Warning: Trying to access array offset on value of type bool in /home/vitsyste/TEMP/TEMP1/DFHEY/DLUURT/SDJKYE/rishiarana/wp-content/themes/h-code/single.php on line 86
පයිරා වාස්තු

ඇරෙන වේගයෙන් වැසෙන සුපිරි කඩ....

මේ ටිකේ අනාවැකි සත්‍යවෙනවා ටිකක් වෙනස් විදියකට….

නමුත් ඉන් සතුටු වෙන්න බෑ මොකද ඒ අනාවැකිම නොවෙයි .

දැණුම යෙදවීම තුළින් දකින දෙය.

ඒ තුළින් තවත් පිරිසක් පිඩා විදිනවා.

……………………………………………………………………….

වසරකට විතර කලින් ආශ‍්‍රමයට සමීපම ටවුමේ තියෙන සුපිරි වෙළද ගොඩනැගිල්ලේ කඩයක් කුළියට ගන්න බලාපොරොත්තුවක් ඇති අයෙක් එම ව්‍යාපාරික ස්ථානයේ වාස්තු බලා ගන්න ආශ‍්‍රමයට පැමිණියා….

ඒ වනවිට ඔහු වසර 10 විතර ඒ ආසන්නයේම තිබු ගොඩනැගිල්ලක පරිගණක උපාංග වෙළද සැලක් පවත්වාගෙන යමින් තිබුණා…

ඔහුට අවශ්‍ය වුනේ එය නගරයට වඩා පෙනෙන තැනක මෙය ඇරඹිම.

ඒ වගේම නව ස්ථානයේ කුලිය තරමක අඩු මට්ටමකත් පැවතියා …..

ඔහුගේ සැලසුම් කුමක් වුවත් මගේ නිර්දේශය වුයේ එම ස්ථානයට ව්‍යාපාරය රුගෙන නොයෙන ලෙසයි…

ඒම තිරණයට හේතුවුනේ එම ව්‍යාපාරික ස්ථානයේ කාර්ය සිද්ධි අගය ඉතා පහල මට්ටමකයි පැවතියේ.

එවන් අවස්ථාවකදි ව්‍යාපාරයක් පාඩු ලැබීම විතරක් නොවෙයි ණය ගොඩ වීම කිසිම විදියකින් පාලනය කරන්න බෑ…

එත් ඔහු එය පිලිගත්තේ නෑ. ඔහු වෙනත් තර්කයක් ඉදිරිපත් කලා…

මේ ගොඩනැගිල්ලට එන සතියේ නවින තාක්ෂණයේ යම් ආකාරයේ විනෝදාස්වාදක ශාලාවක් පැමිණෙනවා… ඔහුන් එක්ක අපි සාකච්ජාවක් පැවැත්තුවා. එක විශාල වැඩ පිලිවෙලක්… සෙනග විශාල ප‍්‍රමාණයක් ගොඩනැගිල්ලට පැමිණෙවි. මා හිතන්නේ නැ මෙතන ගැටලූවක් වෙයි කියලා….

මා මගේ තීරණය එලෙසින්ම යලිත් පැවසුවා….

ඔහු නික්ම ගියා.

දින කිහිපයකින් ඔහු සුපිරි ගොඩනැගිල්ලේ ඔහුගේ ව්‍යාපාරය ඇරඹුවා…

මාස කිහිපයකට පස්සේ අද මම දුටුවා ඔහුගේ කඩය එහි නැති බව…

ඒ ආසන්නයේ ඇති වෙනත් කඩයක හිමිකරුවෙක්ගෙන් මා ඒ ගැන විමසුවා…

කවුරුත් දන්නේ නෑ මහත්තයෝ වෙච්ච දෙයක්…

දවසට පස්හය දෙනෙක්ම එනව හොයාගෙන..

රටින් පැනලා කියලත් සමහරු කියනවා..

මිනිහා හැමතැනටම ණය වෙලා….

………………………………………………………………………..

ආ ඇත්තද ?

මා නිහඩව පිටව ආවා……

ව්‍යාපාරික ඇසයි වාස්තුයි කියන්නේ එකක් නොවෙයි දෙකක්…

මේක හැමෝම තේරුම් ගත යුතු දෙයක්….

දීක්ෂා ගුරු

වාස්තු උපදේෂක

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

error: Content is protected !!