විශ්ව පිළියම්

මිලියන 450 වු මානසීක රෝගීන් අතරට ඔබත් අයත්ද ?

දැනට කර ඇති සමීක්ෂණයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 450 ආසන්න ප්‍රමාණයක් විවිධාකාරයේ මානසික රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳිති . මේවා අතරින් ප්‍රධානම තත්වය වන්නේ විශාදය හා මානසික අවපීඩනයයි . වර්තමාන ලංකාවේ තත්ත්වය දෙස බලන විට මෙම තත්ත්වය බහුල ලෙස වර්ධනය වෙමින් පවතින බව පෙනෙන කරුණක .

ළමා වයසේ සිට විශ්‍රාමික වයස් මට්ටම දක්වාම මෙම ගැටලුවට මැදිව සිටිති . ලංකාවේ දැනට පවතින විවිධාකාරයේ ආර්ථිකමය ගැටලු මුල්කර ගනිමින් මෙම මානසිකමය ගැටලුකාරී තත්ත්වයන්ට වර්ධනය වීමක් දැකගත හැකි වේ .

තවත් එක් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ වැඩිහිටි දෙමාපියන්ගෙන් 7-8% ප්‍රමාණයක් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙයි. මෙයට බොහෝවිට හේතු වී ඇත්තේ කාලයත් සමඟම දෙමාපියන් හුදකලාවීමයි . දරුවන් රැකියා සඳහා නිවෙස් වලින් ඉවත්වීම , දරුවන් විවාහවීමෙන් පසු දෙමාපියන් හුදකලා වීම හා දරුවන් පවුල් පිටින් විදෙස්ගත වීම වැනි තත්ත්වයන් හේතු කොට ගෙනය .

වර්තමානයේ පාසල් සිසුන් අතර පවතින මානසික ආතති ස්වභාවයේ වර්ධනය වීමට හේතු වී ඇත්තේ දෙමාපියන්ගේ ආර්ථික ගැටලු හා සමාජීය වශයෙන් ඇති පීඩාකාරී ස්වභාවයයි . එයට අමතරව පාසල් දරුවන් තුළ මෙම මානසික පීඩාකාරී තත්ත්වයන් වර්ධනය වීමට දුරකථන උදෙසා ඇබ්බැහිවීම් වැනි තත්ත්වයන්ද බොහෝ විට හේතු වේ.

අනිකුත් වයස් මට්ටම් වලදී මානසික ආර්ථික ස්වභාවය වර්ධනය වීමට හේතු වන ප්‍රධානම සාධකය තම ආදායම් මට්ටමයි. රටේ ආර්ථික බිඳ වැටීමත් සමගම මෙතෙක් තමන් අතට ලැබුණු වැටුපෙන් හෝ ආදායමෙන් මෙතෙක් ඉටු කරගත් මූලික අවශ්‍යතා සපුරා ගත නොහැකි වීම ආතතිය වර්ධනය වීමට හේතුවෙයි .

සෑම වයස් කාණ්ඩයක් තුළම පවතින මෙවැනි තත්ත්වයන් ඇතිවීමට සමාජීය ගැටලු හේතුවත් එවා වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ මෙම තත්ත්වයන් අවබෝධ කර නොගැනීමයි . තමා හෝ තමා අවට සිටින පුද්ගලයින්ට යම් මානසික ගැටලුවක් පවතිනම් එයට නිසි පිළියම් නොයෙදීම තුල එය තව තවත් වර්ධනය වීම සිදුවේ .

යම් නිදන්ගත , බෝ නොවන හෝ බෝ වන රෝගයකට ප්‍රතිකාර ගත යුතු බව දැන සිටියද යම් මානසික පීඩාකාරී තත්ත්වයන් තුළදී ඒ උදෙසා ප්‍රතිකාර හෝ උපදේශනය හරහා මනස සුවපත් කර ගතයුතු බව නොදැන සිටීම මූලිකම ගැටලුවකි.

මනසේ තියෙන පීඩාවකට ප්‍රතිකාරයක් කිරීම ලැජ්ජාවට කාරණාවක් නොවෙයි . ඒ වගේම තමන්ගේ දරුවන්ගේ හැම රෝගී තත්ත්වයක් ගැනම ගැඹුරින් හොයලා බලන දෙමව්පියන් දරුවන්ගේ මානසික පීඩාවන් ගැන සොයා නොබැලීමත් ලොකු ගැටලුවක්.. ඒ නිසා ඒ ගැන ටිකක් අවධානෙන් හොයා බලන්න….

මනස බිඳෙන්න නොදී රැකගන්න….

ආයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර
( Certified Life Coach ,
Hypnotherapist , NLP Coach )

error: Content is protected !!