත කරන නායකයන්ට පසුකාලීනව ඇතිකරන විනාශය නිර්මාණය කරනු ලබන්නේ මෙම ශක්තිය තුළිනි .
යුධ භූමියෙහි විනාශකාරී තත්ත්වයද මෙයට උදාහරණයකි .

7. උග්‍ර

අති දරුණු විනාශ ඇති කරන තත්ත්වයයි . ශක්තිය අධික වීම තුල ක්‍රියාත්මක වන විනාශයකි – යුද්ධ, විප්ලව, සමාජ ක්‍රම විනාශ වීම, මෙන්ම පරමාණුක පිපුරුම් වලදීද මේ ශක්තිය ඇතිවේ

8. මහාරුද‍්‍ර

විශ්ව සංහාරය සිදුකරන ප්‍රබලතම ශක්තිය මෙයයි . කාලය පවා කා දමන ශක්තියකි. – ජීවිතයේ සිදුවන ප්‍රබල විකෘතියකට හේතුවන්නේ ද මෙම ශක්තියයි . ජාතියක සිදුවන විනාශ මෙන්ම යුග මාරු නිර්මාණය වන්නේද මෙම ශක්තිය හරහාය .

9. හර

අවිද්‍යාව සහ අධර්මය නැසීමේ ශක්තිය මෙයයි . නායකයන්ගේ අස්ථාවරත්වය
, රජයක විනාශ වීම, බලතල අහිමිවීම මෙන්ම ස්වයං විනාශය ඇති වන්නේද මෙම ශක්තිය මුල්වීමෙනි .

10. කපාලී

මරණයෙන් පසු භාවය නැතහොත් භෞතික ශරීරය බිඳ දැමීමේ ක්‍රියාවලියට හේතුවන ශක්තියයි . ශරීරය සම්පූර්ණයෙන් විනාශ වී ඉතිරි වූ ශුද්ධියයි .

11. රුද‍්‍ර (Rudra)

අවසන් සංහාර ශක්තිය මෙයයි . “රුද්‍ර” කියන්නේ “රෝදනය” යන අර්ථයකි . විනාශය සහ ශුද්ධියත් එක්ව පවතින ශක්තියකි.
පූර්ව කර්ම විනාශ කිරීම, ජීවිතය පුරා අඛණ්ඩ ආදරය නැතිව පීඩා විදීම මෙන්ම කඳුළු හෙළන ශක්තියයි .

* කාල ගතිය අනුව විනාශය අනිවාර්ය. එය අහංකාරය, අධර්මය, අවිද්‍යාව, නැසීම සඳහා ක්‍රියාත්මක වේ. මෙය සනාතන ධර්මයක් වත් ධ්‍යාන වැඩීම් මගින් භෞතිකව ඇතිවන භීතිය ඉක්මවා යා හැකිය.

මෙම ශක්ති ක්‍රම අත්ම විකාශය සඳහා අවශ්‍ය සංහාරය ලෙසද සැලකේ. යම් යම් භවයෙහි ලාභය සඳහා දුර්ගති නසන්නට, මනෝපවිත්‍ර කරනයට, මෙම ශක්තිය අවශ්‍ය වේ . ජීවිතයට අවශ්‍ය විනාශයක් පවා සමහරවිට ශුභ සලකුණු වෙයි.

“කෝටය” යන ශක්ති බෙදීම තුළ ඇති ශක්ති 33 විවිධ ක්‍රියාවලීන් උදෙසා අවශ්‍ය බලශක්ති පදනම් වශයෙන් වෙන්වී ඇත.

“කෝටිය” යනු පසු කාලීනව ගණිත රීතිවලට අනුකූලව ව්‍යුහ ගත කරන ලද සංඛ්‍යාත්මක පදයකි. මෙය පුරාතන හෙළ විද්‍යාවන්ට අනුකූල නොවේ. ඒ නිසාම මූලික මන්ත්‍ර ශාස්ත්‍රය තුළ “කෝටයක්” යන වචනය විශ්වමය ශක්ති 33ක් උදෙසා පමණක් යොදාගෙන ඇත . ඒ තුළ දේවත්වයක් දක්නට නැත .

පැරණි වෙද දර්ශනය, හෙළ මනෝ විද්‍යාව සහ ආදි ගුරු පරම්පරාව අනුව “කෝටිය” යන්නට වඩා “කෝටය” යන්න නිවැරදි සංකල්පයි. “තිස්තුන් කෝටියක්” යන්න, සංඛ්‍යාත්මක වශයෙන් (330 million) යෙදෙයි. නමුත් පරමාත්මිය ශක්තිය පිළිබඳව ගැඹුරු අවබෝධය ඇති පුරාණ රසෘෂිවරුන් විසින් නිර්මාණය කල“කෝටය” යන්න නිවැරදි පදය වේ.

( මෙම ලිපියෙහි පූර්ණ කතෘ අයිතිය දීක්ෂා ගුරු කාංචන මනමේන්ද්‍ර සතුය . කතෘ නාමය වෙබ් අඩවිය නොමැතිව උපුටා පළ කිරීම් හෝ කොටස් උපුටා ගැනීම සපුරා තහනම්ය )

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!