විශ්ව පිළියම්

හිතේ තියෙන දේ කියන්න සුදුසු කෙනෙක් තෝරාගන්න ...

බොහෝ මානසික ගැටලු වැඩි වෙන්න හේතුව තමයි , තමන්ගෙ හිතේ ඇතිවෙන දේවල් කියාගන්න කෙනෙක් නැතිකම…. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න තෝරගන්න අය තුළ තියෙන ගැටලු… ඒ කියන්නේ පීඩාවෙන් ඉන්න කෙනෙක් තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්නේ ඒකට විසඳුමක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි , ඒ ටික එළියට දාගන්න ඕන නිසා…

හැබැයි බොහෝ වෙලාවට වෙන්නේ මේ කියන දේ හරහා තවත් ගැටලු වලට ඒ පුද්ගලයා මැදි වෙන එක….

ඒ කියන්නේ තමන්ගෙ හිත ඇතුලේ තෙරපෙන්නේ බොහෝ වෙලාවට පෞද්ගලික කාරණා… මේවා එළියට දැම්මට පස්සේ ඒක ඊට පස්සේ පාරා වළල්ලක් බවට පත්වෙනවා…

ඒ නිසා හිතේ තියෙන දේ කියන්න ගොඩක් වෙලාවට දන්න කියන අය පවුලේ අය හිතවත් අය තෝරා ගන්නවට වඩා වෘත්තිමය වශයෙන් අනුන්ගේ පීඩාවක්කට ඇහුම්කන් දීලා ඒකෙ රහස්‍යභාවය රැකගෙන විසදුමක් දෙන්න පුළුවන් කෙනෙක්ට ඒක කියන එකයි වඩා සුදුසු…

හිතේ තියෙන දේ හිර කරගෙන ඉන්න එපා .. එහෙත් ඒක කියන්න සුදුසු කෙනෙක් තෝරාගන්න …

ආයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර
( Certified Life Coach ,
Hypnotherapist , NLP Coach )

error: Content is protected !!