තරු වළල්ල

ණය බරක් කර ගත යුතුද ?


මම බුලත් කොලය අතට ගත්තා.

මා ඉදිරියේ වු කුඩා බංකුවේ වාඩිවෙලා හිටියේ ඉහල පංතියකැයි සිතිය හැකි කාන්තාවක් .

ඇයගේ සමාජ පංතියට අනුවනම් මා නිමිත්ත තුළින් දකින තත්වයන් පරස්පරයැයි මට සිතුනත් නිමිත්ත නොවරදින බව මා දන්නා නිසා මා දකින දෙය පිලිබදව ඇයගෙන් විමසුවා..

මේ වෙලාවේ තමන්ගේ ජීවිතය හැම පැත්තෙන්ම හිරවෙලා නේද ?

ඇය මද වේලාවක් කල්පනා ක රපිලිතුරක් දුන්නා.

ඔව් මහත්තයෝ…

අතට එන මුදල් ඉතා විශාල ලෙස හානිවෙනවා නේද ?

එන සල්ලී වලට වෙන දෙයක් හිතා ගන්න බෑ.

මුදල් ගැටලූ මුල්කරගෙන මේ වෙලාවේ තමන්ගේ ජිවිතයේ හැම පැත්තක්ම හිරවෙලා තියෙන්නේ…

ඔව් මහත්තයෝ ලක්ෂ 800 ක ණයක් තියෙනවා . බැංකුවෙන් එක ඉක්මනට පියවන්න කියලා කියනවා.

ලක්ෂ අටසීයක්….. එච්චර මුදලක ණයක්…

මගේ බිස්නස් එකට ගත්ත ණයක්… අපි හිරවුණා.. ඒ නිසා ගෙවා ගන්න බැරිවුණා…

ඉන්පසු මම ඇහුවා දැන් මගෙන් වෙන්න ඔනේ මොකක් ද කියලා…. ඇය දුන්නු උත්තරයට ඔබත් පුදුම වේවි.

මහත්තයා මම කලින් වතාවකත් ආශ‍්‍රමයට ආවා . ගිය අවුරුද්දේ දවසක මහත්තයට මතක නැතුව ඇති..
මොකකටද ආවේ.. ?

ණයක් සම්භන්ධව නිමිත්තක් බලන්න.

මේ ණය මුදල ගැනමද ?

නෑ.. ලක්ෂ 400 ක ණයක් තිබ්බා . ඒක සම්භණ්ධව…

ඒකට මොකද වුනේ…

මහත්තයා පිලියමක් දුන්නා. මල්පොච්චියක් තියලා කරන විශ්ව පිලියමක්… ඒක කරා විතරයි මම මගේ විකිණෙන්නේ නැතිව තිබුණු ඉඩමක් විකුණුනා. මම ඒ මුදල බැංකුවට පියෙව්වා.

එතකොට මේ ණය මොකද්ද ?

මේකත් ව්‍යාපාරයට ගත්තු ණයක් …..

මම පිලියමක් දුන්නා. පැහැදිලි කිරීමකුත් එක්කම…

හැබැයි මතක තියා ගන්න. දෙවියන්ට මුදල් දෙන්න බැරි බව… මාර්ගයක් පෙන්නාවි… එහි ගමන් කල යුත්තේ තමන් බව තේරුම් ගන්න….

මේ සිදුවීම ගැන මම මෙතනින් එහාට විග‍්‍රහ නොකිරීම වඩා හොදයි.
……………………………………………………………………………………………………………

හැත්තෑ හතෙන් පස්සේ අපේ ආර්ථිකය විවෘත කිරීමත් සමගම අපේ හිත්තුල එතෙක් පැවතී හම්බකරගෙන නෑ යුතුයි කියන මතය යටගොස් ණය වලින් ජීවත්වීම කියන සංකල්පය අපේ හිත්වලට ඇතුල් වෙනවා. වර්ථමානය වෙන විට මෙය ගොඩක් සංකීර්ණ ඉවට පත්වෙලා ණය කාඞ් පත් අපේ ජීවිතයේ හැම අංගයක් තුළම අපව ණය කාරයන් ලෙස බැදතබලා. ටිකක් හිතන්න අපි කොතරම් ණය වෙනවද ?

ඉගෙන ගන්න බැංකු ණය

ලැප්ටොප් එකක් ෆෝන් එකක් ගන්න ණය

බයිසිකලය ගන්න ණය

විවාහ වෙන්න ණය

ගෙයක් හදන්න ණය

කාර් එකක් ගන්න ණය

විදෙස් ගත වෙන්න ණය

ව්‍යාපාරයක් කරන්න ණය

කේ‍්‍රඩිට් කාඩ් ණය

ආදී එකි නොකී හැමදේටම ණය…. ඉතිං අන්තිමට අවුරුදු පණහක් විතර වෙලා ජීවිතය දෙස හැරිලා බැලූවම අපි හැමදාම කරලා තියෙන්නේ ණය ගෙවපු එක විතරමයි. ඇයි එහෙම වෙන්නේ ….

මම මෙකට දකින ප‍්‍රධානම කාරණය තමයි ජීවිතයට සැලසුමක් නොමැති කම

අනෙක් කරුණ තමයි අනෙකා අභිබවා යෑමට දරණ උත්සහය..

මේ නිසාම අපි අපේ ජිවිතය මහා පිඩාවක් බවට පත්කර ගන්නවා.

මෙය හොදින් තේරුම් ගන්න. අපේ මට්ටම තුළ අපි ජීවත් වෙනවනම් මෙවන් ගැටලූ ඇති වෙන්නේ නෑ. සංකීර්ණ ගැටලූ වගේම අපි නොහිතන පුංචි පුංචි ගැටලූත් අපි වටා ගොඩ නැගෙනවා.

තමන්ගේ නිවස ටිකක් ලොකුවට ගොඩනගන්න බැංකු ණයක් ගත්තු ආයෝජනය කරන හැටි කියලා දෙන ආයතනයක පුද්ගලයෙක් කියපු කථාවක් මෙයට ලිවිය යුතු හොදම උදාහරණයයැයි මට හිතුණා.

මහත්තයෝ අපේ ගෙදර අය නාන්නේ සතියට එක දවසයි. ණය වලට පඩිය ඔක්කොම කැපෙන නිසා වියදම පුලූවන් තරම් කපා හැරලයි තියෙන්නේ……

දිනපතාම මෙවන් ප‍්‍රශ්ණ වලින් හෙම්බත්වෙලා ගැලවෙන්න මාර්ගයක් නැතිව ඉන්න මිනිසුන් ආශ‍්‍රමයට පැමිණෙනවා.

මට පුලූවන් විදියට ගැලවෙන්න මාර්ගයක් පෙන්වනවා. නමුත් මේ කලින් කියපු තත්වයන් ජිවීතයේ හුරුවක් බවට පත්කර ගත්තොත් මොන විදියටවත් මිදෙන්න අමාරුයි.

මොකද ඉන්පසු මිදීමේ මාර්ගයත් අප අපේ මෙවලමක් බවට පත්කර ගන්නට හිතන නිසයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close