මෝහන ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබදව ඇති වැරදි මත

මෝහන ප්‍රතිකාරය පිළිබඳ බොහෝ වැරදි වැටහීම් මිනිසුන් තුල ඇත, එයට හේතු වී ඇත්තේ මෝහනය යන වචනය සම්බන්ධයෙන් බොහෝ මිත්‍යා මත සමාජගත කර පැවතීමයි . මෙම වැරදි මතයන් සමාජගත වීමට ප්‍රධාන කාරණා කිහිපයක් බලපානු ලබයි . ඉන් පළමුවැන්න වනුයේ චිත්‍රපට හා රූපවාහිනයේ කතා තුළ මෝහනය යනුවෙන් මවාගත් ක්‍රමවේදයක් භාවිතා කිරීම යි . දෙවනි තත්ත්වය වනුයේ සමාජය තුළ න් මෝහන ප්‍රතිකාර ලෙස සඳහන් කරමින් වෙනත් ප්‍රතිකාර ක්‍රම පවත්වාගෙන යෑමයි .
මෝහන ප්‍රතිකාර ක්‍රමවේදය තුළ පවතින වැරදි මත මොනවාද ?
* මෝහනය කිරීම භයානකයි
මෝහන ප්‍රතිකාර තුළදී ඖෂධ භාවිතාවක් සිදු නොවන බැවින් එහි අතුරු ආබාධ ඇතිවීමක් නැත . වෘත්තීමය මෝහනවේදියෙකු සිදු කරන මෝහනයක් ආරක්ෂිත ක්‍රමවේදයකි . එය කිසිදු ආකාරයකින් භයානක ක්‍රමවේදයක් නොවේ.
• කලින් මතකයක් ඉවත් වේ .
මෝහනය කිරීම හරහා තමන්ගේ පැරණි මතකයන් අමතක වී යා හැකි බවට සමහර මිනිසුන් තුළ මතයක් පවති. එය සම්පූර්ණයෙන්ම වැරදි සිතුවිල්ලකි . මෝහනය තුළදී මතකය මකා දැමීමක් සිදු නොවන අතර මනස තුළ ඇති අක්‍රමවත් සිතුවිලි නිසියාකාරයෙන් පෙළගැස්වීමක් පමණක් සිදු කරනු ලබයි . එබැවින් කිසිදු මතකයක ඉවත් වීමක් මෝහනය හරහා සිදු නොවේ . අපට පීඩා කරන සිතුවිල්ලක් ඉවත් කිරීම සිදු නොවන අතර ඉන්න ඇතිකරන පීඩාව නැවත නැවත මතුවීම නවතා දමනු ලබයි .
* මෝහනය කළ හැක්කේ දුර්වල මනසක් ඇති අය පමණි
මෝහනය පුද්ගලයෙකුගේ මනසේ ශක්තියට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවේ, ඒ උදෙසා බලපානු ලබන්නේ පුද්ගලයෙකුගේ අවධානය යොමු කිරීමට සහ පරිකල්පනය කිරීමට ඇති හැකියාවයි . නිසිලසින් අවධානය යොමු කරන සහ ලබා දෙන විධාන අනුව කටයුතු කළ හැකි ඕනෑම පුද්ගලයකුට මෝහනය කළ හැකිය. එසේම මෝහන සැසියකදී මාව මෝහනය කරන්න බැරිවුණා . මට නින්ද ගියා . වැනි දේ පවසන බොහෝ අය මෝහනයට ලක් වෙති
* මෝහනය මගින් මිනිසුන්ට රහස් හෙළි කළ හැකිය
මෝහනයේදී මිනිසුන්ට රහස් හෙළි කිරීමට බල කළ නොහැකි හතර හිතේ සඟවාගෙන සිටීමට අදහස් කරන දේ හෙළි කර ගත නොහැකි වේ .
• මෝහනය කිරීමෙන් මිනිසුන්ව වරදට පෙළඹිය හැකියි .
බොහෝ කාන්තාවන් තුළ මෝහනය සම්බන්ධයෙන් ඇති බියක් වනුයේ මෝහනය කොට අපයෝජන සිදු කර ගත හැකි බවය . එය හුදෙක්ම චිත්‍ර පට හා ජනප්‍රියත්වේ ලංක කර ගත් වැඩසටහන්වල දක්නට ලැබෙන්නක් මිස සත්‍ය තත්ත්වයක් නොවේ. මක්නිසාද එයාත් මෝහනයක් තුළදී සිහි මූර්ජා වීමකට ලක් වීමක් සිදු නොවීමයි .
• මෝහන ප්‍රතිකාර ක්ෂණික විසඳුම් ලබා දෙනවා ද ?
මෝහන ප්‍රතිකාරයක් තුළින් නියම ප්‍රතිඵල ලැබීමට මෝහන සැසියේ සිට සතියකට වඩා කාලයක් ගතවිය යුතුය .. කාලය ගතවීම වැඩිවන විට වඩා හොඳින් ප්‍රතිඵල ඇති කරනු ලබයි . සරල ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ද ලබාගත හැකි අවස්ථා පවතී .
ප්‍රායෝගික මෝහන චිකිත්සාව මනසේ ඇති වේදනාව සහ කාංසාව අඩු කිරීමට උපකාර වන චිකිත්සක මෙවලමකි .
දරුණු මානසික සෞඛ්‍ය ගැටලු, මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර ගැටලු හෝ මනෝ ව්‍යාධිය ඇති පුද්ගලයන් සඳහා මෝහන ප්‍රතිකාරය සුදුසු නොවේ . එසේවාත් යම් ඇබ්බැහිවීම් වලින් මිදීම උදෙසා තමන් තුළින්ම උත්සාහයක් දරන අයට මෝහන ප්‍රතිකාර භාවිතා කළ හැකිය .
වර්තමාන ලෝකය තුළ මෙතෙක් පැවති සාම්ප්‍රදායික මෝහන ක්‍රම වෙනුවට ඉතා දියුණු මෝහන ප්‍රතිකාර හඳුන්වා දී ඇති අතර එම ක්‍රමවේද පිළිබඳ පුහුණු වෘත්තිකයෙකු හරහා සිදු කරනු ලබන මෝහන ප්‍රතිකාර හරහා තම මනසේ පවතින පීඩාවන් ඉතා ඉක්මනින් විසඳාගත හැකි වේ .
ආයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර
( Certified Life Coach ,
Hypnotherapist , NLP Coach )

