විශ්ව පිළියම්

ඔබ හදාගත් රාමු ඔබවම විනාශ කර දමයි

ගොඩක් අය ප්‍රශ්ණයක් විසද ගන්න තෝරා ගන්නේ වැරදි මාර්ග..

හරි මාර්ගය වැටහෙන විට සියල්ල විනාශ වෙලා ඉවරයි…
මේක හොදම උදාහරණය…

දුර්යොදන්ට අමරණීයත්වය දෙන්න පාන්දරින් නාලා නිරුවතින් තමන් ඉදිරියට එන්න කියලා අම්මා කියනවා.

දුර්යෝදන් අම්මගේ කීම පිළිඅරන් නිරුවතින් පැමිණෙනවා.

ක්‍රිෂ්ණා දෙවියන් දුර්යොදන් ඉස්සරහට ඇවිත් කියනවා ඔබ නිරුවතින් අම්මා ගාවට යන එක වැරදියි කියලා

ඒ නිසා පොඩි රෙදි කෑල්ලකින් ඔහු ඔහුගේ ඉන වසා ගන්නවා
අම්මා ඇස් දෙක ඇරලා ශක්තිය දෙනවා . වහගෙන හිටපු ටිකට ඇර ඉතුරු සියල්ලටම ශක්තිය ලැබෙනවා .

හැබැයි විෂ්ණු මොකක්ද කරන්නේ ශක්තිය නොලබපු ඉන කුඩු කරලා දුර්යොදන්ව මරා දැමිය හැකි බව යුද්ධයේදි පාණ්ඩවයන්ට කියා දෙනවා.

ඉතිං අමරණීය වු දුර්යෝදන් මිය යනවා.

ප්‍රශ්න විසඳිය යුතු තැන්වලදී බොහෝ අය තමන්ම හදාගත් රාමු ඇතුලේ කටයුතු කරනවා . ඒ හරහා ම විනාසය ඔහුන් කරා ලගා කර ගන්නවා .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!